”2018 පෙබරවාරි යේ දී ලෙබනනය වෙත එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ සේවය වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වන 2008-9 ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියරේ යුධ පෙරමුණේ ඉදිරි පෙළ නියෝග ලබාදීමේ වගකීම දැරු ශ්‍රී ලංකා කමාන්ඩර්වරයාගේ යෙදවීම නවත්වන ලෙස පහත අනු අත්සන් කොට ඇති අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.” යනුවෙන් ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පහත පලවන්නේ එම නිවේදනයේ සිංහල අනුවාදයයි.

එක්සත් ජාතීන්ගේ තත්කාලින නිර්ණායක මත අදාළ කමාන්ඩර්වරයා කිසිදු ආකාරයක එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාවලියකට අනියුක්ත කළ නොහැකි බව අපි විශ්වාස කරමු. ශ්‍රී ලංකා මානව හිමිකම කොමිසන් සභාව වෙත එක්සත් ජාතීන්ගේ සාම සාධකයන් ලෙස සම්බන්ධව වන පිරිස් පිලිබඳ නිරීක්ෂණය කිරීමට දන්වා ඇතත් අවසන් වශයෙන් අප විශ්වාස කරන ආකාරයට මේ සම්බන්ධ පුර්ණ වගකීම ඔබ සතු විය යුතුය. එනම් එක්සත් ජාතීන්ගේ ප්‍රමිතින්ට හා නිර්ණායකයන්ට අදාළ වන ලෙස “ඉහළ අවංක භාවයකින්, හැකියාවකින් හා කාර්යක්‍ෂමභාවයකින් යුත් සුපිලිපන් පුද්ගලයන්” පමණක් මේ සදහා යෙදවීම ඔබගේ වගකීමකි.

ශ්‍රීලංකා යුධ හමුදාව පවසන්නේ ලෙෆ්ටිනන් කර්නල් රත්නපුල්ලි වසන්ත කුමාර හේවගේ 12 වන සාම සාධක ආරක්ෂක කණ්ඩායමට (12 th Force Protection Company -FPC) නායකත්වය දෙමින් ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරින් (UNIFIL- United Nations Interim Force in Lebanon ) සඳහා පිටත්ව යාමට නියමිත බවයි. (http://www.army.lk/si/node/53464) ලෙෆ්ටිනන් කර්නල් හේවගේ පිලිබඳ කල අන්තර්ජාල විමසුමකදී අප විසින් සොයා ගන්න ලද්දේ 2008 වසරේ දෙසැම්බර් මස 22 වන දින උතුරේ කිලිනොච්චි නගරයේදී කළ ඝාතන වලට සම්බන්ධ බවයි. එසේම 2009 පෙබරවාරි අග භාගය වනතුරු ඔහු පුදුකුඩුඉරිප්පු වල ස්ථානගත වී සිටි බවයි. (ඇමුණුම් බලන්න)

එක්සත් ජාතින් වෙත ලබා දෙන ළද ලෙෆ්ටිනන් කර්නල් හේවගේ ගේ අත්දැකීම් සහිත පුද්ගලික ඉතිහාස විස්තරයේ ( Personal History Profile-PHP) හි මෙය පැහැදිලිව සටහන් ව තිබිය යුතුය. ඒ අනුව 2016 වසරේදී ජිනිවා හිදී ශ්‍රී ලංකා සාම සාධකයන් මාලි වෙත යන අවස්ථාවේ, 0HCHR විසින් භාවිත කරන ලද නිර්නායකන් යටතේ මෙම තොරතුරු ඔහුගේ අයදුම් පත ප්‍රතික්ෂේප වීමට තරම් ප්‍රමාණවත්ය.

ඔබ අප සියලු දෙනාම දන්නා පරිදි 2011 වසරේ සිට එක්සත් ජාතීන්ගේ වාර්තාවන් ගණනාවක් පෙන්වා දෙන පරිදිම ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී අන්තර්ජාතික මානුෂිය නීති හා මානව හිමිකම් දරුණු ලෙස ශ්‍රීලංකා ආරක්ෂක අංශ විසින් කඩකොට තිබේ. මෙම කඩකිරීම් අතර සිවිල් වැසියන්ගේ දේපල ඉලක්ක කරගනිමින් නැවත නැවත කරන ලද ප්‍රහාර එනම් රෝහල්, ආහාර පෝලිම්,සිවිල් වැසියන් වෙත ආහාර හා ඖෂධ නිකුත් නොකිරීම, එසේම මිල්ටරිය විසින් කරන ලද නීති විරෝධී ඝාතන හා බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් යනු යුධ අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපරාධ වල සිමාව ලෙස දැක්විය හැකිය. එසේ තිබියදී හාස්‍යට කරුණ නම් ලෙෆ්ටිනන් කර්නල් හේවගේ 2017 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 1 දක්වා එක්සත් ජාතීන් විසින් පවත්වන ලද “සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ” සියෝල් හි පැවතී දින 5 ක වැඩමුළුවකට සහභාගී වී ඇති බවයි. එහෙත් දින 5 ක පුහුණුව ඔහු ඉදිරි ආරක්ෂක වලල්ලේ සාමාජිකයෙකුව සිට සැලසුම් සහගතව කරන ලද යුධ උල්ලංඝනයන් හා කෙසේවත් සමපාත කල නොහැකිය.

මෙයට අමතරව ලෙෆ්ටිනන් කර්නල් හේවගේ විසින් පසුගිය 2018 පෙරවාරි 04 වන දින ලන්ඩනයේ දී සාමකාමී දෙමල විරෝධතාකරුවන් පිරිසක් වෙත ගෙල සිදීමේ අබිනයක් කිරීමේ සිද්ධිය සම්බන්ධ මහත් ආන්දෝලනයක් ඇති කළ ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා කාර්යාලයේ ආරක්ෂක අංශයට අනියුක්තව සේවය කරන බ්‍රිගේදියර් ප්‍රියංක ප්‍රනාන්දු ක්‍රියාව වෙත සහය පළකරමින් පොස්ටුවක් පලකොට තිබේ. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස පිළිගත නොහැකි ඔහුගේ මෙම අප්‍රසන්න හා බියගැන්වීමේ ක්‍රියාකලාපය හමුවේ ඔහු එම ධුරයෙන් නෙරපන ලෙස දැනටමත් දෙමළ ජාතික කණ්ඩායම්, එක්සත් ජනපද පාර්ලිමේන්තු සබිකයන්, ප්‍රධාන ශ්‍රීලංකා විපක්ෂය හා දෙමල ජාතික සන්ධානය දැනටමත් ඉල්ලීම් කොට තිබේ.

එක්සත් ජාතින් විසින් තමන් විසින් යොදා ගන්නා සාම සාධක බලකයන් තම අබිප්‍රය සදහා නියත වශයෙන්ම සුදුසු ලෙස තෝරා ගැනීමේ උවමනැවෙන් හා පෙලේ නම් හා උත්සුක වන්නේ නම් මේ සඳහා සම්බන්ධ වන බලකායන් ලබාදෙන රටවල් (මෙහිදී ශ්‍රී ලංකාව) හා සම්බන්ධ වන ජේෂ්ඨ නිලධාරීන් පිලිබඳව පුර්ණ පරීක්ෂාවකින් සිටිය යුත්තේ මානව හිමිකම් උල්ලංඝනය කලවුවන් සාම සධක මෙහෙයුම් වල ට ඇතුලත් කිරීමෙන් වැලක්වීමටය.

එමෙන්ම අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ මේ වනවිට ශ්‍රී ලංකාවෙන් ලේබනනය වෙත පිටත් කොට ඇති අණදෙන නිලධාරීන් සිව් දෙනාම සම්බන්ධව ද මෙම ක්‍රියාකලාපයම අනුගමානය කරන ලෙසයි. මන්ද ඔවුන් සිව්දෙනාද ඉහත සඳහන් කළ කාරණය හා සම්බන්ධ වන බැවිනි.

(විස්තර සහිත ඇමිණුම් හා වෙබ් ලිපිනයන්, උපුටා ගැනීම් ඉංග්‍රීසි භාෂාවෙන් තවදුරටත් පහත ඇතුලත් කොට තිබේ.)