Image BY: tamilguardian.com

අතුරුදහන්කරන ලද තම ආදරණියන් පිළිබද තොරතුරක් ඉල්ලා දවස් 200 ක්ද ඉක්මවා අඛන්ඩ උපවාසයක නිරතව සිටි දෙමළ මව්වරුන් අතරින් (5)පස්දෙනක්, ම සිය ආදරණීයන් පිළිබද කිසිදු තොරතුරක් නොලබාම මියගොස් ඇති බව යුරෝපා සංගමය ට්විටර්(Twitter) පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියි.

GSP+ හෙවත් වරණීය බදු සහනය නැවත ලබා දීමෙන් අනතුරුව ලංකාව අත් කරගෙන ඇති ප්‍රගතිය සොයා බැලීම සදහා යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගිය 7දා ලංකාවට පැමිණි අවස්ථාවේ දී අතුරුදන් වූ සමීපතමයින් සොයා දෙන ලෙස ඉල්ලමින් උපවාසයේ යෙදෙන කිලිනොච්චි මව්වරු මුණගැසුනු අවස්ථාවක මේ පිළිබද හෙළිදරව් වී තිබේ.

කෙසේ නමුත් මේ වන විට කිලිනොච්චි, මුලතිව්, වව්නියා සහ ත්‍රීකුණාමලය ඇතුලු ප්‍රදේශ ගණනාවක අතුරුදන්වූවන්ගේ ඥාතීන් සිය ආදරණියන් පිලිබද තොරතුරක් ලබා දෙන ලෙස බලකරිමින් දින 200ක්, 200කට වැඩි ගණනක් මහමග උපවාසයේ යෙදී සිටියි. නමුත් ඔවුන්ට මේ වන විටත් කිසිදු නිශ්චිත පිළිතුරක් ලබා දීමට බළධාරීන්ට නොහැකි වී තිබේ.

එසේම, යුද්ධය අවසන් කාලයේ විශේෂයෙන් 2009 මැයි 17/18 දිනවල රජයෙ හමුදාවට බාරඋනු සහ බාර දුන් ඔවුන්ගේ සමීපතමයන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙස පසුගිය දා යාපනයේ සංචාරයක යෙදුනු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඔවුන් ඉල්ලා තිබූ බවත් ඒ සදහා ජනාධිපතිවරයා එකග වූ බවත් අතුරුදන් වූවන්ගේ ඥාතීන් පවසයි.

නමුත් මේ වන තෙක් ජනාධිපතිවරයා දුන් ඒ පොරොන්දුවද ඉටු කිරීමට අපොහොසත්ව ඇති බව ඔවුන් පවසන්නේ දැඩි වේදනාවකිනි.

‘හමුදාවට බාරවුන අපේ අයගේ තොරතුරු දෙනවා කියලා ජනාධිපති කිව්වා, නමුත් ඒ පොරොන්දු කිසිවක් ජානාධිපතිතුමා ඉටු කරලා නෑ‘ – උ/නැ මව්වරු

‘ඔවුන්ගේ ආදරණියන්ගේ ඉරණම ගැන වහාම රජය ඔවුන්ට දැනුම්දිය යුතුයි‘ යුරෝපා සංගමය තවදුරටත් සටහන් කරයි.

[‘காணாமலாக்கப்பட்டவர்களின் உறவுகள் மேற்கொண்டுவரும் போராட்டத்துக்கு இன்றுடன் 200 நாட்கள்‘ (වැස්සෙත්, අවුවෙත් උපාවාසය කරමින් ඉන්න අපේ අම්මලා 5 දෙනෙක් මේ වෙනකොට අපිට අහිමිවෙලා‘‘ BY MAATRAM]

සැබැදි සටහන්

අතුරුදහන් කිරීම් නැවත සිදු නොවන්නට නම්, ඔවුන්ට ‘යුක්තිය’ ඉටුකළ යුතුමය!

හොරකම් කළ ආත්ම