iMage by: asianmirror.lk

අලුත්ගම දර්ගා නගරය ආශ්‍රිත මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ක්‍රියා සදහා මෙන්ම එතැන් සිට ලංකාව තුළ සිංහල නොවන ජනයා වෙත එල්ල කල ප්‍රචණ්ක්‍රියා සිදුකිරීමට චෝදනා ලැබ සිටින කුප්‍රකට ගලගොඩඅත්තේ ඥාණසාර, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජපාන රැස්වීමක ඉදිරිපෙල වාඩිලා සිටීම පසුගිය සතියේ මහත් ආන්දෝලනයක් ඇති කළේය.

එය දේශීය වශයෙන් නොව ජාත්‍යන්තර වශයෙන් ද කතාබහට ලක්වූ මාතෘකාවක් විය. එය එසේ වූයේ, ජාතිවාදය පෝෂණය කරන, ජාතීන් අතර වෛරය වපුරන සහ ප්‍රසිද්ධියේ මුස්ලිම් ඇතුලු සිංහල නොවන ජනයා වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට යෝජනා කරන/කළ කුප්‍රකට චරිතයක් වන ඥාණාසාර, 2015 පොදු අපේක්ෂකයා සහ වත්මන් ජනාධිපති අමතන රැස්වීමකට සහභාගීවිමයි.

දෙවැන්න නම් 2014 දී වත්මන් ජනාධිපති සිරිසේන එවකට පොදු අපේක්ෂකයා ලෙස වේදිකාවක්, වේදිකාවක් පුරාම සපථ කර සිටියේ ජාතිවාදයට සහ ප්‍රචණ්ඩත්වය වපුරණ, වැපිරූ අයට නීතිටය අනුව නිසි දඩුවම් දෙන බවය.

නමුත් සිදු ව ඇත්තේ එහි අනෙක් පැත්තයි. නීතියට අනුව දඩුවම් ලැබිය යුතු ප්‍රචණ්ඩකාරි පුද්ගලයින් තමන්ගේ රැස්වීම්වලට සහභාගීවී වරදට දඩුවම් නොලබා සිටීම හෙවත් දනඩමුක්තිය අවසන් කිරීම වෙනුවට එය තවත් පෝෂණය කිරීමට දායකත්වය දීමයි.

සමාජයේ බොහෝ පුරවැසියන් තුෂ්ණිම්භූත වූයේ ඒ නිසාය.

ඒ නිසාම ‘ජනාධිපතිවරයාගේ ජපාන නිළ සංචාරය සදහා සහභාගී වූයේ ‘උලපනේ සුමංගල හිමි පමණයි’ කියා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ද ජනාධිපති මාධ්‍ය අංශයට සිදු වූයේ එබැවිනි. එතැනින් නොනැවතී එසේ නොවුවා යැයි තව දුරටත් කියන්නට විවිද තර්ක ඉදිරිපත් කරන්නට සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් ඕනෑම කුණු බාල්දියකින් නාගන්නට සූදානම් අයද උත්සහ ගත්තේ පොදු අපේක්ෂක ප්‍රතිපත්ති ද පාගා දමමිනි.

‘එකම ගුවන් යානයේ ගියෙත් නෑ. නිළ ධූත කණ්ඩායමේ හිටියෙත් නෑ.’

ජනාධිපති මාධ්‍ය අංශය පවසන එය ‘නිළ නිවේදනයක්’ බැවින් අප මදකට එය පිළිගනිමු. නමුත් සිරිසේන ජනාධිපතිවරයා සභාවක් අමතන ස්ථනයේ පළමු පේළියේ සිටින්නේ ගලගොඩ අත්තේ ඥානසාර නොවේ යැයි කියන්නට ජානධිපති මාධ්‍ය අශයට හෝ එවැනි කිසිවෙකුටවත් නොහැකිය. ඒ ඡායාරූප සාක්ෂියක් ඇති බැවිනි.
2015 මතක නම් දැන් වගකීමක්ඇත.

රටක ජනාධිපතිවරයෙක් සහභාගීවන රැස්වීමක්/ සුහද හමුවක් හෝ ඔනෑම දෙයක් සූදානම් කරන්නේ එම රටේ තානාපති කාර්යාලයයි. එසේත් නැතනම් අදාලා ජනාධිපතිවරයාගේ නිළධාරීන් විසින්ය. ඒ අන් කිසිවක් නිසා නොවන වෙනත් රටකදී අදාල ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ගැන සිතාය. එසේම රටක ජනාධිපතිවරයෙක්ට පිටරටකදී ලබා දිය යුතු ප්‍රමුඛ පිළිවෙත් නිසාය.

එබැවින් මෙහිදී ත් එම රැස්වීමට/සුහද හමුවත් එසේ සංවිධානය වූ එකක් යැයි අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම එම රැස්වීම සදහා ආරාධනා කරනු ලබන්නේ කාටද? ඒ අය කුවුරුන්ද යන වග ආරාධනා කරනු ලබන පිරිස් දැනගන සිටිය යුතුමය. ඒ අනුව අදාල රැස්වීම/ සුහදහමුව සදහා පැමිණ සිටි ඥාණසාර පිළිබදවද ඔවුන් දැන සිටිය යුතුමය. එසේ නොවනවානම් එය ජානාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිපද ඔහුගේ නිළධාරින් සතුව ඇති නොහැකියාවයි. ඒ නොහැකියාව එසේ මෙසේ එක් නොව, එය ජනාධිපතිවරයාගේ ආරාක්ෂාව පිළිබද ප්‍රශ්ණයක් නොවන්නේ කෙසේද? ලහි ලහියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කල ජනාධිපති මාධ්‍ය අංශය දැන් මේවාට ද පිළිතුරු දිය යුතු වන්නේ ‘නිළ’ වශයෙන් බව මතක් කළ යුතු ද?

මේ ක්‍රියාවලියත් මදකට පසෙකින් තබා ‘අහම්බෙන් ඇවිල්ලා තියෙන්නේ’ යැයි සමාජ ජාල තුළ මතුවූ අදහසක් මතම මේ සාකච්ඡාව තව පියවරක් ඉදිරියට ගෙන යමු.

සත්‍යකි! අහම්බෙන් පැමිණ සිටි ඥාණසාර ව විදේශ රටකදී එළවා දැමිය නෙහැකිය! අපේ 2500 සංස්කෘතියට ඒ තරම් හොද මදිය! එයත් සත්‍යකි.

එය මදකට පිළිගන්නේ නම්, දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වගකීමක් තිබේ.

එය කෙටියෙන්ම ලියා තැබුවහොත් මේසේ ය. ‘ගලගොඩ අත්තේ ඥාණසාර හිමි මාගේ ජපාන රැස්වීමට සහභාගී වි ඇත්තේ අහම්බෙනි/හෝ නොදැනුවත්වය!. එය අතපසු වීමකින් සිදු වූවකි. මා ඒ ගැන කණගාටු වෙමි’ ආදී හෝ කැමති ලෙසකට, මාධ්‍ය නිවේදනයකින් පුරවැසියා දැනුවත් කිරිමයි.

එසේම ආදාල රැස්වීමේ ඡායාරූප නිකුත් වීමත් සමග ලහිලහියේම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ජනාධිපති මාධ්‍ය එකකයද දැන් එවැනි දෙයක් සිදුකිරීමට ජනාධිපතිවරයා පෙළඹවිය යුතුයැයි තවමත් සිතන පුරවැසියන් මේ දූපතේ වෙත්. එය එසේ වන්නේ අන් කිසිවක් නිසා නොව අතීතයේ මෙන් අනාගතයේ දුෂ්ඨ පාලකයින් නැවත වරක් සිය බලය තහවරු කර ගතහොත් සිරිසේනලාට මෙන් ආරක්ෂාවක් එවැනි දුෂ්ඨ පාලනයක් තුළදී බොහෝ සක්‍රීය පුරවැසියන්ට නොලැබෙන නිසාය.

නමුත් මේ දක්වා එවැනි කිසිවක් සිදුකිරීමේ ඡායාවක්වත් නැත. ඒ වෙනුවවට සිදු කිරමින් ඇත්තේ අදාල සිදුවීම පිළිබද විවේචනය කරන පිරිස් ගොනාට ඇන්දවීමට උත්සහ කිරීමයි.

අහෝ! එවැනි ප්‍රකාශයක් දැන් නම් සිරිසේන ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු විය නොහැක. නමුත් සිරිසේන ජනාධිපතිවරයා එසේ වුවත්, එය එසේ නොව, මෙසේ වූවා නම් වඩා යහපත් යැයි සිතන, ඒ වෙනුවෙන් වෙහෙසන ‘පුරවැසියන්’ මේ දුපතෙක් තවමත් ඉතිරි වී සිටීමම රීදි රේඛාවකි. මක් නිසාද යත් ඥානසාරලා සමග රාජපක්ෂලා කාර්යාල විවෘත කරන විට එදා එය ද දෘඩ ලෙස විවේචනය කළේත්, අද සිරිසේනලා, ඥාණසාරලා සමග සුහද හමු පවත්වන විට එහි අනාගත බියකරු බව පෙන්වා දී පමණක් නොව එයට එරෙහිව වීදි බසින්ටද සිටින්නේ ඒ ‘පුරවැසියන්’ නිසාය.

එපමනක් ද නොවේ. මේ තුළින් පමණක් පෙනෙන ප්‍රධාන දෙයක් නම් එවකට ‘පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන’ විසින් 2014/ 2015 දී මේ රටේ පුරවැසියන්ට දුන් පොරොන්දු වත්මන් ජනාධිපති සිරිසේන විසින් අමු අමුවේ පාවා දී ඇති බවයි.

එසේම තමන්ගේ දේශපාලන වාසි තකා ඕනෑම තක්කඩි ජාතිවාදියෙක් හෝ මැරයෙක් සමග තමන්ට එකට සිට ගත හැකි බව ද මේ සිදුවීමෙන් සිරිසේන ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙමින් තිබේ. මහනුවර ගෝත්‍රික මැරයින් විසින් මුස්ලිම්වරුන්ට එරෙහිව ඇරඹු ගිණි නිවෙන්නටත් ප්‍රථම මෙසේ වීම තරම් ඛේදවාකචයක් නම් තවත් නොවන්නේය.