Image:VIKALPA

පසුගියදා, මම කාර්යාල අවශ්‍යතාවක් වෙනුවෙන් මන්නාරම බලා ගියෙමි. එම ගමන යෙදී තිබුනේ මුස්ලිම් මවුලවිවරුන් වෙත වන අභියෝග හදුනාගැනීම සදහා වැඩමුළුවක් පැවැත්වීම අරමුණුවය. වැඩමුළුවේ සම්පත් දායකත්වය ගැටුම් නිරාකරණය පිළිබද අචාර්ය උපාධියෙන් පරියාප්ත පුද්ගලයකු තුළින් ලබාගන්නා ලදී. ඔහු මගෙන් අධ්‍යන රුචිකත්වයන් විචාරා, අරුණි දෙමළ නෙමෙයි නම් ඇයි පොට්ටුවක් තියන්නේ යැයි අසීය. “පොට්ටුව මගේ වන්නි ආදරයේ සංකේතයක්. එය නිරන්තරයෙන් මම සදාකාලිකව ආදරය කරණ වන්නි ජනයා, මට කිට්ටුයි. මම නිදහස් කොටි හදුනා ගන්නේ, මිලිටරි සංවිධානයක් ලෙස. ඔවුන් ද දකුණේ ආණ්ඩුව වගේම බලය යොදා දෙමළ සහ දෙමළ නොවන ජනයා පීඩනයට ලක් කලා. එත්, එවැනි මිලිටරි සංවිධානයක් යුධ බලයෙන් මඩින්න කිසිම ආණ්ඩුවකට බලයක් නෑ. කොටි වුනත් ජිවිත. එවැනි ජිවිත හමුදාවේ මිලිටරි බලයෙන් විනාශ කරන්න අයිතියක් නෑ. ඒවගේම, යටත් වෙන ලෙස බලකර, පසුව අතුරුදහන් කරන්න අයිතියක් කිසිම බල අධිකාරි ආයතනයක් වෙත කොහෙත්ම නෑ”. ආචාර්ය උපාධි හිමියා පැවසුවේ. “LTTE යනු ත්‍රස්‌තවාදී සංවිධානයක් බවත්, එවැනි සංවිධානයක් සමග වන ගනුදෙනු යුද්ධයක් තුලින් පමණක් සිදුකළ යුතු බවත්ය”. අපි යමින් සිටියේ සාමය ගොඩ නැංවීම පිළිබද වැඩමුලුවකටයි. එහි සම්පත් දායකයා තරයේ විශ්වාස කරනුයේ යුද්ධය හැර මාවතක්, ජාතික ගැටලුව විසදීම සදහා නොවූ බවය. ඔහුගේ තර්කයේ ඇත්තේ, මිනිසුන් මැරීම හැර වෙනත් විකල්ප විසම්මුතිකයක් ගැටළු විසදීමට යොදා ගත නොහැකි බවය. අහෝ!!! මෙවැනි මිනිසුන් සමග කුමන සාමය ගොඩනැංවීම් ද?

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලයේදී, සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් දෙවියන් වෙත කන්නලව් කරමින්, බෝදී පුජා පවත්වන සුසුමාදර්ශනයේ සිට, නිදහස් කොටි සමග එකගතාවන් රාජතාන්ත්‍රිකව ගමන් කරණ තත්වයක් ඇති වී තිබුණි. විසදුම ලෙස බලය බෙදා හැරීම සංකල්ප ගත කරමින් විශාල සාහිත්‍යක් ප්‍රකාශිත විය. එසේම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් නේවාසික වැඩමුළු සිවිල් සාමාජය සංවිධාන විසින් කරණ ලදී. ගීත, රුපවාහිනි රචනා විශාල ලෙස යුද්ධයේ මිලේච්ඡත්වය පෙන්වා දෙමින් විකාශනය විය. සාමය යුද්ධයෙන් තොරව ඇතිවිය යුතු ප්‍රපංචයක් බවත්, සාමය ලගා කරගැනීමට යුධයෙන් නොහැකි බවත් දේශපාලනිකව පිළිගන්නා ලදී.

එහෙත් 2009 මැයි 18න් පසු සාමය පිළිබද වූ මේකි දේශපාලනික කියවීම වෙනස් විය. 2009 සිට අද දක්වාම, නිදහස් කොටි හමුදා බලයෙන් පරාජය කිරීමෙන් පසු, සාමය ලගා කරගැනීම ඉතාම සුදුසු මාර්ගය බව, තිරසාර සාමය ගොඩනැන්වීම වෙනුවෙන් වැඩමුළු පවත්වා ජිවත් වන සම්පත් දායකයින් ද පිළිගනු ලබයි.

නිදහස් කොටි, ත්‍රස්තවාදීන් නොවේ යැයි ප්‍රකාශකිරීම ඉවසාගත නොහැකි පුද්ගලයන් සමග, තවදුරටත් තිරසාර සාමය වෙනුවෙන් සංවාදයක්වත් පැවත් විය හැකිද? යන ගැටලුව පිළිබද සාකච්ඡා කිරීමට මා, පිරිමි මිතුරෙක් මුණ ගැසීමට විහාරමාහා දේවී උද්‍යානයවෙත ගියෙමි.

සිවිල් ආරක්ෂක අංශයේ පුද්ගලයකු අප දෙදෙනා වෙත පැමිණුනි. “couples වලට 6න් පසුව parkඑකේ ඉන්න බෑ” යැයි හෙතම මුර ගෑවේය. “කවුද couples කියන්නේ” යැයි මගේ අතිජාත මිතුරා ඇසු පැනයට සිවිල් ආරක්ෂක ශ්‍රමිකයාගේ පිළිතුර වුයේ, couple එකක් කියන්නේ ගැනියෙක් සහ පිරිමියෙක්ටය. ගෑනියෙක් සහ පිරිමියෙක්ට හවස හයෙන් පසුව මෙතන සිටීම තහනම්” . මගේ සගයා ඇසුවේ මෙතන සමජාතීය ලිංගිකයන් දෙදෙනකුට සිටීමට අවසර වේ ද? එවිට ආරක්ෂක ශ්‍රමිකයා, ඔව් එක ගැටලුවක් නොවන බව පැවසිය. මා ගෙනා යෝජනාව වුයේ, හොදයි එක බන්කුවෙ නේ විෂම ලිංගිකයන් දෙදෙනෙකුට සිටීමට නොහැකි. එහෙනම්, මගේ මිතුරා එක බැංකුවකත්, මා අනෙක් බැංකුවෙත් සිට හඬ නගා කතා කරන්නම්”. එවිට ගැහැනියකට තනිව park එකේ සිටීමට ඉඩ දිය නොහැකියි K.G.S. කුමාර-11136, M.D.A.පිරිස්- 80149 සහ A.M. පුෂ්පකුමාර-90429 එක හඬින් පැවසීය. අවසානයේ නිදහස් කොටින් ගේ අරගලය සම්බන්ධ සහමන්ත්‍රයට තිත තබා ස්ත්‍රී අයිතීන් සහ පුරවැසි අයිතීන් වෙන්වෙන් සිවිල් ආරක්ෂකයාන් සමග පෙරලිකිරීමට සිදු විය.

ගෙවුණු සති අන්තයේ වීවෘත විශ්ව විද්‍යාලයේ ආරාධිත දේශනයක් කිරීම සදහා මම මාතර ගියෙමි. මගේ දේශනය සමාජ සුසංවාදය (Social Harmony) අරභයා විය. මම දේශන ඇරඹුවේ, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, තමාට සහ තම වාර්ගිකත්වයට වන හතුරා කවුරුදැයි ලියන ලෙස ඉල්ලා සිටිමිනි. පුද්ගල චර්යාවන්, දේශපාලකයන්, විවිධ ප්‍රතිපත්ති මුලිකවම තමාට සහ තම ජාතියට වන හතුරන් ලෙස ඔවුන් හදුනා දී තිබුණි. මෙම ව්‍යයයාමයම මා වෙනත් විශ්ව විද්‍යාලයක සිදුකළ විට, බහුතරය තම වාර්ගික අනෙකාව තමාගේ සහ තම වාර්ගිකත්වයට වන හතුරා ලෙස ප්‍රකාශ කරණ ලදී. එකී ශිෂ්‍ය- ශිෂ්‍යා බහුතරයගේ පුර්ව නිශ්චිත නිගමනය නම්, තම වාර්ගික අනෙකා සංඛ්‍යාත්මකව වර්ධනය වීම තමා අයත් වාර්ගික ප්‍රජාව ගේ පැවැත්මට තර්ජනයක් වන බවය. එසේම තම වාර්ගික අනෙකාගේ වර්තමාන හැසිරීම පෙන්වා දෙමින් ඔවුන් තවදුරටත් ප්‍රසිද්ධ කලේ, එකී වාර්ගික අනෙකාගේ සංස්කෘතියේ වන අවපිඩකතාවන්ගේ වින්දිතයන් බවට තමාගේ වාර්ගික ප්‍රජාව අනාගතෙය්දී පත්විය හැකි බවය.

අනාගතය පරිකල්පනය කරමින් මේකි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ මේ මොහොතේ හැසිරීම මෙරට තිරසාර සාමය සමස්ථ ජනයාගේ ජයග්‍රහණයක් ලෙස ගොඩනැඟීමට වන ශක්‍යතාවන් ප්‍රශ්න කරනු ලැබේ.

ස්ත්‍රී නියෝජනය පළාත් පාලන ආයතන තුල 25%ක් ලෙස අනිවාර්ය කිරීම උදේසා වන සාකච්ඡාවක් පසුගිය ජුලි 27 වැනිදා ලක්ෂමන් කදිරගාමර් ආයතනයේ පැවතුනි. එහිදී බ්‍රිතාන්‍ය, ස්කොට්ලන්ත සහ ශ්‍රී ලංකා දේශපාලන ප්‍රත්‍යක්ෂන බෙදා ගනු ලැබුණි. එහිදී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නියෝජිතවරිය පෙන්වාදෙනු ලැබුවේ, 50:50 යෝජනාවක් මගින් ස්ත්‍රී සහ පුරුෂ නියෝජනය දේශපාලන ආයතන වෙනුවෙන් වන ප්‍රත්පත්ති තම පක්ෂයේ ද දායකත්වය මගින් ක්‍රියාවට නංවන බවය. මා ඇයට යොමු කළ ගැටලුව වුයේ, පුරුෂාධිපත්‍යය ගොඩනැගී ඇති වෘත්තීය සමිති ව්‍යාපාරයක් ඇති ශ්‍රී ලංකාව වැනි රාජ්‍යක් තුල, තරුණ ස්ත්‍රී දේශපාලන නායකත්වය සකස්කිරීම උදෙසා කුමක් කළ යුතුද? එහිදී ඇය අධ්‍යාපන භාවිතාව පිළිබද අවධානය යොමුකරන ලදී. එහෙත් ලංකාවේ නිදහස් අධ්‍යාපනය ද පුරුෂාධිපත්‍ය සහ දැනුම තමා හැර වෙනකෙකු සතු නෙවේ යැයි තරයේ අදහන ස්ත්‍රීන්ගේ, පිඩක උපකරණයක් වනවිට කුමක් කරමුද? එසේම එදා මට, සමුළුවට සහභාගී වූ අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු සමස්ත දේශපාලන ආයතනයන් වෙත කුමන හෝ මැතිවරණයකින් පත්ව සිටින මහජන නියෝජිතයන්ගෙන් ඇසිය යුතුම කරුණක් විය. එනම් ස්ත්‍රීන් වෙනුවෙන් දේශපාලන නියෝජනයක් සකස් කළ යුතුයි යන පදනම්න් යුත් ඔබ සැබෑ ලේසම ස්ත්‍රීන් නියෝජනය කරනු ලබන්නේද? ඔබ කි දෙනෙකු අතුරුදහන්වූ තම ආදරණියන් වෙනුවෙන් වන ස්ත්‍රීන්ගේ අරගලය ජාතික තලයේ දේශපාලනයේදී සාකච්ඡා කරණු ලැබුවේද?

මා පසුගිය සති දෙක තුලදී ශ්‍රී ලංකාව තුල දී ලත් ආනුබාවයන් අනුව, හදුනා ගත් කරුණක් විය.එනම් ශ්‍රී ලංකාව සාමය ගොඩනැංවීම එක් දින හෝ එයට වැඩි වැඩමුළු වෙත පමණක් සිමා කරගනිමින් තිරසාර සාමයක් ස්භාවිකව ගොඩ නැගේ යන මිත්‍යාවෙන් සමාජය වැසි පවතින බවය. සාමය ආරම්භවනුයේ දෛනික ජීවිතය නිදහසේ පවත්වාගෙන යාමේ පරිසරයක් ඇතිකිරීමෙන් බවත්, සංහිදියාව තම එදිනෙදා ජිවිතයේ කොටසක් බවත් සාක්ෂාත් කරන්නා තුරු සාමය – වැඩමුළු සදහා විෂයක් පමණි.

අරුණි සමරකෝන් | Aruni Samarakoon