ඇත්ත, ඔස්ටින් මහතා කියන පරිදි, කැලිෆොර්නියා ප‍්‍රාන්ත ආණ්ඩුවේ නියාමකයෝ ග්ලයිෆොසේට් පිළිකා කාරක යැයි පසු ගිය සඳුදා නම් කෙළේය. එසේ කිරීමේ වරදක් නැත. ඇත්ත වශයෙන්ම, වඩාත් නිවැරදිව කිව යුතුව තිබුණේ, ‘‘බාගෙ විට පිළිකා කාරක’’ යනුවෙනි.

2015 දී ‘පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ආයතනය’ එය නම් කොට ඇත්තේ එසේ ය. පිළිකා කාරක මූල ධාතු වර්ගීකරණය තුළ 3 වැනි පංතියේ සිට එම ආයතනයඑය 2-ඒ පංතියට වෙනස් කොට තිබුණි. කෙසේ වෙතත් මතක තබා ගත යුතු දෙයක් තිබේ. එනම්, සමහර විටකැනඩාවේදී දිනපතාම පාහේ ඔබ ආහාරයට ගන්නා හැම්, බේකන් සහ කෘත‍්‍රීමව පිළ ියෙල කළ මස් වර්ග මෙන්ම, ටොරොන්ටෝ නගරයේ ඔබ ආශ්වාස කරන ගැලූම් ගණන් වාහන විස දුම්, ඉහත කී වර්ගීකරණය අනුව අයත්වන්නේ 1 වැනි පංතියට බවයි. එසේ වෙතත් ඉහත සඳහන් ආකාරයේ ලේබලයක් ඒවාට ඇලවෙන්නේ නැත. එසේම ඔබ පාවිච්චි කරන ජංගම දුරකථනය සහ රාත‍්‍රී සේවා මුරයේ යෙදීමත් පිළිකා කාරක විය හැකි බව මතක තබා ගන්න.

එසේම, ‘පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ආයතනය’ ග්ලයිෆොසේට් සම්බන්ධයන් වන ස්වකීය විනිශ්චය දීමෙන් පසු ඊළඟ වසරේ දී, ඒ හා සමානම බලාධිකාරී ආයතනයක් වන ‘ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය’ සහ ‘ලෝක සෞඛ්‍ය සංවිධානය’ ඒකාබද්ධව, කෘමිනාශක ශේෂ පිළිබඳව පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවේදී ප‍්‍රකාශයට පත්කළ පරිදි, ග්ලයිෆොසේට් පිළිකා කාරක බවට හෝ ජාන-විෂ කාරක බවට සාක්ෂි නැති බව ප‍්‍රකාශ කළ බවත් අමතක නොකළ යුතුය. එසේම, ඉහත කී ‘පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ආයතනය’ සිය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු, ග්ලයිෆොසේට් භාවිතය සඳහා වන බලපත‍්‍ර දීර්ඝ කිරීම ගැන යුරෝපයේ විවිධ සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයන් සිය කණස්සල්ල පළ කළ අතර, අනිත් පැත්තෙන්, එම වාර්තාවේ ප‍්‍රතිඵලයක්ව ශයෙන් ඇති විය හැකි ග්ලයිෆොසේට් තහනමකට එරෙහිව දසලක්ෂ ගණන් ගොවියො විරෝධය පෑහ. කෙසේ වෙතත්, දීර්ඝ සාකච්ඡා සහ සංවාදවලින් අනතුරුව, ග්ලයිෆොසේට් භාවිත කිරීම, නිෂ්පාදනය කිරීම සහ අලෙවිකරණය සඳහා වන අවසරය තව අවුරුදු අටකින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය මෑතකදී පියවර ගත්තේය. එංගලන්තයේ ‘රාජකීය සංගමය’ වැනි විවිධ ජාත්‍යන්තර විද්‍යාත්මක ආයතන සහ නොබෙල් ත්‍යාගලාභී විසි දෙනෙකු පමණ ග්ලයිෆොසේට් භාවිතය ආරක්ෂාකාරී බවට සහතික කොට තිබේ. වඩාත් මෑතකදී ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය වැනි රටවල් කෘෂිකර්මය සඳහා ග්ලයිෆොසේට් භාවිතය ආරක්ෂාකාරී බවට නිගමනය කොට ඇත.

කෙසේ වෙතත්, බහුලව සහ නිරන්තරයෙන් භාවිත කිරීමේදී යම් ආකාරයක අවදානමක් බලාපොරොත්තු විය යුතුව තිබේ. උදාහරණයක් වශයෙන් ජානමය වශයෙන් වෙනසකට ලක්කළ සෝයා සහ ඉරිඟු වැනි වගාවන්ට ග්ලයිෆොසේට් සෘජුව ගසනු ලැබේ. එසේම එක කන්නයකදී තුන් හතර වතාවක් ගසනු ලැබේ. එයින් අඩු වශයෙන් දෙවතාවක්වත් ගසනු ලබන්නේ, සෘජුවමයි. එසේ කරන්නේ, වල් පැළ විනාශ කිරීමටත්, ඒකාකාර පැසීමකුත් සඳහා ය. එවැනි අවස්ථාවක කෘමිනාශකය ආහාරය තුළට කාවැදීමට ඇති ඉඩකඩ වැඩියි. යුරෝපීයයන්ගෙන් සියයට 40 ක් වන ජනතාවකගේ මූත‍්‍ර තුළ ග්ලයිෆොසේට් මංඩි ඇති බවට සොයාගෙන තිබේ. මෝල ්ටාවේ ජනතාව සම්බන්ධයෙන් ගත් විට මේ ප‍්‍රතිශතය සියයට 90 කි. මේ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයන කිහිපයක්, ග්ලයිෆොසේට් සහ නොන් හොජ්කින් ලිම්ෆෝමා නැමැති පිළිකා රෝගය අතර සම්බන්ධයක් තිබිය හැකි බවට යෝජනා කොට ඇතැයි කියැවේ. කෙසේ වෙතත්, සම්බන්ධය සහ හේතුකාරකය නිතරම සහසම්බන්ධී නැත. කිසි කෘමිනාශකයක්, කිසි බෙහෙතක් මුළුමණින් ආරක්ෂාකාරී නැත.

මෙහිදී අදාළ ප‍්‍රශ්නය පවතින්නේ, ග්ලයිෆොසේට් භාවිත කරන ප‍්‍රමාණයේත්, භාවිත කරන ආකාරයේත් ය. විශේෂයෙන් තුන්වැනි ලෝකයේ රටවල ගොවියන්ට කියා දිය යුත්තේ නිසි පදමට සහ පරිස්සම්කාරීව මේවා භාවිත කළ යුතු බවයි. ඒ අරුතින් ගත් විට, ‘වෙස්වලා ගත් ආශීර්වාදයක්’ යන්න මේවායේ ඇලවිය හැකි අවවාදයකි. ග්ලයිෆොසේට්වල ප‍්‍රතිලාභ, එහි අඩංගු අවදානමට වඩා වැඩි බව අවිවාදිත ය. වැදගත් වන්නේ එයයි. සුළු පරිමාණ සහ මහ පරිමාණ කෘෂිකර්මයේ යෙදෙන අපේ ගොවියන් මෙය තහනම් කිරීම නිසා බලවත් පීඩාවට පත්ව ඇත. ඊටත් වඩා, ශ‍්‍රී ලංකාවේ ග්ලයිෆොසේට් තහනම් කොට ඇත්තේ පිළිකා අවදානමක් නිසා නොව, වකුගඩු රෝගයට එය හේතුවකැයි යන වැරදි විශ්වාසයක් නිසා ය.

එසේම මතක තබා ගත යුතු තවත් කාරණයක් තිබේ. එනම්, ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ විද්‍යාඥයන්ගෙන්බ හුතරය මේ තහනමට එකඟ නැති බවයි. හේතුව, එය විද්‍යාත්මක සාක්ෂි සහ තර්ක මත පදනම්ව නොතිබීමයි. ලංකාවේ විද්‍යාඥ පරාසය තුළ දෙපාර්ශ්වයේම අන්තවාදියෝ සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙකුට තමන්ගේම වන පුද්ගල අවශ්‍යතාවන් ද මේ අස්සේ තිබිය හැකිය. එහෙත් බහුතරයක් විද්‍යාඥයන්ගේ අවශ්‍යතාව වන්නේ දුප්පත් ගොවියාගේ සුභසිද්ධිය සැලසීමයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශ‍්‍රාමික වෘත්තිකයන්ගේ සංවිධානය මීට මාස කිහිපයකට කලින් භාෂා තුනේම පුවත්පත්වල සම්පූර්ණ පිටුවක නිවේදනයක් නිකුත් කෙළේය. වෙනත් කරුණුවලට අමතරව, ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්නැයි ඒ මගින් ඔවුන් ඉල්ලා සිටි බව ඔබ සමහර විට නොදන්නවා ඇති.

ලංකාවේ අප මුහුණදෙන ප‍්‍රශ්නය වන්නේ විද්‍යාත්මක තීන්දු ගනු ලබන්නේ අවිද්‍යාත්මක දේශපාලඥයන් විසින් වීමයි. 28 වැනි දා ‘අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ ඔබගේ ලිපිය ගැන සළකන විට, එවැනි දේශපාලඥයන් විසින් ඔබට ‘වසවිස නැති ගොවි’ ව්‍යාපෘතියේ උපදේශක තනතුරක් පිළිගැන්වීමටත් බැරි නැත. එසේ වෙතොත්, ඔබ ආපසු ඔබේ මව්රටට යාමට කැමති ද? එසේ නම් ඔබට ඉතා හොඳ ජීවිතයක් එහි ගත කිරීමට හැකි වනු ඇත. මන්ද යත්, ඒ තරමට දිනපතා යම් විනෝදාංශයක් එහිදී සැපයෙන බැවිනි.

2017 ජුනි 29 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “California to List Glyphosate as Cancer Causing”- A Response
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි