කොන්ග‍්‍රසය ට්විටර් ප‍්‍රචාරණය එක්සත් ජනපද මැතිවරණයට බලපෑවේ දැයි විමර්ශනය කරයි ඡායාරූප අනුග‍්‍රහය: ක්වාට්ස්

2017 වසර අග දී ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියේ ට්විටර් ගිණුම ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීම (trolling) සඳහා නවතම ආකාරයකින් යොදා ගැනෙමින් තිබිණ. වෙනත් වචනවලින් කිව හොත් ඊට එරෙහිව එක දිගට ම කර්කශ වාග් ප‍්‍රහාර එල්ල වෙමින් පැවතිණ. මෙය අපගේ උනන්දුව දැල්වූයේ ය. ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය, 2006 වසරේ දී එය ආරම්භ කෙරුණු තැන් සිට ම, එය විසින් නිෂ්පාදනය කර ප‍්‍රකාශයට පත් කොට ප‍්‍රවර්ධනය කරන ලද අන්තර්ගතය යටපත් කිරීම අරමුණු කර ගත් සකලවිධ ප‍්‍රචණ්ඩ, විසකුරු ප‍්‍රයත්නයන් හා ප‍්‍රතිචාරයන් අත්දැක ඇත. වසර ගණනාවක් තිස්සේ ලද මෙම ප‍්‍රතිපෝෂණය ශාරීරික හා ඊටත් වැඩි හානි කිරීමේ තර්ජන ද, නරක ම අන්තයට ගිය ඉතා බොහෝ අවස්ථාවල, දරුණු ම ශපථ කිරීම් සහිත ප‍්‍රකාශ ද අතර දෝලනය වී ඇත. එහෙත් කතිකාවේ අනෙක් පැත්ත සපුරා ම වෙනස් ය. මූලධර්මාත්මක නොඑකඟතාව සහ තර්කානුකූලව ප‍්‍රකාශයට පත් කෙරුණු විකල්ප දෘෂ්ටි කෝණ ඇතුළු සාවධාන, සිවිල් මැදිහත් වීමට සත්කාරකත්වය සැපයීමටත් වේදිකාවක් වීමටත් වෙබ් අඩවිය සමත් වී ඇත.

අදහස් දැක්වීම් හා අන්තර්ගතයේ සංයමය සහ මධ්‍යස්ථතාව සම්බන්ධයෙන් ඉන් පෙර Online අවකාශය තුළ නොවූ විරූ දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ වෙබ් අඩවිය බලයේ සිටිය දී හා ඉන් පසුව හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ සහෝදරයා වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල කෙරුණු කඨෝර වාග් ප‍්‍රහාර සියල්ල ද ඇතුළු දරුණු ම විවරණ කිසි විටෙක ප‍්‍රසිද්ධ නොකළේ ය. එහෙත් අපට සමාජ මාධ්‍යය පාලනය කළ හැක්කේ සුළු වශයෙනි. එහෙයින්, ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය තුළ ප‍්‍රකාශයට පත් කෙරෙන අන්තර්ගතයට එරෙහිව පෞද්ගලික හෝ ආයතනික ගිණුම් හරහා නැවත නැවතත් වෛරී ප‍්‍රතිචාර දැක්වෙන අතර බොහෝ විට නින්දා කරනු ලැබේ. දැන් අපි මෙම පසුබැස්වීමේ ප‍්‍රයත්නයන් අපේක්ෂාවෙන් සිටින්නෙමු. එපමණක් නොව, අප විසින් ආවරණය කෙරෙන ඒ ඒ ගැටලූවේ දී එවැනි ප‍්‍රයත්නයන් දරන්නේ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ ප‍්‍රකට කණ්ඩායම් විසිනි. ඒ ඒ නමින් හෝ පදිංචි ස්ථානයෙන් සමාජ මාධ්‍යය තුළ ප‍්‍රකට වුව ද ඒවා අප මෙහි ලා සඳහන් කරන සංවාදකරුවන්ගේ සැබෑ, කායික අනන්‍යතා හෝ පදිංචි ස්ථාන නොවේ. ඒවා ඔවුන්ගේ ඩිජිටල් අවතාරයන් ය. කාලය ගෙවී යද්දී එම අවතාර බොහෝ විට අත්සනක හෝ සන්නාමයක ස්වරූපයෙන් කිසි යම් දේශපාලන මතවාදයක්, දැක්මක් හා පක්ෂපාතීකමක් නියෝජනය කරන්නට පටන් ගනී.

ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියේ සංස්කාරකවරුන් මෙම පසුබැස්වීමේ ප‍්‍රයත්නය කෙරෙහි අවධානය යොමු කරන්නේ මාධ්‍ය නිෂ්පාදකයා ”ඔන්ලයින් අන්තර් ක‍්‍රියාවන්, අන්තර්ගතයන් හා විවරණයන් මගින් වටහා ගත හැකි තාක් දුරට” ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීමට (trolling) තුඩු දෙන කාරණා සහ ඒවායේ චේතනාවන් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වන බැවිනි. ප‍්‍රගතිශීලී අන්තර්ගතයකින් සමන්විත න්‍යාය පත‍්‍රයක් වර්ධනය කරන විට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස, විවේචනය හා විවාදය පෝෂණය කරන, ඊට අනුබල දෙන හා එය උනන්දු කරන අන්තර්ගතයක් නිෂ්පාදනය කරන විට දරුණු ම පසුබැස්වීමේ ප‍්‍රයත්නය දැරෙනු ඇත්තේ කවරාකාරයෙන් ද කොතැනකින් ද කවර කාරණා පදනම් කර ගෙන ද කවර කාලයක දී ද යනාදිය දැන සිටීම වැදගත් වේ.

ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීමෙන් දේශපාලනඥයෙකු නිර්මාණය කළ හැකි ද?

2017 වසරේ අවසන් කාර්තුවේ දී, ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය ට්විටර් අඩවිය හරහා ඉදිරිපත් කළ අන්තර්ගතය පසුබැස්වීමට ප‍්‍රයත්න දරන ලද්දේ ඊට පෙර අභිමුඛ වුණු හෝ අන්තර් ක‍්‍රියා කළ මූලාශ‍්‍ර විසින් නොවේ. මෙම කරුණ ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියේ සමාරම්භක සංස්කාරක සංජන හත්තොටුවගේ අවධානයට ලක් වූයේ එක් ප‍්‍රමුඛ හේතුවක් නිසයි. ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියට එරෙහි අන්තර්ගතයන් ප‍්‍රකාශයට පත් කළ සියලූ ගිණුම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත‍්‍රයා වන,(සමාජ) මාධ්‍යය සිය වාසියට යොදා ගැනීමෙහි සුරුවිරුකම් පාන, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහ ඉහළින් වග වර්ණනා කරමින් ඔහුට පක්ෂපාතීත්වය පළ කළේ ය.

මේ බව සොයා ගත්තේ කුමන්ත‍්‍රණය සඳහා සමාජ මාධ්‍යය ආයුධයක් ලෙස යොදා ගෙන අවසානයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ක‍්‍රියාවලීන්ට වළ කැපීම පිළිබඳව ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය පර්යේෂණ කරමින් සිටි සමයක ය. සමාජ මාධ්‍යය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවලට කරන බලපෑම විමසා බැලූ සවිස්තරාත්මක ලිපියක් මගින් ඉකොනොමිස්ට් සඟරාව[Economist recently averred] මෑතක දී ස්ථිරසාරව මෙසේ ප‍්‍රකාශ කර සිටියේ ය:

2010 වසරේ දී, ව්‍යවසායකයෙකු සහ හාවඞ් විශ්වවිද්‍යාල සාමාජිකයෙකු වන වයෙල් ඝොනිම්, “We are all Khaled Saeed” (අපි සියල්ලෝ ම ඛලිඞ් සයීඞ්ලා වෙමු) නමින් හැඳින්වූ ෆේස්බුක් පිටුවේ පරිපාලකවරයෙකු ලෙස කටයුතු කළේ ය. එම ෆේස්බුක් පිටුව තාහිර් චතුරස‍්‍රය කේන්ද්‍ර කර ගත් ඊජිප්තු නැගිටීමේ ආරම්භක ගිනි පුපුරු දැල්වීමට උපකාර කළේ ය.”අපට වුවමනා කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යි!” ”ඒත් ලැබුණේ දාමරික පාලනය යි,” ඔහු අද කියා සිටියි. සමාජ මාධ්‍යය හරහා පතුරවනු ලබන ව්‍යාජ ප‍්‍රවෘත්ති වනාහි “ලොව පුරා නායකයන් මුහුණ දෙන විශාලතම දේශපාලනික ගැටලූවලින්” එකකි යි ජනාධිපතිවරුන් හා අගමැතිවරුන් කිහිප දෙනෙකුගේ උපදේශකවරයෙකු ලෙස සේවය කර ඇති දේශපාලන ක‍්‍රමෝපායඥයෙකු වන ජිම් මෙසිනා පවසයි. ව්‍යාජ ප‍්‍රවෘත්ති වැලඳ ගන්නා අය විනා ඒවාට මුහුණ දෙන සැටි ආණ්ඩු නොදනී.

මේ සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක් ද යන්න ගැන පොදු එකඟතාවක් නැති නමුත් මෙය වූ කලි දැනට මත් මැනවින් අධ්‍යයනය කර ඇති සංසිද්ධියකි. ගැටලූව සංකීර්ණ ය. ආණ්ඩු, එක්සත් ජාතීන් හා වෙනත් ජාත්‍යන්තර නියෝජ්‍යායතන, සිවිල් සමාජය, සිලිකන් නිම්න සමාගම් සහ ඔන්ලයින් අවකාශය තුළ ජීවමාන කර තබා ගැනීමට තමන්ට ම පමණක් වුවමනා කරන දෑ ගැන වාද කරන යමෙකු හෝ යම් විවරණයක් යටපත් කිරීම, අපකීර්තියට පත් කිරීම, ප‍්‍රතික්ෂේප කිරීම හෝ ගර්හාවට ලක් කිරීම සඳහා මුදල් ගෙවීමට කැමති පුද්ගලයන්ගේ සිට ආණ්ඩු දක්වා වූ කූඩැල්ලන් එල්ලී සිටින කළු ආර්ථිකයක් ඊට සම්බන්ධ ය. එක්සත් ජනපදයේ පටන් එක්සත් රාජධානිය, ප‍්‍රංශය හා ජර්මනිය දක්වා රටවල ඡන්ද කොට්ඨාසයන්හි ඡන්ද දායකයන් ඉලක්ක කර ගැනීමට හා ඔවුන්ට අනියමින් බලපෑම් කිරීමට සමාජ මාධ්‍යය යොදා ගත් ආකාරය පිළිබඳ සාක්ෂි ගූගල් සෙවුම් යන්ත‍්‍රය හරහා ඇති පදම් සොයා ගත හැකි ය. සමාජ මාධ්‍යය ආයුධයක් ලෙස යොදා ගැනෙන ආකාරය පිළිබඳ තාක්ෂණික තොරතුරු එතරම් ම වැදගත් නොවේ. වැදගත් වන්නේ වැඩිහිටි සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමක පවතින නමුත් මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව අතිශයින් ම දුර්වල මට්ටමක පවතින ශ‍්‍රී ලංකාව වැනි රටවල දී බොහෝ විට විශ්වාස කෙරෙන්නේත් පුළුල් වශයෙන් බෙදාහදා ගැනෙන්නේත් ක‍්‍රියාව සඳහා පදනම් කර ගැනෙන්නේත් සමාජ මාධ්‍යය හරහා ප‍්‍රවර්ධනය කෙරෙන දේවල් ය යන කරුණ යි. මෙය සාම්ප‍්‍රදායිකව ගත් කල්හි ඡන්දය භාවිත කරන මොහොතේ දී සිදු වන ඡන්ද දූෂණ, ඡන්දය දීම වළක්වන හෝ ඊට බාධා කරන ප‍්‍රචණ්ඩත්වය සහ අවසන් ප‍්‍රතිඵල රැස් කිරීමේ දී, ගණනය කිරීමේ දී හෝ නිකුත් කිරීමේ දී සිදු වන දූෂණ නිරීක්ෂණය කිරීම සඳහා සන්නද්ධ කෙරෙන මැතිවරණ නිරීක්ෂණ මණ්ඩල මුහුණ දෙන සුවිශේෂ අභියෝගවලින් එකකි. කිසි යම් දේශපාලන මතවාදයක්, අදහසක්, පුද්ගලයෙකු, පක්ෂයක් හෝ ක‍්‍රියාවලියක් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආයුධයක් ලෙස යොදා ගැනෙන සමාජ මාධ්‍යයෙන් එල්ල වන තර්ජනය යනු පොදුවේ ගත් කල ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සහ විශේෂයෙන් ගත් කල මැතිවරණ දෙපාර්තමේන්තුව හෝ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණය කරන ස්වාධීන මණ්ඩල මේ දක්වා සිතා බලා වත් නැති දෙයකි. එම තර්ජනය නිරීක්ෂණය කිරීම සඳහා සහ ඊට මුහුණ දීම සඳහා තාක්ෂණික හැකියාව වර්ධනය කර ගැනීම ගැන කුමන කතා ද?

එසේ වුවත් මේ සියල්ල සහ ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියට එරෙහිව ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීමෙහි වැඩි වැඩියෙන් නිරත වන ට්විටර් ගිණුම් එකිනෙකට සම්බන්ධ බව පෙන්වා දෙන්නේ කෙසේ ද? එක් අයෙක් ඔන්ලයින් අවකාශයෙන් විවෘතව සපයා ගත හැකි මෙවලම් හා සේවාවන් විනා වෙන යමක් යොදා නොගන්නා ට්විටර් ගිණුම් හරහා සොයා ගත හැකි දෑ ගැන අතිමූලික මට්ටමේ විශ්ලේෂණයක් කරමින් මෙම කාර්යය ආරම්භ කළේ ය. හැක් කිරීමක් හෝ ඩොක්ස් කිරීමක් (hacking or doxxing) (බොහෝ විට පලි ගැනීම සඳහා පෞද්ගලික තොරතුරු ප‍්‍රසිද්ධ කිරීමකි) සිදු වී නොතිබිණ. ඕනෑ ම ප‍්‍රසිද්ධ ට්විටර් ගිණුමක් නිර්මාණය කෙරුණු දිනය වෙබ් වේදිකා ගණනාවකින් ම සොයා ගත හැකි ය. අප යොදා ගත්තේ http://www.mytwitterbirthday.com අඩවිය යි. ට්විටර් අඩවියට අවධානය යොමු කළ ගිණුම් අතර මේවා ද විය:

@dayanjayathila2
@RamananKpradeep
@BaskarShiron
@dhinukas
@NinaNajumudeen
@KandasamyMyu
@rajranja1782

එවකට සක‍්‍රියව පැවති අනෙක් ගිණුම් අක‍්‍රිය කර හෝ මකා දමා ඇත. මුදල් අය නොකරන වේදිකාවක් වන http://www.tweetstats.com යොදා ගනිමින් ආරම්භයේ සිට ඒවායේ ක‍්‍රියාකාරිත්වය ප‍්‍රස්තාර ගත කරන විට මෙම ගිණුම් ඇසුරින් උනන්දුව ඇති කරනසුලූ රටා සමහරක් මතු වී එයි.

සියලූ ගිණුම් නිර්මාණය කර තිබුණේ 2015 වසර මැද හරියේ දී ය. එම වසර තුළ දී ඒවා සැලකිය යුතු ක‍්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරයි. 2016 වසර පුරා ම මෙම ගිණුම් බොහෝ දුරට අක‍්‍රිය ය. 2017 මැද හරියේ දී මේ සියල්ල ම පාහේ යළි සක‍්‍රිය වේ. එතැන් සිට 2017 අවසානය දක්වා වූ ඒවා නිතිපතා නිරීක්ෂණයට ලක් කෙරුණු මුළු කාලය පුරා ම මෙම සියලූ ගිණුම් පහත දැක්වෙන අන්තර්ගතයන් අඛණ්ඩව ප‍්‍රකාශයට පත් කළේ ය:

– දූෂණය, ප‍්‍රචණ්ඩත්වය, මානව හිමිකම් උල්ලංඝනය යනාදියට සහාය දීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල සහ විශේෂයෙන් ම නාමල් රාජපක්ෂ ලවා වග වීමට සැලැස්වූ ගිණුම්වලට එරෙහි අන්තර්ගතයන්,

– පළමුව නාමල් රාජපක්ෂ විසින් ට්වීට් හෝ ප‍්‍රසිද්ධ කරන ලද මුල් අන්තර්ගතය කාලයක් තිස්සේ නැවත නැවතත් ප‍්‍රකාශයට පත් කර ඒ්වා ප‍්‍රචලිත වීම හා දිස් වීම වැඩි කිරීම සිය මූලික කාර්යය බවට පත් කර ගත් අන්තර්ගතයන්,

මෙය සම්පාත වීමකට වැඩි දෙයක් විය. එය ක‍්‍රමෝපායක් හා අභිප‍්‍රායක් පවතින බව පෙන්නුම් කළේ ය. මෙය ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීමේ හමුදාවක් (troll army) විය; තනි පුද්ගලයෙකු ද එමෙන් ම සිදුවීම් පිළිබඳ විස්තරයක් හා දේවල් රාමු කිරීමේ ක‍්‍රමයක් ද ප‍්‍රවර්ධනය කිරීම සඳහා සාමූහිකව ක‍්‍රියා කළ පුද්ගල කණ්ඩායමක් විය. ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීමේ හමුදාවක් දෙයාකාරයකින් කටයුතු කරන අතර මෙහි දී ඒ දෙයාකාරය ම ප‍්‍රකට විය. එය ප‍්‍රධාන ප‍්‍රවාහයේ විවරණයක් ලෙස තහවුරු වී තිබෙන දෙයට ප‍්‍රතිවිරුද්ධ දැක්මවල්, විවරණ, වාචික සාක්ෂි හෝ කරුණු ප‍්‍රසිද්ධ අවකාශයට මුදා හරින අන්තර්ගතය මර්දනය කිරීම සඳහා ප‍්‍රතිචාර පිරුණු බැට දෙන ගිණුම් යොදා ගනියි. දෙවනුව එය මුල් අන්තර්ගතය යළි ප‍්‍රකාශයට පත් කිරීම, ඇසුරු කිරීම, උපුටා දැක්වීම හා අන්‍යාකාරයකින් ඉස්මතු කර දැක්වීම නැවත නැවත සිදු වන්නේ මුල් අන්තර්ගතය සමාජ මාධ්‍යය තුළ පුළුල් පිළිගැනීමකට හා කර පින්නා ගැනීමකට ලක්ව ඇති නිසා බව පෙන්නුම් කර කිසි යම් සුවිශේෂ දැක්මක්, අදහසක් හෝ විවරණයක් ප‍්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි.

ප්‍රොෆයිල් ඡායාරූප පිළිබඳව කළ ඉතා සරල පරීක්ෂණයකින් මෙම ගිණුම් ව්‍යාජ ඒවා ය යන කරුණ තහවුරු විය. සමාජ මාධ්‍යයේ පෞද්ගලික ගිණුමක ප්‍රොෆයිල් ඡායාරූපය එම ගිණුමෙන් ප‍්‍රකාශයට පත් වන අන්තර්ගතයේ කතුවරයා වන පුද්ගලයාගේ ඡායාරූපයක් විය යුතු බව බොහෝ දෙනාගේ පිළිගැනීම යි. එහෙත් මෙය හැම විට ම සිදු නොවේ. වඩාත් ම සුප‍්‍රකට වන්නේ වසර කිහිපයකට පෙර සිරියානු-ඇමරිකානු සමලිංගික ස්ත‍්‍රියක ලෙස තමන් හඳුන්වා ගෙ A Gay Girl in Damascus යන නමින් බ්ලොග් පිටුවක් පවත්වා ගෙන යමින් අමිනා අරාෆ් ලෝකයට දුන් උදාහරණය යි.

ට්විටර් අඩවියේ තිබෙන @dhinukas ගිණුම නිදසුනකට ගන්න. වෙබ් ජාලය තුළ පවත්නා ඡායාරූපවල මුල් පිටපත් හා අනුපිටපත් ඇති තැන් සොයා ගන්නා සෙවුම් යන්ත‍්‍රයක් වන TinEye පවසන්නේ ‘දිනුක සිල්වා’ සිය ප්‍රොෆයිල් ඡුායාරූපය ලෙස යොදා ගෙන ඇත්තේ 2013 වසරේ තරමක් සැක සහිත http://www.chicfactorgazette.com අඩවියේ මුලින් පළ වූ ඡායාරූපයක් බව යි. එමෙන් ම @NinaNajumudeen ගිණුම ලියාපදිංචි කර තිබෙන්නේ වහාබ් නජුමුඞීන් යන නමිනි. එහෙත් ඡායාරූපය පකිස්ථාන නිරූපණ ශිල්පියෙකුගේ වන අතර එය 2008 වසරේ Flickr අඩවියට පෝස්ට් කරන ලද්දකි. පෙනෙන හැටියට නම් @RamananKpradeep ගිණුම ලියාපදිංචි කර ඇත්තේ රාම් කේ. ප‍්‍රතාප් නමින් හැඳින්වෙන අයෙකුගේ නමට ය. එහෙත් සැබවින් ම ඡායාරූපය සුප‍්‍රකට ඉන්දියානු නළු කමල් හසන්ගේ ය. අවසන් වශයෙන්, පසුව අපගේ අවධානයට ලක් වූ @KandasamyMyu ගිණුම සලකා බලමු. එය ලියාපදිංචි කර තිබෙන්නේ මියු කන්දසාමි නමට ය. එහෙත්, ෆේස්බුක් අඩවියේ සඳහන් පරිදි නම්, ඡායාරූපය ඡායාරූප ශිල්පී ජෙයකුමාරන් මයුරේසන් විසින් ගන්නා ලදුව 2010 දී ෆ්ලිකර් අඩවියේ පළ කරන ලද අකිල විජේරත්න නමැති ශ‍්‍රී ලාංකිකයෙකුගේ සේයාරූ තොගයකින් ගන්නා ලද්දකි. ට්විටර් අඩවියේ තිබෙන ෂිරොන් බාස්කර් නමට ලියාපදිංචි කර ඇති @BaskarShiron නමින් හැඳින්වෙන ගිණුමේ ඇතුළත් ඡායාරූපය Linkedin අඩවියේ ලැයිස්තුගතව සිටින, හින්දු පුවත්පතේ පළ වූ ලිපියකට ද විෂය වී ඇති බාස්කරන් සෙල්වරාජ් නමැති ඉන්දියානුවෙකුගේ ය. ඔහුට ශ‍්‍රී ලංකාව සමග කිසි ම සම්බන්ධයක් නැත.


මෙය පැහැදිලි රටාවක් විය. ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීමේ කණ්ඩායම(troll army) විසින් නැවත නැවතත් ට්වීට්(retweeting) කරමින් ප‍්‍රවර්ධනය(promoting) කෙරෙන නාමල් රාජපක්ෂගේ ට්විටර් ගිණුමේ දක්නට ලැබෙන ප්‍රොෆයිල් ඡායාරූපවලින් අතිබහුතරයක් ව්‍යාජ ඒවා වන අතර ලියාපදිංචි කර තිබෙන්නේ ඔවුන් මුස්ලිම්, දෙමළ හා සිංහල ප‍්‍රජාවන්ට අයත් බවක් හැඟවෙන නම්වලින් වුවත් ඒ නම් ද ව්‍යාජ ඒවා විය.

තමන් කළ පරිදි ට්වීට් කිරීම සඳහා ඔවුන් යොදා ගත් ගිණුම්වලින්, යම් කාල පරිච්ෙඡ්දයක් පුරා සක‍්‍රීයව සිටිය හැකි වන අයුරින් ඔවුන් යම් අන්තර්ගතයක් නැවත නැවතත් ප‍්‍රකාශයට පත් කළ ආකාරයෙන් සහ ට්වීට් පණිවුඩ තැපැල් කළ කාලයේ දී සාමාන්‍යයෙන් යොදා ගැනීමට පුරුදුව සිටි මෙවලම්වලින් මෙම ගිණුම් ආශ‍්‍රිතව දත්ත පදනම් කර ගත් සහ මෙම ලිපියේ ඇතුළත් නොවන වෙනත් නිර්ණායක පවතින බව පෙනී යන අතර මෙම ගිණුම් අතර සහයෝගිතාවක් හා සම්බන්ධීකරණයක් පැවති බව ඉන් නිසැකව ම හැෙඟ්.

මේ සියල්ල සම්බන්ධයෙන් පවත්නා ගැටලූව වන්නේ 2015 සිට 2017 අග දක්වා කාලය තුළ නාමල් රාජපක්ෂ කළ සියලූ සන්නිවේදනයන් වෙත පුළුල් මට්ටමකින් ප‍්‍රවේශ නොවී ඔහු සහ ඉහත සඳහන් කළ ප‍්‍රකෝපකාරී පණිවුඩ අතර දුස්සන්ධානයක් හෝ සහයෝගිතාවක් පැවති බව කවර හෝ මට්ටමකින් නිවැරදිව තීරණය කළ හැකි පහසු ක‍්‍රමයක් නොපැවතීම යි. දත්ත පදනම් කර ගත් සාක්ෂි හෝ තාක්ෂණික සාක්ෂි කිසිවක් නොමැති හෙයින්, ප‍්‍රතිවිරුද්ධ, විවේචනාත්මක මත මැඩ පැවැත්වීම සඳහා සහ තමන්ගේ අන්තර්ගතය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ප‍්‍රකෝපකාරී පණිවුඩ තැපැල් කළ මෙම ගිණුම් අතර ඇති කර ගෙන තිබූ අන්‍යයන් කර්කශ ලෙස විවේචනය කිරීමේ ඒකාබද්ධතාව සමග තමන්ට කිසි ම සම්බන්ධයක් නැතැයි නාමල් රාජපක්ෂට යුක්ති සහගත ලෙස කියා සිටිය හැකි ය.

මෙම කතන්දරය ඒ කාලයේ දී ප‍්‍රසිද්ධ කළේ නම් ඊට වටිනාකමක් පැවතියේ නාමල් රාජපක්ෂ ඊට ප‍්‍රතිචාරයක් දක්වන්නට ඉඩ තිබීම නිසා පමණකි. එහෙත් අප පසු වූයේ මෙම ගැටලූව වඩාත් ගැඹුරින් විමසා බැලීමට අවශ්‍ය කරන තරමේ කුතුහලයකිනි. සමාජ මාධ්‍යය පදනම් කර ගෙන Online විවරණය මෙවැනි අතිසංකීර්ණ මට්ටමකින් ක‍්‍රමෝපායාත්මකව හැඩ ගැස්වීම මින් පෙර නොවූ විරූ හා නවීන සංසිද්ධියක් වීම එම කුතුහලයට විශේෂයෙන් ම හේතු විය. කරුණු කාරණා වඩාත් උනන්දුව දනවනසුලූ තත්ත්වයට පත් වන්නට පටන් ගත්තේ එවිට ය.

ව්‍යාජ ගිණුම් හරහා මත පළ කිරීම: ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වන තර්ජන සහ ප‍්‍රසිද්ධ කතිකාවේ සුවිශේෂ ලක්ෂණ

පිලිපීනයේ සිට ඉන්දියාව දක්වා සහ එක්සත් ජනපදයේ සිට රුසියාව දක්වා රටවල දී ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීමේ හමුදා(Troll armies) අන්‍යයන් කර්කශ ලෙස විවේචනය කරන, ඒකාධිපතිවාදී දේශපාලන සංස්කෘතියක ස්ථාපිත අංගයක් බවට පත් වෙමින් සිටී. ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීමේ හමුදා බොහෝ විට රාජ්‍ය අනුග‍්‍රහය ලබන සිය ගණනක් හෝ දහස් ගණනක් පුද්ගලයන්ගෙන් සමන්විත වන අතර විරුද්ධවාදීන්, සිවිල් සමාජය හා විවේචකයන් ඉදිරිපත් කරන අදහස්වලට ව්‍යාජ නම්වලින් හෝ නිර්නාමිකව ප‍්‍රහාර එල්ල කරති, එම අදහස් ගර්හාවට ලක් කරති, එම අදහස්වල අගය පිරිහෙළීමට උත්සාහ දරති. දැන් මෙය ට්විටර් වැනි සමාජ මාධ්‍ය වේදිකාවල සිටින ස්වයංක‍්‍රිය ක‍්‍රියාකරුවන් සමග සම්බන්ධ වී ඇති අතර මෙවැනි troll armies සතු ගිණුම් ව්‍යාජ ගිණුම් පොකුරු (bots) නමින් හැඳින්වේ. ව්‍යාජ ගිණුම් පොකුරක් යනු අනිවාර්යයෙන් ම හානිකර හෝ ද්වේෂ සහගත තාක්ෂණයක් ම නොවේ. [1] කෙසේ වුව ද, ඕනෑ ම තාක්ෂණයක දී මෙන් මෙහි දී ද, වඩාත් අන්තරායකර භාවිතය දක්නට ලැබෙන්නේ, උදාහරණයක් ලෙස මැතිවරණ ආශ‍්‍රිත, විශේෂිත හෝ අරමුණුගත කළ ව්‍යාජ ගිණුම් පොකුරුවල ස්වරූපයෙනි. බටහිර දී ව්‍යාජ ගිණුම් පොකුරු මැතිවරණ කෙරෙහි ඍණාත්මකව බලපා ඇති ආකාරය පිළිබඳ උදාහරණවලින් ජාත්‍යන්තර මාධ්‍යය පිරී පවතී. විවාදය සිදු වෙමින් පවතින්නේ බලපා ඇති තරම ගැන මිස ව්‍යාජ ගිණුම් පොකුරු ඡන්ද දායකයන්ට කර ඇති නිසැක බලපෑම ගැන නොවේ. මේ ඊට උදාහරණයකි:

සැප්තැම්බර් 3 වන දා ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් සහ ඇයගේ ප‍්‍රධාන විරුද්ධවාදියා වන මාටින් ෂුල්ස් මුහුණට මුහුණ ලා මැතිවරණ විවාදයකට සහභාගි වූහ. ද්වන්ද්ව සටනකට වඩා යුග ගීතයක ස්වරූපය ගත්තේ යැයි පවසමින් බොහෝ නරඹන්නන් එය දැඩි විවේචනයකට ලක් කළ අතර වඩාත් ජීවමාන සාකච්ඡාවක් සමාජ මාධ්‍යය තුළ සිදු වෙමින් තිබිණ. #verräterduell hashtag යොදා ගැනීමට පටන් ගත්හ. මෙම හැෂ්ටැගය “ද්‍රෝහීන්ගේ ද්වන්ද්ව සටන” අර්ථය දරන අතර මර්කල්ගේ ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සහ ෂුල්ස්ගේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් යන දෙපාර්ශ්වය ම රට “පාවා දී” ඇති බවට දක්ෂිනාංශික Alternative für Deutschland පක්ෂය කරන ප‍්‍රකාශයට සමාන ය.

එහෙත් පර්යේෂකයන් පවසන්නේ කෝපයට පත් ඡන්ද දායකයන්ගේ සිත් තුළ ඇවිළෙන පලි ගැනීමේ චේතනාව තව මත් බෙහෙවින් එළිමහනට පැමිණ නැති බව යි. ඒ වෙනුවට එය ව්‍යාජ ගිණුම් පොකුරු හෝ ව්‍යාජ සමාජ ජාල ප්‍රොෆයිල විසින් කරනු ලබන කාර්යයක් ලෙස පෙනෙන නමුත් සැබවින් ම නම් කාර්යය කරනු ලබන්නේ ඇල්ගොරිතම විසිනි.[2]

මේ සියල්ල සිත තබා ගනිමින් සහ පෞද්ගලික ක්‍රෙඩිට් කාඞ් පතක් භාවිත කර US$ 69.99ක් ගෙවා https://www.exporttweet.com නමින් හැඳින්වෙන ඔන්ලයින් වේදිකාවක් යොදා ගනිමින්, මෙම ලිපියේ කතුවරු, නාමල් රාජපක්ෂ සිය ගිණුම විවෘත කළ 2013 අපේ‍්‍රල් 16 වන දා සිට ලේඛනාගාරය ජනනය කර ගත් 2017 ඔක්තෝබර් 16 වන දා දක්වා කාලය තුළ තැපැල් කළ සියලූ ට්වීට් පණිවුඩ ඩවුන්ලෝඞ් කර ගැනීමට සමත් වූහ. සම්පූර්ණ ට්වීට් පණිවුඩ ලේඛනාගාරය සහ වෙබ් වේදිකාව විසින් ජනනය කෙරුණු වාර්තා මෙතැනින් ඩවුන්ලෝඞ් කර ගත හැකි ය. වෙබ් වේදිකාව විසින් ම නාමල් රාජපක්ෂගේ සියලූ ට්වීට් පණිවුඩ පිළිබඳව ජනනය කෙරුණු ඉහළ පෙළේ විශ්ලේෂණය ද මෙම ගිණුම යොදා ගත් ආකාරය සම්බන්ධයෙන් බෙහෙවින් කුතූහලය දනවනසුලූ ප‍්‍රවණතා පෙන්නුම් කළේ ය.

මෙම ලිපිය ප‍්‍රකාශයට පත් කෙරෙන මොහොත වන විට නාමල් රාජපක්ෂට අනුගාමිකයෝ(followers) 224,000ක් පමණ සිටිති. මෙම ලිපිය ලිවීම සඳහා පර්යේෂණ කටයුතුවල යෙදුණු 2017 ඔක්තෝබර් අග දී ඔහුට අනුගාමිකයෝ(followers) 199,000ක් පමණ සිටියහ.

ඉහත සඳහන් කළ ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීමේ/ව්‍යාජ ගිණුම් සහ නාමල් රාජපක්ෂ සතු, පෞද්ගලික, සත්‍යාසත්‍යතාව තහවුරු කරන ලද ගිණුම ( @RajapaksaNamal ) අතර පවත්නා වෙනස මුල දී ම නිවැරදිව සටහන් කර ගැනීම වැදගත් වේ ” මක් නිසා ද යත්, බාහිර ගිණුම්වල අන්තර්ගතය හා හැසිරීම පිළිබඳව තමන් කිසිවක් නොදන්නේ යැයි ඔහුට කිව හැකි නමුත් යම් සුවිශේෂ කාල පරාසයක දී ජනනය වී ඇති නම් හා අනුගාමිකයන් සංඛ්‍යාව ඇතුළු සිය ගිණුම ආශ‍්‍රිත මිනුම් ක‍්‍රම පිළිබඳව තමන් අංශු මාත‍්‍ර වශයෙන් හෝ නොදන්නේ යැයි ඔහුට කිසි සේත් ම නොවේ යැයි එතරම් පහසුවෙන් පැවසිය නොහැකි ය. වේදිකාව සම්බන්ධයෙන් කවර තරමේ හෝ නිපුණතාවක් ඇති නව හෝ පළපුරුදු ඕනෑ ම ට්විටර් පරිශීලකයෙකු තමන්ගේ ගිණුමට නව අනුගාමිකයන් එක් වී සිටී දැයි විමසා බලන අතර වේදිකාව විසින් ම ඒ පිළිබඳව පරිශීලකයා දැනුවත් කෙරේ. මේ ගැන නොදැන ට්විටර් ගිණුමක් පවත්වා ගෙන යා නොහැකි ය. එපමණක් නොව, ඕනෑ ම ප‍්‍රසිද්ධ පුද්ගලයෙකුට හෝ ආයතනයකටත් විශේෂයෙන් ම ඕනෑ ම දේශපලනඥයෙකුටත් ට්විටර් අඩවිය තුළ සිටීමේ ප‍්‍රධාන පරමාර්ථයක් වන්නේ අනුගාමිකයන් එක් කර ගැනීම යි.

පැවතිය හැකි විශ්ලේෂණ ප‍්‍රස්තාර ගණනාව අතරින් ප‍්‍රමුඛ ප‍්‍රස්තාර දෙකක් විධායක සාරාංශය තුළ දක්නට ලැබිණ. එකක් නාමල් රාජපක්ෂගේ අනුගාමිකයන්(followers) ට්විටර් අඩවියට එක් වූ වසර යි. අනෙක ඔහුගේ අනුගාමිකයන්ගේ ක‍්‍රියාකාරිත්වය යි.

2016 සිට 2017 දක්වා කාලය තුළ දී අනුගාමිකයන් වැඩි වී ඇති විස්මිත ආකාරය සැලකිල්ලට ගන්න. ජනප‍්‍රිය දේශපාලනඥයෙකුට පවා -නාමල් රාජපක්ෂ- එවැන්නෙකු බවට කිසි සැකයක් නැත. මෙම වැඩි වීම අව්‍යාජව ජනනය කර ගත නොහැකි තරම් ය. සැලකිය යුතු කරුණ වන්නේ නාමල් රාජපක්ෂගේ අනුගාමිකයන්ගෙන් අඩකටත් වඩා අක‍්‍රියව සිටීම යි. මින් අදහස් වන්නේ පසු ගිය වසර තුළ දී ඔවුන් සක‍්‍රියව සිය ගිණුම් භාවිත කර නැති බව යි. අනෙක් අතට මින් හැෙඟන්නේ මෙම ගිණුම් සක‍්‍රිය කරන ලද්දේ අවශ්‍ය විට දී වන්නට බෙහෙවින් ම ඉඩ තිබෙන බව යි. රාජපක්ෂගේ අනුගාමිකයන්ගේ සැබෑ ස්වභාවය පිළිබඳව අනාවරණය වන තවත් කරුණක් වන්නේ ඔවුන්ට අනුගාමිකයන් කී දෙනෙකු සිටින්නේ ද යන්න යි. ඒ වන විට @RajapaksaNamal ගිණුමට අනුගාමිකයෝ 199,600ක් සිටියහ. මෙම අනුගාමිකයන්ගෙන් 196,000කට අනුගාමිකයන් සිටියේ 500කට වඩා අඩුවෙනි. මින් හැෙඟන්නේ ඒවා බෙහෙවින් සක‍්‍රිය ගිණුම් නොවූ බව යි, කවර හෝ අව්‍යාජ ආයාචනයකින් හෝ නවතාවකින් තොර වූ බව යි, මෑතක දී නිර්මාණය කරන ලද ඒවා විය හැකි බව යි, නැත් නම් මේ සියල්ලේ ම සම්මිශ‍්‍රණයක් විය හැකි බව යි.

වෙබ් වේදිකාව විසින් සම්පාදනය කෙරුණු ඉහළ පෙළේ වාර්තාව කෙරෙහි විශ්වාසය තැබීමට ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය නොකැමති වූ නිසා සහ මේ වන විට අක‍්‍රමිකතාවන් හා රටාවන් සම්බන්ධයෙන් විමසා බැලීමට ගිණුමෙන් සම්පාදනය වූ ට්වීට් පණිවුඩ දහස් ගණනක් පැවති නිසා අපි යුධංජය විජේරත්න හමු වී ඔහුගේ උදව් ලබා ගත්තෙමු. මැතිවරණ ආශ‍්‍රිතව ද ඇතුළුව සනාථ වී ඇති ඔහුට තිබෙන සුදුසුකම් සුප‍්‍රකට ය. යුධංජයගේ විශ්ලේෂණය සවිස්තරාත්මක ව, පහත දැක්වේ. දත්ත පිළිබඳ වඩාත් සවිස්තරාත්මක විශ්ලේෂණයක් කරනු පිණිස ඔහුගේ ඉල්ලීම මත සංජන 2017 නොවැම්බර් 22 දා නාමල් රාජපක්ෂගේ ට්වීට් පණිවුඩවල තවත් සම්පූර්ණ ලේඛනාගාරයක් ඩවුන්ලෝඞ් කිරීම සඳහා ඉහත සඳහන් කළ පරිදි එම වෙබ් සේවාව ම යොදා ගත්තේ ය. කලින් වතාවේ දී මෙන් ම මේ අවස්ථාවේ දී ද වියදම ආවරණය කර ගන්නා ලද්දේ පෞද්ගලික ක්‍රෙඩිට් කාඞ් පතක් භාවිත කරමිනි.

මෙම විශ්ලේෂණයේ අරමුණු සපුරා ගැනීම සඳහා අපි පරිශීලකයන් 199,555 දෙනෙකුගේ දත්ත කට්ටලයක් “එනම්, 2017 සැප්තැම්බර් මාසය වන විට නාමල් රාජපක්ෂට සිටි සෑම අනුගාමිකයෙකු ම” විමර්ශනයට ලක් කළෙමු. දත්ත කට්ටලය අපට ඒ ඒ අනුගාමිකයාගේ ට්විටර් අනන්‍යතාව හා URL ලිපිනය, නම, ප්‍රොෆයිල් ඡායාරූපයේ URL ලිපිනය හා ජීව දත්ත ද ස්ථානය, වේලා කලාපය, ගිණුම නිර්මාණය කළ දිනය, අවසන් ට්වීට් පණිවුඩයේ දිනය හා අවසන් ට්වීට් පණිවුඩයේ අන්තර්ගතය පෙන්නුම් කරන වෙනත් දත්ත ප‍්‍රභේදයන් ද සම්පාදනය කළේ ය.

ප‍්‍රථම ප‍්‍රධාන කාර්යය වූයේ මෙම දත්ත කට්ටලයේ වඩාත් ම ප‍්‍රයෝජනවත් කොටස් හඳුනා ගැනීම යි. පරිශීලකයන් සිටින ස්ථානය නිශ්චිත වශයෙන් දැන ගැනීම සඳහා වඩාත් ම ප‍්‍රයෝජනවත් විය හැකි ස්ථානය පිළිබඳ දත්ත පලකට නැති දෑ බවට පත් විය: ස්ථානය පිළිබඳ දත්ත පැවතියේ පරිශීලකයන්ගෙන් හතරෙන් පංගුවකටත් අඩු ප‍්‍රමාණයක් සතුව පමණකි. ස්ථාන තීරණය කිරීම සඳහා වේලා කලාප යොදා ගත් පසුව පවා අපට සොයා ගත හැකි වූයේ පරිශීලකයන් 56,327 දෙනෙකුගේ දත්ත පමණකි. මෙය අප සතුව පැවති මුල් දත්ත කට්ටලය සැලකිය යුතු මට්ටමකින් ක්ෂය වීමක් විය.

එපමණක් නොව, වාර්තා වී ඇති ස්ථාන ජාතික මට්ටමේ සිට ග‍්‍රාමීය මට්ටම දක්වා වූ පරාසයක පැතිරෙනු ඇත; ශ‍්‍රී ලාංකික පරිශීලකයන් “Sri Lanka” යන යෙදුමෙහි විවිධ ප‍්‍රභේදයන් යටතේ පමණක් නොව “Colombo”, “thambuttegama, sri lanka”, “col-2”, “eswatte” යනාදි ආකාරවලින් ද පෙනී සිටිනු ඇති අතර අනෙක් දත්ත ප‍්‍රභේදයන් ද අපගේ කාල රාමුව ඇතුළත දී ඒකීය ස්ථානයක් බවට පරිවර්තනය කර ගත නොහැකි තරම් වනු ඇත. “Diagon Alley” සහ “India my love” යනුවෙන් පවා ස්ථානය දක්වා ඇත.

උදාහරණයක් ලෙස, විවිධ ස්ථාන අනුව වාර්තා වන ඉහළින් ම සිටින පරිශීලකයන් 20 දෙනා මෙසේ ය:

Sri Lanka 22415
Colombo 1993
(US / Canada) 1784
Sri Jayawardenepura 1336
Colombo 1090
Chennai 964
sri lanka 857
Colombo, Sri Lanka 762
New Delhi 689
srilanka 674
Srilanka 609
Maldives 441
Sri lanka 426
Kandy 422
Kandy 347
Doha, Qatar 230
India 222
Galle 203
London 197
Kurunegala 189

මෙය අපේක්ෂා කළ යුතු තත්ත්වයකි. එපමණක් නොව, විකල්ප අක්ෂර වින්‍යාස භාවිත කර තිබීම නිසා ගැටලූව සංකීර්ණ විය. යටත් පිරිසෙයින් ස්ථාන සහිත පරිශීලකයන්ගෙන් අඩක් වත් ශ‍්‍රී ලංකාවේ කොතැනක හෝ පදිංචිකරුවන් යැයි අපට කිව හැකි නමුත් එසේ කීමෙන් අත් වන විශේෂ ප‍්‍රයෝජනයක් නැත. මා සිතියමක් නිර්මාණය කළ නමුත් ඉන් නියෝජනය වන්නේ පරිශීලකයන් 11,000කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බැවින් නියෝජනාත්මක යැයි නොසැලකිය යුතු ය. නාමල් රාජපක්ෂ සිය අනුගාමිකයන් උකහා ගෙන ඇති රටවල් ලෝක සිතියම තුළ පැතිරී ඇති ආකාරය විමසා බැලීම ඊට වඩා ප‍්‍රයෝජනවත් වේ. සජීවව දැක බලා ගැනීමට නම් මෙතැන හෝ වඩාත් වැඩි විභේදනයක් සහිත ඡායාරූපයක් දැක බලා ගැනීමට නම් ඡායාරූපය මත හෝ ක්ලික් කරන්න.

එම නිසා අපි පළමු හතරැස් කොටුව වෙත ආපසු ගොස් දත්ත කට්ටලය තුළ තිබෙන අනෙක් ප‍්‍රභේදයන් විමසා බැලූවෙමු. ජීව දත්තවලින් උනන්දුව දනවනසුලූ රටා අනාවරණය විය.

Sports 370
Music 339
Hi 138
Entertainment 134
male 134
News 132
Male 110
Student 107
student 105
hi 104

මෙම තනි වචනයේ ලැයිස්තුවලින් සැබවින් ම කියැවෙන්නේ ජීව දත්තවල අන්තර්ගතය යි. මෙය පලක් නැති සෙවුමක් (Students යන්නෙහි ප‍්‍රභේද දෙකක් පවතින බව සැලකිල්ලට ගන්න) වන අතර එක සමාන ජීව දත්ත සහිත ආගන්තුකයන් 370 දෙනෙකු දක්නට ලැබීම මවිතයට කරුණකි. මෙය තනි වචනයේ ජීව දත්තවලට පමණක් සීමා වූ තත්ත්වයක් නොවේ: “Sports News Music Entertainment Lifestyle Technology” යන වචනවලින් ආරම්භ වන ජීව දත්ත දහයක් ඇත.

සමස්තයක් ලෙස ගත් විට, “බෙදාහදා ගැනෙන” ජීව දත්ත 1,269ක් පවතී. ඒවා බෙදාහදා ගන්නා පරිශීලකයෝ 6,920 දෙනෙක් සිටිති. සමහර ජීව දත්ත අව්‍යාජ බවක් පෙනෙන අතර (Hi?) සමහර සම්මිශ‍්‍රණ විශ්වාස කළ නොහැකි ය, නැවතීමේ ලකුණු හා කොමාවන් කිසි යම් නිශ්චිත ආකාරයකට සම්මිශ‍්‍රණය කර ඇත.

මින් පෙනෙන්නේ නාමල් රාජපක්ෂගේ ට්විටර් අනුගාමිකයන්ගෙන් 3.5%ක් වත් ව්‍යාජ ගිණුම් පොකුරු විය හැකි බව යි. මෙය, උදාහරණයක් ලෙස, මිල දී ගත් අනුගාමිකයන් පිළිබඳ ප‍්‍රබල සාක්ෂියක් යැයි කිව නොහැකි ය. යම් නිශ්චිත මට්ටමකට වඩා විශාල ඕනෑ ම ට්විටර් ගිණුමක් ව්‍යාජ අනුගාමිකයන් ආකර්ෂණය කර ගනු ඇත. එහෙත් නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ගත් විට 200,000කට ආසන්න ඔහුගේ ට්විටර් අනුගාමිකත්වය තුළ එවැන්නන් සිටින්නේ ඉතා සුළු ප‍්‍රමාණයකි. මෙහි දී මහා පරිමාණ ව්‍යාජ ගිණුම් පොකුරු මෙහෙයුමක් සිදු වී ඇත් නම් එය වනාහි ජීව දත්ත අහඹු ලෙස තෝරා ගත නොහැකි පැහැදිලි ලෙස ම අඥාන ව්‍යාජ ගිණුම් පොකුරු මෙහෙයුමකි. වචනවල අහඹු සම්මිශ‍්‍රණ සකසා ගත හැකි සරල වැඩසටහන් පවතින නමුත් මෙහි දී නිපුණතාව සහිත ව්‍යාජ ගිණුම් පොකුරු සැලසුම්කරුවෙකු කිසි සේත් ම සොයා ගෙන නැත.

වඩාත් උනන්දුව දැනවූයේ ව්‍යාජ ගිණුම් පොකුරු නිර්මාණය කරන ලද දිනයන් ය.

මෙම ප‍්‍රස්තාරය ඔහුගේ අනුගාමික ගිණුම් 199,555 සම්බන්ධයෙන් ම නිර්මාණය කරන ලද දිනයන් පෙන්නුම් කරයි. 2017 වසරේ දී ගිණුම් විශාල ප‍්‍රමාණයක් නිර්මාණය කර ඇති බව ඔබට දැක ගත හැකි ය. 2014 සිට 2016 දක්වා කාලය තුළ දී විශාල ගිණුම් පොකුරු ද නිර්මාණය කර ඇති අතර ඒවායින් පිළිබිඹු වන්නේ සංසන්දනාත්මකව ගත් විට මෙම වසරවල දී එක දිගට ගිණුම් නිර්මාණය කිරීම් මාලාවක් ම කෙරුණු බව පෙන්නුම් කරන රටාවකි. මෙම ප‍්‍රස්තාරය ඔහුගේ අනුගාමික ගිණුම් 199,555 සම්බන්ධයෙන් ම නිර්මාණය කරන ලද දිනයන් පෙන්නුම් කරයි. 2017 වසරේ දී ගිණුම් විශාල ප‍්‍රමාණයක් නිර්මාණය කර ඇති බව ඔබට දැක ගත හැකි ය. 2014 සිට 2016 දක්වා කාලය තුළ දී විශාල ගිණුම් පොකුරු ද නිර්මාණය කර ඇති අතර ඒවායින් පිළිබිඹු වන්නේ සංසන්දනාත්මකව ගත් විට මෙම වසරවල දී එක දිගට ගිණුම් නිර්මාණය කිරීම් මාලාවක් ම කෙරුණු බව පෙන්නුම් කරන රටාවකි.

වඩාත් වැඩි විභේදනයක් සහිත ප‍්‍රස්තාරයක් මෙතැනින් සපයා ගත හැකි ය. 2009 දී ගිණුම් 1,850ක් ලියාපදිංචි කෙරිණ. 2010 දී 3,434කි. 2011 දී 4,862කි. 2012 දී 5,913කි. 2013 දී 8,532කි.
2010 දී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ඔහු තනතුරේ රැඳී සිටීම සහ සිය බලය වර්ධනය කර ගැනීම සමග මෙම ප‍්‍රවණතාව ඉතා හොඳින් ගැළපේ.

කෙසේ වුව ද, 2014 දී ගිණුම් 38,857ක් නිර්මාණය කර ඇති බව පෙනේ. 2015 දී 45,524ක් දක්නට ලැබේ. 2016 දී පහත වැටීමක් දැක ගත හැකි අතර, එහි දී නිර්මාණය කර ඇත්තේ ගිණුම් 25,354කි. 2017 දී ගිණුම් 65,042ක් තරම් අතිවිශාල සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත. මෙය පාර්ලිමේන්තුව තුළ නාමල් රාජපක්ෂගේ බල රටාව සමග නොගැළපෙන නිසා අසාමාන්‍ය තත්ත්වයක් වේ. එක්කෝ නාමල් රාජපක්ෂ ට්විටර් අඩවියට දසදහස් ගණනක් ජනයා ආකර්ෂණය කර ගත්තා විය යුතු ය. එසේ නම් වෙබ් වේදිකාව ඔහුට ස්තුතිවන්ත විය යුතු ය. නැත් නම් ඔහු එවැනි ව්‍යාජ ගිණුම් උත්පාදනය කරන කිසි යම් උද්ඝෝෂණ ව්‍යාපාරයකට ගොදුරු වුණා විය යුතු ය.

අපි ගූගල් නිව්ස් පදනම් කර ගෙන, සංසන්දනය කිරීම සඳහා, 2017 වසරේ දී නාමල් රාජපක්ෂ පුවත් මැවූ අවස්ථාවන්හි ලැයිස්තුවක් ඉදිරිපත් කළෙමු. එම ලේඛනයට මෙතැනින් පිවිසිය හැකි ය. නාමල් රාජපක්ෂ සිරස්තලවල දිස් වූ කාල පරිච්ෙඡ්ද සහ ඔහුගේ ගිණුමේ අනුගාමිකයන් වැඩි වීම අතර සහසම්බන්ධයක් නැති බව පැහැදිලි විය. එම නිසා අපි එම ලැයිස්තුව මාස අනුව බෙදා වෙන් කළෙමු:

2017/09 9881
2017/08 11427
2017/07 10273
2017/06 4947
2017/05 3228
2017/04 2071
2017/03 4610
2017/02 3379
2017/01 3703
2016/12 2477
2016/11 2683
2016/10 1246
2016/09 1043
2016/08 1367
2016/07 1236
2016/06 1317
2016/05 1753
2016/04 2030
2016/03 2586
2016/02 3619
2016/01 3997
2015/12 4165
2015/11 3673
2015/10 3597
2015/09 3591
2015/08 3921
2015/07 3737
2015/06 3315
2015/05 3153
2015/04 2918
2015/03 3624
2015/02 3742
2015/01 6088
2014/12 4525
2014/11 4741
2014/10 4947
2014/09 4162
2014/08 3292
2014/07 3138
2014/06 3309
2014/05 2871
2014/04 2703
2014/03 2083
2014/02 2010
2014/01 1076

2015 පෙබරවාරි මාසයෙන් පසුව අනුගාමිකයන් නිර්මාණය වීමේ රටාව කල් තියා තීරණය කළ හැකි තත්ත්වයට පත් වීම විස්මයට කරුණකි. අැතැම්විට සියයක් අඩු වෙමින් හෝ වැඩි වෙමින් ඒ සියල්ල ම පාහේ 3,500 පරාසය තුළ පවතී: මධ්‍යන්‍ය අගය අනුව ගත් විට මාසයකට ගිණුම් 3,619ක් නිර්මාණය කෙරී ඇත. 2016 පෙබරවාරි මාසය දක්වා වසරක් පුරා ම මෙම තත්ත්වය පවතී. අනතුරුව එහි පහත වැටීමක් සිදු වී ඇත. මාස හතක් තිස්සේ ම සංඛ්‍යා 2,000 ගණන්වල පරාසය තුළ පැවතී ඉන් ඉක්බිතිව නැවතත් පෙර පැවති රටාව දක්වා වේගයෙන් ඉහළ යයි. අනතුරුව 2017 ජුලි මාසයෙන් මෙපිට දී සංඛ්‍යා හදිසියේ තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත.

අප දින අනුව විමසා බලන විට රටාව වඩාත් පැහැදිලි තත්ත්වයට පත් වේ. 2017 සැප්තැම්බර් මාසයට අදාළ ප‍්‍රතිඵල මෙසේ ය:

09/01/2017 274
09/02/2017 192
09/03/2017 256
09/04/2017 264
09/05/2017 240
09/06/2017 251
09/07/2017 257
09/08/2017 220
09/09/2017 298
09/10/2017 273
09/11/2017 376
09/12/2017 338
09/13/2017 293
09/14/2017 386
09/15/2017 395
09/16/2017 424
09/17/2017 395
09/18/2017 353
09/19/2017 287
09/20/2017 311
09/21/2017 404
09/22/2017 380
09/23/2017 242
09/24/2017 295
09/25/2017 282
09/26/2017 456
09/27/2017 436
09/28/2017 408
09/29/2017 447
09/30/2017 448

මෙය 2016 ජනවාරි මාසය පිළිබඳ කෙටි විස්තරයකි:

01/01/2016 149
01/02/2016 175
01/03/2016 150
01/04/2016 150
01/05/2016 122
01/06/2016 143
01/07/2016 133
01/08/2016 134
01/09/2016 123
01/10/2016 126
01/11/2016 144
01/12/2016 133
01/13/2016 113
01/14/2016 142
01/15/2016 111
01/16/2016 125
01/17/2016 119
01/18/2016 91
01/19/2016 100
01/20/2016 119
01/21/2016 147
01/22/2016 118
01/23/2016 156
01/24/2016 122
01/25/2016 119
01/26/2016 143
01/27/2016 128
01/28/2016 134
01/29/2016 103
01/30/2016 114
01/31/2016 111

මෙය 2015 ජුලි මාසය පිළිබඳ කෙටි විස්තරයකි:

07/01/2015 118
07/02/2015 142
07/03/2015 143
07/04/2015 169
07/05/2015 149
07/06/2015 128
07/07/2015 151
07/08/2015 116
07/09/2015 134
07/10/2015 138
07/11/2015 134
07/12/2015 115
07/13/2015 159
07/14/2015 114
07/15/2015 119
07/16/2015 144
07/17/2015 90
07/18/2015 120
07/19/2015 99
07/20/2015 108
07/21/2015 97
07/22/2015 121
07/23/2015 91
07/24/2015 117
07/25/2015 94
07/26/2015 113
07/27/2015 99
07/28/2015 110
07/29/2015 94
07/30/2015 110
07/31/2015 101
07/01/2015 118
07/02/2015 142
07/03/2015 143
07/04/2015 169
07/05/2015 149
07/06/2015 128
07/07/2015 151
07/08/2015 116
07/09/2015 134
07/10/2015 138
07/11/2015 134
07/12/2015 115
07/13/2015 159
07/14/2015 114
07/15/2015 119
07/16/2015 144
07/17/2015 90
07/18/2015 120
07/19/2015 99
07/20/2015 108
07/21/2015 97
07/22/2015 121
07/23/2015 91
07/24/2015 117
07/25/2015 94
07/26/2015 113
07/27/2015 99
07/28/2015 110
07/29/2015 94
07/30/2015 110
07/31/2015 101

එම ස්ථාවරත්වය මවිතය දනවයි. මෙම මාස තෝරා ගත්තේ අහඹු ලෙස ය. සෑම මාසයක් ම අනුගාමිකයන් නිර්මාණය වීම පිළිබඳ දෛනික සංඛ්‍යාවක් පෙන්නුම් කරයි. මෙම සංඛ්‍යාව මාසික සාමාන්‍යයෙන් විශාල වශයෙන් පිට පනින්නේ කලාතුරකිනි. එය නාමල් රාජපක්ෂ සම්බන්ධ ප‍්‍රවෘත්තිමය වටිනාකමක් සහිත සිදුවීම් (ප‍්‍රසිද්ධියේ පෙනී සිටීම්, මතභේද යනාදිය) සමග අනුරූප නොවේ.

මොවුන් නාමල් රාජපක්ෂගේ අනුගාමිකයන් බවට පත් වූ ජනයා නොවන නමුත් සැබෑ ගිණුම් නිර්මාණය කෙරී ඇති හෙයින් කෙනෙකුට එළඹිය හැක්කේ නිගමන කිහිපයකට පමණකි:

– යමෙකු නාමල් රාජපක්ෂගේ ට්විටර් ගිණුමට යොමු වී මාසයකට නිශ්චිත අනුගාමිකයන් සංඛ්‍යාවක් ඉල්ලා මාසයකට පමණ වරක් නැවත පරීක්ෂා කර එම සංඛ්‍යාව නියම කර ගත්තේ ය.

– මෙම පුද්ගලයා නාමල් රාජපක්ෂට එරෙහිව වැඩ කරන්නෙකු විය හැකි ය -ව්‍යාජ අනුගාමිකයන් යැවීම ද කඩිනමින් ඇද වැට්ටවීමේ උපායකි. එම නිසා, අනුගාමිකයන් මෙසේ එක දිගට ම හා සැලකිය යුතු ලෙස වැඩි වීම සහ ඔවුන්ගේ සැක සහිත ස්වභාවය, අඩු ගණනේ වසරක කාල පරිච්ෙඡ්දය තුළ දී වත්, නාමල් රාජපක්ෂගේ ඇස නොගැටුණා යැයි සිතිය නොහැකි තරම් ය.

– නාමල් රාජපක්ෂගේ අනුගාමිකයන් අතිශය අසාමාන්‍ය ලෙස සම්බන්ධීකරණය කරනු ලැබ සිටින අතර ඔවුන් ට්විටර් අඩවියේ පරිශීලකයන් බවට පත් වන්නේ යම් ආකාරයක පංගු ක‍්‍රමයක් පදනම් කර ගනිමිනි. මෙවැන්නක් කළ හැකි වන්නේ 15.1%ක අන්තර්ජාල කා වැදීමක් පවත්නා සහ යමෙකු පරිගණකය ඉදිරිපිට අසුන් ගෙන පරිගණක පද්ධතියකට සම්බන්ධ වුව හොත් රේඛාව එකකින් ඉහළ යන රටක පමණකි.

කෙසේ වුව ද, නාමල් රාජපක්ෂ කල් තියා බොහෝ දුරට පෙරදැකිය හැකි අනුගාමිකයන් සංඛ්‍යාවක් ට්විටර් අඩවියට දිනපතා ආකර්ෂණය කර ගත් බව දත්තවලින් පැහැදිලිව පෙනේ. ට්විටර් අඩවියේ වර්ධනයේ මේ මොහොතේ දී මෙය මහජන සේවයක් ලෙස සැලකිය හැකි ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මැතිවරණ ක‍්‍රියාවලි හා ප‍්‍රසිද්ධ කතිකාව කෙරෙහි බලපෑ හැකි ආකාර

උසුළු විසුළු පසෙක තබමු. ශ‍්‍රී ලාංකික වාතාවරණය තුළ දී දේශපාලනය සම්බන්ධයෙන් ගත් කල්හි මේ සියල්ලෙහි ම ඉතා අලූත් යමක් පවතී. මෙවැනි එක් ගිණුමක් පමණක් වුව ද පර්යේෂකයන්ට ඉතා සිත් ගන්නාසුලූ වන අතර මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සාර්ථකත්වයට ඉතා බාධාකාරී ය. වෙනත් උදාහරණ ද තිබිය හැකි ය.

සමස්ත ට්විටර් අඩවිය ම ව්‍යාජ ගිණුම් පොකුරු පිළිබඳ ප‍්‍රශ්නයකට මුහුණ දී සිටී. Mashable අඩවියේ පළ වූ මෙම ලිපිය සඳහන් කරන පරිදි,

ට්විටර් අඩවියේ ඇති ව්‍යාජ ගිණුම් පොකුරු සමාජ අන්තර්ගතයක් ජනනය කරන ස්වාධීන වැඩසටහන් හෝ ඒකක ලෙස සැලකිය හැකි ය. මෙම අන්තර්ගතයට අයත් ක‍්‍රීඩා පිළිබඳ යාවත්කාලීන කිරීම් වැනි සමහර අංග හානිකර නැත, එහෙත් සමහර අංග හිතාමතා ම ද්වේෂ සහගත වන අතර දෙබෙදුම් නිර්මාණය කරයි. මෑත දී Bloomberg අඩවියේ පළ වූ වාර්තාවක් 2016 දෙබෙදුම් උද්ඝෝෂණය අතරතුර දී අන්ත දක්ෂිණාංශික අදහස් ට්වීට් කළ බව ප‍්‍රකට ව්‍යාජ ගිණුම් පොකුරු 1,600කට වැඩි ගණනක් විමර්ශනය කළේ ය.

ව්‍යාජ ගිණුම් පොකුරුවල බලපෑම ප‍්‍රබල ය. එහෙත් මෙම ප‍්‍රබලතාවෙන් වැඩි කොටසක් ජනනය වන්නේ හුදු සංඛ්‍යාවලිනි. මෙම වසර මුල දී, දක්ෂිණ කැලෆෝනියා විශ්වවිද්‍යාලයේ සහ ඉන්ඩියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ ඇත්ත වශයෙන් ම ට්විටර් පරිශීලකයන්ගෙන් සියයට නවයත් 15ත් අතර ප‍්‍රතිශතයක් ව්‍යාජ ගිණුම් පොකුරු බව කියා සිටියහ. ට්විටර් අඩවියට පෘථිවි ගෝලය පුරා පරිශීලකයෝ මිලියන 328ක් සිටිති. අවම තක්සේරුවක් කළත් මින් අදහස් වන්නේ ව්‍යාජ ගිණුම් පොකුරු මිලියන 30ක් පවතින බව යි.

රුසියාව ව්‍යාජ ගිණුම් පොකුරු නිර්මාණය කිරීම, සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම හා රාජ්‍ය මට්ටමේ මැදිහත් වීම් කිරීම එක්සත් ජනපද ජනාධිපතිවරණයට අහිතකර ලෙස බලපෑ ආකාරය ගැන 2017 සැප්තැම්බරයේ දී ට්විටර් අඩවිය විසින් ම සවිස්තරාත්මක සටහනක් ප‍්‍රකාශයට පත් කෙරිණ. එම සටහනේ දී ට්විටර් අඩවිය ස්ථිර වශයෙන් ම මෙසේ කියා සිටී:

[අපි] … ලොව වටා මැතිවරණ සමයන්හි ප‍්‍රධාන නිමේෂයන්හි දී ජාතික මැතිවරණ කොමිසම් සමග නිතිපතා සම්බන්ධකම් පැවැත්වූ අතර අඛණ්ඩව අපගේ ආරක්ෂාව හා නියෝජිත සමාලෝචන ආවරණය ශක්තිමත් කළෙමු. අපි දිගින් දිගට ම මෙය කර ගෙන යන්නෙමු, අපගේ ප‍්‍රජා සම්බන්ධය පුළුල් කර ගන්නෙමු. එවිට ප‍්‍රධාන මැතිවරණ සහ ගෝලීය දේශපාලන සිදුවීම් අතරතුර දී සිදු විය හැකි සියලූ දෑ හමුවේ අප සතුව ශක්තිමත්, පැහැදිලි කඩිනම් කිරීමේ ක‍්‍රියාවලි පවතිනු ඇත.

ට්විටර් පොකුරු ගිණුම්වලට නාමල් රාජපක්ෂ යනු ශ‍්‍රී ලංකාව තුළ සිටින ප‍්‍රමුඛ පෙළේ ආකර්ෂණීය පුද්ගලයෙකු විය හැකි ය. කෙසේ වුව ද, ඉහත දැක්වෙන දත්ත පදනම් කර ගත් විශ්ලේෂණය සැලකිල්ලට ගන්නා විට මෙය සිදු වන්නට තිබෙන ඉඩකඩ බෙහෙවින් අඩු බව පැහැදිලි ය. එම විශ්ලේෂණය පෙන්වා දෙන්නේ ගිණුම් හිමියා(account holder and owner) වන නාමල් රාජපක්ෂගේ අභිප‍්‍රාය වන්නේ සැලසුම්ගත, ක‍්‍රමෝපායාත්මක ආකාරයකින් අනුගාමිකයන්ට අනුබල දීම බව යි. ට්විටර් අඩවියට පරිබාහිරව Facebook, Instagram වැනි වේදිකා සහ WhatsApp and Viber වැනි ක්ෂණික පණිවුඩ මෘදුකාංග යෙදුම් පවතින තත්ත්වය තුළ මෙය ශ‍්‍රී ලංකාවේ, පොහොසත්, විවිධත්වයෙන් යුත්, ශීඝ‍්‍රයෙන් වර්ධනය වන සමාජ මාධ්‍ය භූ දර්ශනය තුළ පවත්නා එක ම උදාහරණය වන්නට තිබෙන ඉඩකඩ ද බෙහෙවින් අඩු ය. මෙම ලිපියේ කතුවරු 2015 අගෝස්තු මහ මැතිවරණය අතරතුර දී එකිනෙකාගෙන් ස්වාධීනව ප‍්‍රධාන වශයෙන් ට්විටර් අඩවියේ හැෂ්ටැගය පිළිබඳව සමීප අවධානයක් යොමු කරමින් අධ්‍යයනය කළ අතර දෙදෙනා ම සොයා ගත්තේ සාවද්‍ය තොරතුරු, කටකතා, අර්ධ සත්‍යයන් හා බෙදීම් ඇති කිරීමේ ප‍්‍රචාරක කටයුතු ප‍්‍රවර්ධනය කිරීම සඳහා ගිණුම් ආයුධයක් ලෙස යොදා ගැනීමක් සිදුව තිබෙන බව යි (කියවන්න Sri Lanka Parliamentary Election 2015: How did Social Media make a difference නමින් නාලක ගුණවර්ධන විසින් රචිත ලිපිය, සියලූ ට්වීට් පණිවුඩ වෙත ප‍්‍රවේශ වීම සඳහා Archives of General Election 2015: #SLGE15 & #GenElecSL ලිපිය). මෙතැන් සිට තුන් වසරක් ගෙවී ගොස් ඇති අතර, එවකට විශ්ලේෂකයන් විසින් ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම හා මැතිවරණ ප‍්‍රතිඵල හැඩ ගැස්වීම සඳහා අපරිණත ක‍්‍රමෝපායන් යොදා ගැනීම ලෙස නිරීක්ෂණය කරන ලද දෙය දැන් වඩාත් පුළුල්ව පැතිරී සහ සාමාන්‍ය තත්ත්වය බවට පත් වී ඇත.

සමාජ මාධ්‍ය පර්යේෂණයන්ට ප‍්‍රයෝජනවත් වන දෙය නම් ට්විටර් අඩවියේ ඇති @RajapaksaNamal ගිණුම යොදා ගැනෙන ආකාරය යි, විවාදාත්මකව කිව හොත්, අපයෝජනයට ලක් කෙරෙන ආකාරය යි. එය හුදෙක් රාජපක්ෂවරුන්ට හා ඒකාබද්ධ විපක්ෂයට පමණක් නොව සියලූ දේශපාලනඥයන්ට මැතිවරණ වාසි අත් කර දීම සඳහා විශේෂයෙන් සැලසුම් කළ, මිනිසා විසින් කෙරෙන ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීමෙන් සහ ස්වයංක‍්‍රියව නිර්මාණය වන ව්‍යාජ ගිණුම් පොකුරුවලින් සමන්විත, සමාජ මාධ්‍ය ක‍්‍රමෝපායන් කෙරෙහි නව අභිරුචියක් හට ගෙන තිබෙන බව පිළිබිඹු කරයි. අභිප‍්‍රාය පැහැදිලි ය – එය නම්, සමාජ මාධ්‍යය තුළ දී සහ ඉන් ඔබ්බෙහි දී ඡන්ද දායකයන්ගේ හැඟීම්වලට හා ප‍්‍රසිද්ධ කතිකාවට බලපෑම් කිරීම යි.

මෙය ද මෙම ගිණුම මේ දක්වා අප රටේ මැතිවරණ රාමුව තුළ දක්නට නොවූ නමුත් ප‍්‍රසිද්ධ කතිකාවට සම්බන්ධිතව සිදු විය හැකි දේවල් පිළිබඳ පෙරනිමිත්තක් බවට පත් කරන්නකි. මාධ්‍ය ක‍්‍රමෝපාය – තරුණ, පහසුවෙන් බලපෑමට ලක් වන, නව හා සමාජ මාධ්‍යයෙහි නිපුණ ඡන්ද දායකයන් මත රඳා පවතී. මැතිවරණ දෙපාර්තමේන්තුවට අනුව, 2018 පෙබරවාරි මාසයේ දී පළමු වතාවට ඡන්දය පාවිච්චි කරන සංඛ්‍යාව 900,000ක් පමණ වෙති. 2010 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයේ සිට මේ මාසයේ පැවැත්වෙන(පැවැත් වූ) පළාත් පාලන මැතිවරණය දක්වා ශ‍්‍රී ලංකාවේ සිටින සුදුසුකම් ලත් මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාවෙන් 15%ක් අවුරුදු 18 සහ 34 අතර වයස්වල පසු වන්නන් වනු ඇත. මෙම ජන කොටස දේශපාලන මතය ජනනය කරන ආකාරය, එය බෙදාහදා ගන්නා ආකාරය, අදහස් සහ දේශපාලනඥයන් ඇතුළු සුප‍්‍රකට පුද්ගලයන් කෙරෙහි සමවයස්‍යයන් හා සමාන අදහස් දරන්නන් අතර විශ්වාසය ඇති කිරීමට උත්සාහ කරන ආකාරය ඔවුන්ට වඩා වැඩිහිටි, නව මාධ්‍ය පිළිබඳ නිපුණතාව අඩු ජන කොටසක් ඒවා කරන ආකාරයට වඩා අතිමූලික වශයෙන් ම වෙනස් ය. මෙම සහස‍්‍රක බුබුළ – යමෙකුට එය එසේ හැඳින්විය හැකි ද? – දේශපාලන පක්ෂ ඡන්ද දායකයන් ග‍්‍රහණයට ගැනීම සඳහා නව ක‍්‍රමෝපායන් යොදා ගත යුතු යැයි ද නව තත්ත්වයන්ට ගැළපෙන පරිදි පැරණි ප‍්‍රචාරක ක‍්‍රම සීරුමාරු කර ගත යුතු යැයි ද ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් ගත් කල්හි නාමල් රාජපක්ෂගේ ට්විටර් ගිණුම මෙන් ම ඔහුගේ (සමාජ) මාධ්‍ය ක‍්‍රමෝපාය අනෙක් සියලූ දෙනාගේ ම ගිණුම් හා ක‍්‍රමෝපායන්ට වඩා ඉදිරියෙන් තිබෙන බව පැහැදිලි ය.

අවසන් වශයෙන් කිව යුත්තේ, මෙම ලිපිය ආරම්භයේ දී සඳහන් කළාක් මෙන් මැතිවරණ ක‍්‍රියාවලි ආශ‍්‍රිතව සමාජ මාධ්‍යය ආයුධයක් ලෙස යොදා ගැනීම නිසා පැන නගින අන්තරාය වන්නේ ආණ්ඩුව වත්, සිවිල් සමාජය වත් ඊට මුහුණ දීමට සූදානම් තත්ත්වයක නොසිටීම බව යි. මෙම නව සහ ප‍්‍රතිඵලය හැඩ ගැස්වීමට ඉඩ තිබෙන තාක්ෂණයන් සහ ඒවායේ භාවිතය මෙන් ම අවභාවිතය ද සමග පොර බැදීමට අවශ්‍ය කරන පරිකල්පනය, තාක්ෂණික විශේෂඥතාව හා විශ්වසනීය උපදෙස් ඔවුන් සතුව නැති අතර සිවිල් සමාජයට අරමුදල් නැත.

ව්‍යාජ ගිණුම් පොකුරු ආශ‍්‍රිත ගැටලූව වන්නේ ඒවා විසින් ප‍්‍රවණතා සහ අවසානයේ දී සත්‍යය ම සම්බන්ධයෙන් ව්‍යාජ අදහස් නිර්මාණය කරනු ලැබීම යි. ව්‍යාජ ගිණුම් පොකුරුවලට හර ගැටලූ යටපත් කළ හැකි ය, විරුද්ධවාදීන් යටපත් කළ හැකි ය, පක්ෂග‍්‍රාහී අන්තර්ගතයන් සහ ප‍්‍රචාරක ව්‍යාපාර වඩාත් ශක්තිමත් කළ හැකි ය; එපමණක් නොව, මානව ක‍්‍රියාකාරකයන් (ප‍්‍රකෝපකාරී පණිවුුඩ ප‍්‍රචලිත කිරීමේ හමුදා/troll armies) සමග එක් වී, බොහෝ විට ප‍්‍රතිවාදී දේශපාලන පක්ෂයක අසන්නද්ධ ආධාරකරුවන්ට මැර කණ්ඩායම් විසින් කරනු ලබන දෙය කරන්නන් බවට “වෙනත් වචනවලින් කිව හොත්, ප‍්‍රතිවිරුද්ධ දේශපාලන මත ප‍්‍රචණ්ඩ ආකාරයෙන් මර්දනය කරන්නන් බවට” පත් විය හැකි ය.

එක්සත් ජනපද ජනාධිපතිවරණය ආශ‍්‍රිතව ව්‍යාජ ගිණුම් පොකුරු පිළිබඳ ප‍්‍රශ්නය වැදගත් වූ බව දැන් ට්විටර් අඩවිය විසින් පමණක් පිළිගනු ලැබ ඇත.

මැතිවරණය අතරතුර දී ද රුසියාව හා බැඳුණු ව්‍යාජ ගිණුම්වල ක‍්‍රියාකාරිත්වය සිදු වන්නට ඇති බව සමාගම පැවසී ය. මැතිවරණය ආශ‍්‍රිතව තමන් විසින් විශ්ලේෂණය කරන ලද කෙටි කාල පරිච්ෙඡ්දය තුළ දී ව්‍යාජ ගිණුම් පොකුරු 36,000ක් පමණ ස්වයංක‍්‍රිය ට්වීට් පණිවුඩ යවමින් සිටියේ යැයි ට්විටර් අඩවිය කලින් වාර්තා කළ නමුත් දැන් එය පවසන්නේ සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව යි. ට්විටර් අඩවිය තවත් ව්‍යාජ ගිණුම් පොකුරු 13,500ක් සොයා ගනිමින් එම සංඛ්‍යාව 50,258 දක්වා ඉහළ දැම්මේ ය. එය ව්‍යාජ ගිණුම් පොකුරු විශාල සංඛ්‍යාවකි. ට්විටර් අඩවිය නිකුත් කළ නිවේදන තුළ මෙම ගිණුම් සමග අන්තර් ක‍්‍රියා කරන්නට ඇති අය ඇතුළත් නොවේ – එය වනාහි 677,775ටත් වඩා වැඩි විය හැකි සංඛ්‍යාවකි.

මෙය වූ කලි හුදෙක් වැඩසටහන් සම්පාදකයෙකුට, කේතගත කරන්නෙකුට(coder or geek) හෝ පරිගණක ලෝලියෙකුට පමණක් අදාළ වන දෙයක් නොවේ. දැන් සමාජ මාධ්‍යය ආයුධයක් ලෙස යොදා ගැනෙමින් තිබෙන ආකාරය – සම්බන්ධ වී සිටින අය, සම්බන්ධ වී නැති අය, පළමු වතාවට ඡන්දය පාවිච්චි කරන අය සහ පැරණි ඡන්ද දායකයන් යන-සියලූ පුරවැසියන්ට බලපාන අතර වැදගත් වේ. ඕනෑ ම රටක ඕනෑ ම මැතිවරණ ක‍්‍රියාවලියකට අදාළ වේ. 2017 වසරේ දී Wired සඟරාව සඳහන් කළ පරිදි,

ව්‍යාජ ගිණුම් පොකුරුවල මෙම ක‍්‍රියාකාරිත්වය නිසා මැතිවරණය පිළිබඳ ඔබගේ අදහස වෙනස් විය හැකි ය. වැදගත් කරුණ වන්නේ එය යි. මෙය ප‍්‍රචාරක යුද්ධයකි.

එම ලිපිය මෙසේ ද සඳහන් කළේ ය:

මෙම ව්‍යාජ ගිණුම් පොකුරු නිර්මාණය කරන්නේ කවුරුන් දැයි සොයා ගත හැකි ක‍්‍රමයක් නැති තරම් යැයි ව්‍යාජ ගිණුම් පොකුරු පිළිබඳව පර්යේෂණ පවත්වන තවත් ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාල පර්යේෂකයෙකු වන ෆිලිප් හොවාඞ් පවසයි. ව්‍යාජ ගිණුම් පොකුරු පිළිබඳ සමස්ත කාරණය වන්නේ එය යි “ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ක‍්‍රියාකාරකයන්ට වුවමනා කරන්නේ යම් පණිවුඩයක් පුළුල් ලෙස පතුරවා හැරීමට මිස එම පණිවුඩය ඒවා හඳුනා ගත හැකි මූලාශ‍්‍රයකට හසු වන පරිදි යැවීමට නොවේ.” “සමහර ව්‍යාජ ගිණුම් පොකුරු පසුපස දේශපාලනික ක‍්‍රියාකාරී කණ්ඩායම් සිටින බවට සමහර සාක්ෂි ලැබී තිබෙනවා” “ඔවුන් තමන් ආධාර කරන අපේක්ෂකයන් වෙනුවෙන් මුදල් වියදම් කරන බව අපි දන්නවා” යැයි හොවාඞ් පවසයි. “ඒත් ට්විටර් අඩවියේ ව්‍යාජ ගිණුම් පොකරු ඒ අඩවියට ආවේණික ස්වභාවයක් දරන නිසා සාමාන්‍ය නිපුණතාවක් තියෙන පරිශීලකයෙකුට වුණත් ඒවා ජනනය කරන්න පුළුවන්.” තොරතුරු හා ප‍්‍රචාරක පොළවල් දීර්ඝ කාලයක් තිස්සේ ව්‍යාජ ගිණුම් පොකුරු යොදා ගෙන ඇති බවත් ඒවා මුදා හැරීමේ වුවමනාවෙන් පසු වන ඕනෑ ම ගැනුම්කරුවෙකුට අඩු මිලට ඒවා දහස් ගණනින් විකුණන වෙළඳුන් රැසක් සිටින බවත් හොවාඞ් පවසයි. එපමණක් නොව, වර්තමානයේ දී ෆෙඩරල් මැතිවරණ කොමිසම විසින් ව්‍යාජ ගිණුම් පොකුරුවල ක‍්‍රියාකාරිත්වය අධීක්ෂණය කරනු ලැබීම සඳහා කිසිදු නීතියක් නොමැති නිසා මේ සියල්ල නීත්‍යනුකූල ය.

අවධාරණය අපගේ ය.

ට්විටර් අඩවියේ ව්‍යාජ ගිණුම් පොකුරුවල අතිසංකීර්ණ ස්වභාවය සහ ඒවා විසින් ජනනය කෙරෙන අන්තර්ගතයේ සැබෑ පරිමාව පිළිබඳව එක්සත් ජනපද මැතිවරණ කොමිසම දැනුවත් කර නොතිබීම මැතිවරණ ක‍්‍රියාවලියට බලපෑමක් කළේ ය. 2017 වසර තුළ දී ව්‍යාජ ගිණුම් පොකුරුවලින් පිරුණු නාමල් රාජපක්ෂගේ ට්විටර් ගිණුම අතිවිශාල ලෙස වර්ධනය වීම 2018 වසරේ සහ ඉන් ඔබ්බෙහි යම් මොහොතක මැතිවරණ ප‍්‍රතිඵලයන්ට බලපෑම් කිරීම සඳහා මෙම ගිණුම (වෙනත් අය සමග එක්ව මෙන් ම සමාජ මාධ්‍ය වේදිකා යොදා ගනිමින් බව ද නිසැක ය) යොදා ගැනීමට තිබෙන ඉඩකඩ පෙන්නුම් කරන බව පැහැදිලි ය. ශ‍්‍රී ලංකාවේ විමල් වීරවංශ වැනි දේශපාලනඥයන් සමාජ මාධ්‍යය තුළ සිය අනුගාමිකත්වය කෘත‍්‍රිම ලෙස පුම්බා ගනිමින් සිටින බව නිරීක්ෂණය කෙරුණේ 2014 වසර තරම් ඈත දී ය. එවකට මෙය සිදු කරන්නට ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට වඩා කැපී පෙනීම සඳහා සංඛ්‍යා ජනනය කර ගැනීමට පමණක් විය හැකි නමුත් දැන් පවත්නා අන්තරාය වන්නේ ප‍්‍රතිවිරුද්ධ මත දරන්නන් මර්දනය කිරීම, විවරණ හැඩ ගැස්වීම, ප‍්‍රචාරක ව්‍යාපාර හුවා දැක්වීම, සාවද්‍ය තොරතුරු පැතිරවීම, විවේචනාත්මක හඬවල් යටපත් කිරීම, අයුතු බලපෑම් කිරීම, හඬ රැව් පිළිරැව් දෙන ආවෘත කුටි ලෙස ක‍්‍රියා කිරීම සහ සමාජ මාධ්‍ය කතිකාව හැඩ ගැස්වීම සඳහා අනුගාමිකයන්ට (ව්‍යාජ ගිණුම් පොකුරු මගින් සහ ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීම මගින්) ක‍්‍රමෝපායාත්මකව බලපෑම් කිරීමට ද හැකි වීම යි.

මේ සියල්ල පරිණාමය වන ආකාරය පිළිබඳ ඇඟවුම් දැනට මත් අප සතුව පවතී. ප‍්‍රසිද්ධ කතිකාව සහ වග වීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ගෙන ඇති ප‍්‍රවිෂ්ටය අතීතය සමග ගනුදෙනු කිරීමේ දී රාජපක්ෂ පවුල පොදුවේ ගෙන ඇති ප‍්‍රවිෂ්ටය පිළිබිඹු කරයි – එනම්, අපහසුතාව ඇති කරන දෑ මකා දැමීම සහ කිසිවක් සිදු නොවූවා සේ වැඩ කටයුතු කර ගෙන යාම යි. මෙය අමු අමුවේ ප‍්‍රදර්ශනය වූ මෑත ම අවස්ථාව වන්නේ කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පියවර ගැනීමේ අවශ්‍යතාව ප‍්‍රබල අන්දමින් පෙන්වා දුන් ට්වීට් පණිවුඩයකට ප‍්‍රතිචාර වශයෙන් ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය එම පණිවුඩය අවධානයට ලක් කරවීමෙන් පසුව කාන්තාවන්ට අවමන් කරමින් පළ කරන ලද තමන් අපහසුවට පත් වන ට්වීට් පණිවුඩයක් මකා දැමීම යි.

මෙම ආකල්පය හා චර්යාව නාමල් රාජපක්ෂගේ මානසිකත්වය පැහැදිලි ලෙස පෙන්නුම් කරන්නකි. එපමණක් නොව එය පෙබරවාරි මාසයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයත් සමග අරඹා ”මෙම ලිපිය ලියන මොහොත වන විට නම්” මැතිවරණ ආශ‍්‍රිතව අනුගාමිකයන් 224,000කට වැඩි සංඛ්‍යාවක් යෙදවීමට හා විහිදුවා හැරීමට හැකි ආකාරය පිළිබඳ තියුණු අවබෝධයක් ද ලබා දෙයි.

අනතුරු අඟවන්නෙකු නොමැතිව ශ‍්‍රී ලංකාව දැනට මත් අඛණ්ඩව වර්ධනය වන නව ඔන්ලයින් දේශපාලන ක‍්‍රියාකාරිත්වයන්ට පිවිස ඇත. එහි දී වාරණයේ, හැසිරවීමේ, පාලනය කිරීමේ නිරත නියෝජිතයෝ සාම්ප‍්‍රදායික නිරීක්ෂණ හා විශ්ලේෂණ පරාමිතීන්ගෙන් බැහැර වෙමින් කතිකාමය භූ දර්ශනය පාලනය කරති. මෙය හුදෙක් තාක්ෂණික විශේෂඥයෙකු පිළිබඳ කාරණයක් නොවේ. 2017 වසර අග දී එක්සත් රාජධානියේ මැතිවරණ කොමිසම විසින් අවධානයට ලක් කෙරුණු පරිදි, මැතිවරණ උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා සමාජ මාධ්‍ය වේදිකා යොදා ගැනීම ආශ‍්‍රිත විනිවිද භාවය හා වග වීම සම්බන්ධයෙන් වඩාත් ප‍්‍රබල සංවාදයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් පවතී.

මෙම ලිපිය ලියන මොහොත වන විට ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම හෝ එය සමන්විත සාමාජිකයන් හෝ ඊට අනුබද්ධ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණය කිරීමේ මණ්ඩල හෝ මෙම වර්ධනයන්ගේ වැදගත්කම අවබෝධ කර ගෙන ඇත් ද යන්න නොපැහැදිලි ය. ඔවුන් එය අවබෝධ කර ගන්නේ නැත් නම්, අතිසංකීර්ණ ඔන්ලයින් ප‍්‍රචාරක ව්‍යාපාර විසින් (තරුණ) ඡන්ද දායකයන් උකහා ගැනීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ දැනුවත්කම ඉහළ නැංවීම සහ ඔවුන්ට අධ්‍යාපනය ලබා දීම කළ යුතු වේ.

කාලය ගෙවෙද්දී මෙය හුදෙක් සමාජ මාධ්‍යයට ඍජුව ම සම්බන්ධ වී සිටින අය පමණක් නොව ශ‍්‍රී ලංකාවේ සමස්ත මැතිවරණ ක‍්‍රමය ම පටු, පක්ෂග‍්‍රාහී වාසි සඳහා කිහිප දෙනෙකු විසින් ගසා කනු ලැබීමේ අවදානමට ලක් කරනු ඇත. අවසානයේ දී එය නාමල් රාජපක්ෂ හෝ සමාජ මාධ්‍යය පිළිබඳ කාරණයක් නොවනු ඇත – එය අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සාර්ථකත්වය සහ අපගේ මැතිවරණ ක‍්‍රමයේ අවංක භාවය පිළිබඳ කාරණයක් වනු ඇත. මෙම පැතිකඩවල් දෙක ම ආරක්ෂා කිරීමට හා ශක්තිමත් කිරීමට නම්, හානිකර බවින් අඩු සහ වඩාත් ම විශ්වසනීය බව පෙනෙන අන්තර්ගතය අපටත් නොදැනී අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධාරිතාව ප‍්‍රාණ ඇපයට ගැනීමට ඉඩ තිබෙන ආකාරයන් සමග පොර බැදීම සඳහා “ප‍්‍රතිපත්ති සම්පාදකයන්, දේශපාලනඥයන්, නායකයන් හා පුරවැසියන් ලෙස” අප සියලූ දෙනා ම සම්බන්ධ විය යුතු වේ.

###

[1] වර්තමාන ව්‍යාජ ගිණුම් පොකුරුවලට ආහාර ඇණවුම් කිරීම, ඇඳුම් පැලඳුම් මිල දී ගැනීම, මුදල් ඉතිරි කිරීම හා අවන් හල් සොයා ගැනීම සඳහා අපට උදව් කළ හැකි ය. උදාහරණයක් ලෙස, Digital මෘදුකාංග යෙදුම ඔබගේ බැංකු ශේෂය පෙන්වා දී ඔබට ඔබගේ මුදල් කළමනාකරණය කර ගැනීමට උදව් වෙයි. ෆේස්බුක් මැසෙන්ජර් අඩවියේ ඇති Hi Poncho නමැති පරිගණක වැඩසටහන ඔබ අවට ඇති කාලගුණය ඔබට පවසයි. CNET අඩවියේ පළ කර ඇති What is a bot? Here’s everything you need to know, https://www.cnet.com/how-to/what-is-a-bot/, ලිපිය ඇසුරිනි.

[2] Social media ‘bots’ tried to influence the U.S. election. Germany may be next, http://www.sciencemag.org/news/2017/09/social-media-bots-tried-influence-us-election-germany-may-be-next

###

මෙම ලිපියේ දී හඳුනා ගැනෙන ව්‍යාජ ට්විටර් ගිණුම් විසින් දක්වන ලද ප‍්‍රථම ප‍්‍රතිචාර අප විසින් අවධාරණය කරනු ලැබ ඇති කරුණු වඩාත් ශක්තිමත් කළේ ය. ට්වීට් පණිවුඩයට පහළින් ඔබ්බා ඇති ඡායාරූපයේ වඩාත් විශාල පිටපතක් දැක බලා ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

SANJANA HATTOTUWA AND YUDHANJAYA WIJERATNE | සංජන හත්තොටුව සහ යුධංජය විජේරත්න [Namal Rajapaksa, bots and trolls: New contours of digital propaganda and online discourse in Sri Lanka නමින්, groundviews web අඩවියේ පළවූ ලිපිෙය් සිංහල පරිවර්තනයයි @VIKALPA]