සිංහල

‛‛නිපුණතා’’ හැ‍කියාවන් සමරමු ඡායාරූප ප්‍රදර්ශනය කොටුව දුම්රියපොළේ…

handy-cap-art.jpg
ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය පසුගිය දෙසැම්බර් 03 වනදාට යෙදී තිබිණි. මෙවර එක්සත් ජාතීන්ගේ තේමාව වූයේ ‛‛අබාධ සහිත වූවන් සඳහා නිසි රැකියා අවස්ථා’’ යන්නයි. ශ්‍රී ලංකාවේ Handicap International ආයතනය මේ දිනය සමරනු වස් ‛‛නිපුණතා’’ නමින් ඡායාරූප ප්‍රදර්ශනයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ 5 වන සහ 6 වන වේදිකාවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ. දෙසැම්බර් 11 වනදා විවෘත වූ මේ ඡායාරූප ප්‍රදර්ශනය 2008 ජනවාරි 04 වන දා දක්වා පැවැත්වෙයි.
මේ ප්‍රදර්ශනයට ඇතුළත් වන්නේ Handicap International ආයතනයේ අනුග්‍රහයෙන් පසුගිය දා පවත්වන ලද Abilympic තරඟාවලියේ දී වෘත්තීය ඡායාරූප ශිල්පින් විසින් ගනු ලැබූ ඡායාරූපයි.

ශ්‍රි ලංකාවේ සියලුම පළාත් වල විසිරී සිටින ආබාධ සහිත වු පුද්ගලයින් 600 කට ආසන්න පිරිසක් විවිධ කර්මාන්ත වල වෘත්තිය ප්‍රවීණතා වෙනුවෙන් සම්මාන පිරිනැමෙන Abilympic තරඟයට ඉදිරිපත් වූහ. මොවුන් අතුරින් ජාතික මට්ටමේ තරඟයෙන් ජය ගත් ජයග්‍රාහකයන් 4 දෙනෙකු ජපානයේ පැවැත්වූ ජාත්‍යන්තර Abilympic තරඟය නියෝජනය කළහ.


ශ්‍රී ලංකාවේ ප්‍රවීණ වාත්තීය ඡායාරූප ශිල්පීන් තිදෙනෙකු වන අනෝමා රාජකරුණා, මැනිකා වැන්ඩර් පූටන් (Menika Van Der Pooten) සහ ගැමුණු අමරසිංහ ගේත් ආබාධ සහිත වු අයගේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් විශේෂඳ ඡායාරූප ශිල්පියෙකු වන ප්‍රංශ ජාතික Philippe Merchez ගේත් ඡායාරූප මේ ප්‍රදර්ශනයට තෝරාගෙන ඇත.