යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධසාසන ඇමති විජේදාස රාජපක්ෂ විසින් ප්‍රකට මානව හිමිකම් නීතිඥයෙක් වන ලක්ෂාන් ඩයස් මහතා ඉල්ලක්කරමින් කියා සිටියේ ‘ලක්ෂාන් ඩයස් පැය 24ක් ඇතුලත සමාව ගතයුතුයි‘ යනුවෙනි. ඒ රූපවාහිණි නාලිකාවක සංවාද සභාවකදී නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

අධිකරණ ඇමතිවරයාගේ එම වෛරී ප්‍රකාශයට එරෙහිව ‘ජාතිවාදයට එරෙහි සාමූහිකය(CAR)‘ විසින් ඊයේ(21) කොළඹ, කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවයක් කැදවා තිබිණී. ‘ආගමික නිදහස, ප්‍රකාශණයේ නිදහස සහ සංහිදියාවට ඇමති විජේදාස රාජපක්ෂ එල්ලකළ ප්‍රහාරයට විරෝධය‘ නමින් එම විරෝධතාවය නම්කර තිබූ අතර විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියේය.

පහත පළවන්නේ එම විරෝධතාවයේ ඡායාරූප සහ භාවිතා කළ සටන් පාඨ කිහිපයකි.

නීති බාර – ඇමති කමත්
ඒ මදිවට – සාසනයත්
නොදන්නකම – උඩට ඇවිත්
තග දමනා – අම්බරුවෙක්

ඇමති කෙරුම – දන්නෙ නැද්ද
නැතිනම් මේ – උපන් හැටි ද
සහජීවනේ – වනසන්නට
මෙයාලාට – ඉඩ දෙනවද

මොකද්ද මේ – බලවේගේ
සන්හිඳියා – බලවේගේ
ජාතිවාදේ – ආගම්වාදේ
මුලිනුපුටන – බලවේගේ

එපා එපා – අපිට එපා
ආගම් අතර – ගැටුම් එපා
මිනී මරන – යුද්ධයකට
පාර අනේ – තනනු එපා

ජූජකයෝ – මැරයො වෙලා
ගිනි තියනවා – හනුමො වෙලා
ආණ්ඩුවේ – ලොකු ඇමතිල
හනුමන් ටික – ෆෝම් කරලා

මුසල්මානු – බෞද්ධයෝ
ක‍්‍රිස්තියානි – හින්දු වගේ
ආගම් අතර – තිබු සාමය
ගොන් ඇමතිලා – වැනසූවෝ

අපි කියනවා – ආණ්ඩුවට
එපාදෙන්න – වනසන්නට
සන්හිඳියා – වැනසූවොත්
වෙනවා අනේ – ගෙදර යන්න
මතක නැද්ද – රජා ගියා
බල ලොබේ – අකුලෝලා
වැනසුවොතින් – සන්හිඳියා
මෙයාලටත් – බඩුම තමා

ලක්ෂාන්ට – නීති තදයි
නාන සාර – යකා නටයි
කට්ටි පනින – නාන සාර
පොලිස්පතිගෙ – රෙදි ගලවයි

විජේදාස – නානසාර
කරනා වැඩ – හරි අසාර
ගිනි තියමින් – රට පුරාම
ත‍්‍රස්තවාදෙ – නවත්වමුද

මෙන්න බොලේ – හරිම වැඩක්
යහපාලන – තව පුවතක්
ඇත්ත බොරුව – පටලවාලා
ලක්ෂාන්ට – දාලා තගක්

සමාවට ද – ඔයා ආස
ලක්ෂාන්ට – බයයි නේද
රැුකියාවෙන් – නෙරපන්නට
තමුසේ කවුද – විජේදාස

අපිට ඕනෙ – සහජීවනෙ
රටට ඕනෙ – සහජීවනෙ
උන්ට ඕනෙ – වනසන්නනෙ
අපි රකිනා – සහජීවනෙ

ගහන මරන – ආගම් එපා
අන්තවාදෙ – ගෙනෙනු එපා
ගිනි තියලා – පිළිම කඩන
සන්හිඳියා – නසනු එපා