මනුෂ්‍යත්වයට නිකමටවත් ළගා විය නොහැකි සුපුරුදු වෛරී ඝෝෂාවන් මැද මෙන්ම ප්‍රගතිශීලී යැයි කියන ඇතැම් පිරිස්ගේ නිහඩතාවයන් මැද ‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල්වලදී සිහිකරන ලද්දේ පසුගිය 18වනදාය. ඒ අදුරු වූ මුල්ලිවෛක්කාල් අහස යට වයෝවෘද්ධ අම්මාවරුන්, පියවරුන් මෙන්ම කුඩා දරුවන්, තරුණ,තරුණියන් සිය ගණනක් සිය සමීපතමියින්ට පහන් දැල්වූයේ කදුලු පිරි දෑස් අහසට යොමා ගෙනය. නමුත් ඒ කිසිවෙක් කිසිදු වෛරී ප්‍රකාශයක්, අදහසක් කිසිවෙකුටවත් කීවේ නැත. ඔවුන් ඉල්ලා සිටියේ එක් දෙයක් පමණි.

මරා දැමූ, අතුරුදහන්කළ, පැහැරගත්, හමුදාවට බාර කළ තමන්ගේ සමීපතමයින් ගැන සත්‍ය සහ යුක්තිය දැනගැනීමට අවශ්‍ය බවය.

දැන් යුද්ධය නිළ වශයෙන් අවසානය යැයි කියා මැයි මසට වසර 9කි. ඒ වසර 9ය තුළ සිදුකල අපරාධවලට හෝ දෙමළ ජනයාගේ දේශපාලන ප්‍රශ්ණයට පිළිගත හැකි ‘යුක්ති සහගත’ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ලංකාව අසමත් ව තිබේ. හමුදාව විසින් බලහත්කාරයෙන් භාවිතා කල මිනිසුන්ගේ ඉඩම් කොටස් ප්‍රමාණයක් නිදහස් කළත්, ඒවා නිදහස් කරනවිට ‘දෙනවා වගේම ගන්නත් පුලුවන්’ ‘ඔන්න අපෙන් තෑග්ගක්’ යැයි අපුල දනවන සිංහළ අධිපතිවාදී කතා ගොන්නක් කියමින් ලංකාවේ ජනාධිපති සිරිසේන සහ හමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශ කරන තත්ත්වයක් තුළ ද, සිය ගණනක් මිනිසුන් මැයි 18 වනදා සිය ආදරණියන්ගේ මතකය ද සමග මුල්ලිවෛක්කාල්වලට පැමිණියේය.

බලන්න සම්පූරණ සටහන සහ ඡායාරූප සමග Adobe Spark here

මේ සිහිකිරීම් ඉල්ලා සිටින්නේ 'යුක්තිය' මිස අන්කිසිවක් නොවේ!