සිංහල, Colombo, Democracy, Governance, Human Rights

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය – කොළඹ නගරයේ සිදුවීම් තුනක්….!


ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදුන අද දින ( දෙසැම්බර් 10) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ගමන් කිරීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනක් පොලීසිය විසින් නවතනු ලැබුවා.

සබරගමුව විශ්ව විද්‍යාලයේ උද්ගත වී ඇති තත්වයන්ට හා පොදුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මුහුණපා සිටින තත්වයන්ට පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලා පැවැත්වූ මෙම පාගමනට කොළඹ පුරහල මංසන්දියේදී පොලීසිය විසින් මාර්ග බාධක යොදා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන අයුරු ඉහත විඩියෝ පටයෙන් දැක්වේ.




ලංකාව තුළ අද ක්‍රියාත්මක වෙමින් පවතින මාධ්‍ය මර්ධනයට එරෙහිව විරෝධතා පාගමනක් මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අලලා සංවිධානය කර තිබුණා.

කොළඹ නාරාහේන්පිට මංසන්ධියේ සිට පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශය දක්වා පැවැති මෙම පාගමනේදී මාධ්‍ය මර්ධනය නතර කරන ලෙස ඉල්ලා සංදේශයක්ද අමාත්‍යාංශයේ ලේකම් ඒ. දිසානායක මහතා වෙත භාරදෙනු ලැබුවා. එම විරෝධතාවයේ දර්ශන හා එහිදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සුනන්ද දේශප්‍රිය මහතා දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පට ඉහතින් දැක්වේ.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරා සාම පාගමනක් හා උද්ඝෝෂණයක් අද ( දෙසැම්බර් 10) කොළඹ ස්ථාන දෙකකදී පවත්වනු ලැබුවා. ජාතික සාම මණ්ඩලය මගින් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී සාම රැළියක් පැවැත්වූ අතර ජීවිතය උදෙසා සංධානය මගින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරනු ලැබුවා. සාම මණ්ඩලය මගින් පැවැත්වු සාම රැළියේ අවස්ථා ඇතුළත් විඩියෝ පටය ඉහතින් දැක්වේ.