රාජපක්ෂ ආණ්ඩුව සමයේ අයුධ සන්නද්ධව පැමිණි මැරයන් විසින් පානම මිනිසුන්ට පහර දී , ඔවුන්ගේ දෙපල ගිණිබත් කර සිය පාරම්පාරික භූමියෙන් පන්නා දැමුවේ රාජපක්ෂ සමයේ ය. ඉන්පසු පානම මිනිසුන් සහ මානව හිමිකම් සංවිධාන එක්ව එම ඉඩම් යළි ලබා ගැනීම සදහා මේ දක්වා අරගලයක යෙදෙමින් ‘යුක්තිය‘ ඉල්ලා සිටින්නේ සාමකාමී අන්දමිනි.

එහි එක් ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරි 8වනදා බලයට පත් ‘යහපාලන‘ ආණ්ඩුව 2015 පෙබරවාරි 11 කැබිනට් තීන්දුවකින් දැනුම් දෙන්නේ දැනට ගුවන් හමුදාව භාවිතා කරන ඉඩම් අක්කර 25ක් හැර, හමුදාව වාඩිලා සිටින පානම මිනිසුන්ගේ ඉඩම් නැවත ඔවුන්ට නිදහස් කරන ලෙසය.

නමුත් අදට දින 853ක් ගෙවුනත් ඒ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කර ගැනීමට ‘යහපාලන‘ ආණ්ඩුවට නොහැකි වී තිබේ. එබැවින් එම කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කිරීමටත්, තමන්ගේ ඉඩම් යලි ලබා දෙන ලෙස ඉල්ලමින් අත්සන් 20000ක් ද සමග අද(14) පානම මිනිසුන් කොළඹට පැමිණ ජනාධිපති කර්යාලයට අත්සන් බාර දුන්නේය.

ඒ කොටුව පොලීසියේ බාධා කිරීම් මධ්‍යයේය.

‘අපිට මෙහෙම සලකන එක ගැන අපිට ලැජ්ජයි, අපි කිලෝමීටර 400ක් දුර ගෙවාගෙන ආවා. අපිව හමුවෙන්න මෙතනට එන්න ජනාධිපති කාර්යාලයේ කවුරුත් නෑ. අපි 2015 ගම් ගානේ ගිහිල්ලා තමයි මේ යහපාලන ආණ්ඩුව පත් කලේ, මේ පොලීසිය ගැනත්, ආණ්ඩුව ගැනත් ලැජ්ජයි. තවමත් ඒයාලගේ කැබිනට් තීරණය ක්‍රියාත්මක කර ගන්න බැරි යහපාලනයක්‘ යැයි පානම්පත්තුව සුරැකීමේ සංවිධානයේ සභාපති පුංචිරාල සෝමසිරි ‘විකල්ප‘ වෙබ් අඩයිට කියා සිටියේ ය.

(ඒ පිළිබද වැඩිදුර විස්තර පසුවට, පහත පළවන්නේ අද පැවති අත්සන් බාරදීමේ ව්‍යාපාරයේ ඡායාරූප සටහනකි.)

Image @Vikalps @Maatram

සබැදි සටහන්

පානම ඉඩම් දයා ගමගේ කොල්ලකයි

‘අසවල් දේ අපට ලැබුණා යැයි අපිට ප‍්‍රීති වන්නට පුළුවන්ද?’ කාන්තා දිනය සහ ”පානම” කාන්තාවෝ!

‘‘ගොවි බිම් යුද්දෙන් පස්සෙත් යුද කදවුරු බවට පත් වෙන්න ගත්තා. මේක මහා කාලකන්නි තත්ත්වයක්.’’

පානම ඉඩම් අරගලය මුවහත් වෙයි | ප්‍රාදේශීය ලේකම් ඇතුලු පිරිසක් අධිකරණයට

[VIDEO]‘අපට කිසිම සහනයක් නැතිනම් අපිව මරලා, ගමම නැති කරලා ඉන්න ගෙවල් වලත් හොටල් ගහගන්න’
‘යහපාලනයේ කැබිනට් තීරණය විහිලුවක්ද?'(Photos)