“PEARL” සංවිධානය විසින් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ දී අත්කොටගෙන ඇති අසාර්ථකභාවය තම නවතම වාර්තාව මඟින් එළි දක්වයි.

ඇමරිකාව මුලික කරගත් නීතිවේදී සංවිධානයක් වන “PEARL” විසින් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය සඳහා වන තම යුතුකම් ඉටුකිරීමේ දී දක්වා ඇති නොහැකියාව හා අසාර්ථකභාවය සහ ඒ සඳහා වන අන්තර්ජාතික ප්‍රජාවගේ උදාසීනත්වය තම සංවිධානයේ නවතම වාර්තාව “ප්‍රමාද කිරීමක් ද නැතිනම් ප්‍රතික්ෂේප කිරීමක්ද? ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ අසාර්ථකභාවය (“Delayed or Denied? Sri Lanka’s failing Transitional Justice Process” නමින් වන තම නවතම වාර්තාව තුළ දක්වා තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා නිලධාරින් විසින් පසුගිය වසර තුළදී පමණක් අවම වශයෙන් අවස්ථා 30 කට ආසන්න ගණනකදී ඔවුන් විසින් ලබා දී ඇති පොරොන්දු ප්‍රසිද්ධියේම බැහැර කොට ඇති බවයි.

කෙසේවෙතත්, එම සංවිධානය පවසන්නේ අන්තර්ජාතික ප්‍රජාවේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාව හොඳ සහ විශ්වාස කටයුතු රටක් ලෙස සලකමින් සිටින්නේ, ලංකාව වෙත එල්ලවී ඇති රතු කොඩි නිවේදන නොසලකා හරිමින් මෙන්ම ශ්‍රී ලංකාව විසින් අර්ථවත් වගවීමේ ක්‍රියාවලියකට එක්වීමට අකැමති බව පෙන්වන සාධක කෙරෙහිද වන තම අවධානය නොතකමින් බවයි.

වාර්තාව පෙන්වා දෙන අන්දමට වත්මන් රජය විසින් විවිධ අවස්ථාවන්හිදී “දිගින් දිගටම මිලිටරිය වෙත හා තම සිංහල ජන්දදායකයින් වෙත යුධ නීති උල්ලංඝනයන් සඳහා තමන් වග නොවන බව නිත්‍ය ලෙසම සහතික වී තිබේ”.

වැඩි දුරටත් එම වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය 30/1 යෝජනාව මඟින් නියම කර ඇති සිය වගකීම් ඉටු කරන බවට ජාත්‍යන්තර ප්‍රජාවේ සාමාජිකයින්ට එත්තූ ගන්වන අතරම , අනෙක් අතට තම රටේ දේශීය ප්‍රජාව වෙත “යුධ විරුවන්” (රණ විරුවන්) කිසි දිනෙක නඩු විභාග සඳහා ඉදිරිපත් නොකරන බවට ද අවාධාරණය කරන බව කියයි.

එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව විසින් විවිධාකාරයෙන් ශ්‍රී ලංකාව සමඟ දිවිපාර්ශවිය සම්බන්ධතා ශක්තිමත් කරගනිමින්ම අනෙක් අතින් ශ්‍රී ලංකාව ප්‍රශංසාවට ලක්වීම වළක්වමින් යන බව ද වර්තාව මඟින් පෙන්වා දෙයි.

“අන්තර්ජාතික ප්‍රජාවේ සමාජිකයින් විසින් ශ්‍රී ලංකාව වෙත දක්වා ඇති ලිහිල් පිළිවෙත මඟින් කියවෙන්නේ ශ්‍රී ලංකා රජයට තම වගකීම් ඉතා පහසුවෙන් අතහැරදමා සිටිය හැකි බව පමණක් ම නොවේ, එසේම එමඟින් කියාපාන්නේ පිඩාවට පත්, එමෙන්ම දිවි ගලවා ගත් වින්දිත ප්‍රජාවගේ දුක් ගැනවිලි හෝ ඔවුන්ගේ අරගලය වෙත දක්වන වගවීම එන්න එන්නම අත්‍යවශ්‍ය නොවන බවයි”

එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

පිඩාවට පත්ව දිවි ගලවා ගත් වින්දිත ප්‍රජාව සමඟ “PEARL” සංවිධානය විසින් කරන ලද සම්මුඛ සාකච්ජා වලින් පෙනීයන්නේ කෙළවරක් නොමැති ප්‍රමාද විම් හා පොරොන්දු කඩ කරමින් සිටිමින්, තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා පමණක් බලමුලු ගැන්වීමට වැඩි කැමැත්තක් දක්වන ශ්‍රී ලංකාව වෙත දිනෙන් දින අන්තර්ජාතික ප්‍රජාව දක්වන මුදු ස්වභාවය කෙරෙහි මෙම ජනතාව තුළ වැඩෙමින් පවතින අපේක්ෂා බංගත්වයයි.

“PEARL” හි නීති පර්යේෂක අන්ජලි මනිවානන් පවසන්නේ “පැහැදිලි වශයෙන්ම ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියක් ස්ථාපනය කිරීම වෙනුවෙන් අන්තර්ජාතික ප්‍රජාවගේ පීඩනය අත්‍යාවශ්‍ය” බවයි.

“නමුත් අන්තර්ජාතික ප්‍රජාව විසින් ශ්‍රී ලංකා රජයේ වචන මත පමණක් යැපෙමින් සිටින්නේ වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව විසින් කළ සාකච්ජා වට හා කඩ කළ පොරොන්දු ද නොතකා හරිමින් ය.

“කරන ලද මිලේජ අපරාධ විමර්ශනය කිරීම හා ඒවාට දඩුවම් පැමිණවීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වෙත දෙමුහුන් උසාවියක් ඉල්ලා සිටිම කෙරෙහි දක්වන අසමත් භාවය අන්තර්ජාතික ප්‍රජාව කෙරෙහි තම බලාපොරොත්තු තබා සිටින වින්දිත දෙමළ ජනයාගේත් , ජිවත්ව සිටින ප්‍රජාවගේත් වන අවසන් බලාපොරොත්තුවටද වංචා කොට තිබේ. ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීමට නම් අන්තර්ජාතික ප්‍රජාව කළ යුත්තේ තමන් විසින් ශ්‍රී ලංකාව වෙත දක්වන පීඩනය වැඩි කිරීම මිස අඩු කිරීම නොවන බව“ ඇය වැඩි දුරටත් මෙම වාර්තාව මඟින් පෙන්වා දෙයි.