මාධ්‍ය වාර්තාවලින් කියැවෙන්නේ මත්ද්‍රව්‍ය අපරාධ කරණ කොට ගෙන මරණ දඬුවම නියම කෙරී ඇති පුද්ගලයන් සහ තම සිර කුටියේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම අඛණ්ඩව කර ගෙන යන පුද්ගලයන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පවසමින් සිවිල් සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ,

ඒ පිළිබඳව බලවත් කනස්සල්ලෙන් පසු වන අපි ඒ සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු පළ කර ඇති විරෝධතාවන් මෙහිලා නැවතත් ඉදිරිපත් කරමු:

මරණ දඬුවමේ බාධන වටිනාකමක් ඇති බවට සහ එය අපරාධ අඩු වීමට හේතු වන බවට කෙරෙන ස්ථිර ප‍්‍රකාශයට සහාය දීම සඳහා ඉදිරිපත් කළ හැකි අනුභූතික (ප‍්‍රත්‍යක්ෂ) සාක්ෂි නොපවතී;

යම් පුද්ගලයෙකුට මරණ දඬුවම පැනවුව හොත් එය අවලංගු කළ නොහැකි නිසා පුද්ගලයන්ට ඔවුන් විසින් නොකරන ලද අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම පැනවිය හැකි ය;

මරණ දඬුවම බලාත්මක කිරීම ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්වලට පටහැණි ය; සහ

අපරාධ සම්බන්ධයෙන්, විශේෂයෙන් ම මත්ද්‍රව්‍ය ජාවාරම වැනි සංකීර්ණ අපරාධ සම්බන්ධයෙන් ශිෂ්ට සමාජයක් කටයුතු කරන ක‍්‍රමය එය නොවේ.

සිවිල් සමාජ සංවිධාන විසින් නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය-
##

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සහ හමුදාවට පොලිස් බලතල ලබා දීම කෙරෙහි
සිවිල් සමාජයේ බලවත් අවධානය යොමු වේ

2018 ජුලි 18

පහත අත්සන් කරන ශ‍්‍රී ලංකාවේ සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් හා කණ්ඩායම් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය කෙරෙහි සිය බලවත් අවධානය යොමු කර සිටී. 1976න් මෙපිට දී ශ‍්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක‍්‍රියාත්මක කර නැති නමුත් දිගින් දිගට ම සමහර අපරාධ වර්ග සඳහා දඬුවමක් ලෙස මරණ දඬුවම නියම කරනු ලැබ ඇත. මාධ්‍ය වාර්තාවලින් කියැවෙන්නේ මත්ද්‍රව්‍ය අපරාධ කරණ කොට ගෙන මරණ දඬුවම නියම කෙරී ඇති පුද්ගලයන් සහ තම සිර කුටියේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම අඛණ්ඩව කර ගෙන යන පුද්ගලයන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව යි.

ඒ පිළිබඳව බලවත් කනස්සල්ලෙන් පසු වන අපි ඒ සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු පළ කර ඇති විරෝධතාවන් මෙහිලා නැවතත් ඉදිරිපත් කරමු:

– මරණ දඬුවමේ බාධන වටිනාකමක් ඇති බවට සහ එය අපරාධ අඩු වීමට හේතු වන බවට කෙරෙන ස්ථිර ප‍්‍රකාශයට සහාය දීම සඳහා ඉදිරිපත් කළ හැකි අනුභූතික (ප‍්‍රත්‍යක්ෂ) සාක්ෂි නොපවතී;

– යම් පුද්ගලයෙකුට මරණ දඬුවම පැනවුව හොත් එය අවලංගු කළ නොහැකි නිසා පුද්ගලයන්ට ඔවුන් විසින් නොකරන ලද අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම පැනවිය හැකි ය;

– මරණ දඬුවම බලාත්මක කිරීම ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්වලට පටහැණි ය; සහ

– අපරාධ සම්බන්ධයෙන්, විශේෂයෙන් ම මත්ද්‍රව්‍ය ජාවාරම වැනි සංකීර්ණ අපරාධ සම්බන්ධයෙන් ශිෂ්ට සමාජයක් කටයුතු කරන ක‍්‍රමය එය නොවේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන වෙත යවන ලද 2018 ජුලි 13 දාතම දරණ ලිපියේ අඩංගු වන ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ (HRCSL) නිරීක්ෂණවලට අපි අපගේ එකඟතාව පළ කර සිටිමු. එය මරණ දඬුවම අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් කොමිසම විසින් මීට පෙර 2016 ජනවාරි මාසයේ ජනාධිපති සිරිසේන වෙත යවන ලද ලිපියේ අඩංගු කරුණු යළිත් අවධාරණය කරයි. මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සම්බන්ධ කාරණාවල දී රජයට උපදෙස් දීමට ව්‍යවස්ථානුකූලව බලය පැවරී ඇති ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් කරනු ලැබ ඇති මෙම නිර්දේශයන් බැරෑරුම්ව සැලකිල්ලට ගන්නා ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ද අගමැතිවරයාගෙන් ද අමාත්‍ය මණ්ඩලයේ අනෙක් සාමාජිකයන්ගෙන් ද ඉල්ලා සිටිමු.

රට තුළ පවත්නා මත්ද්‍රව්‍ය තර්ජනය මුලිනුපුටා දැමීම” සම්බන්ධ කටයුතුවල දී පොලීසියට සහාය වීමට බව කියමින් වසර දෙකක කාල පරිච්ෙඡ්දයක් ආරක්ෂක හමුදාවන්ට සමහර පොලිස් බලතල පාවිච්චි කිරීමට ඉඩ දෙන නීතියක් කෙටුම්පත් කිරීම සඳහා කරන ලද යෝජනාවකට 2018 ජුලි 10 දින පැවති සිය රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය පළ කළ බවට පළ වී ඇති වාර්තා ගැන ද අපි බලවත් අවධානය යොමු කර සිටිමු.

සන්නද්ධ ගැටුමක් නොමැති තත්ත්වයක් තුළ දී හමුදාව පොලිස් බලතල පාවිච්චි කිරීම පිළිගත නොහැකි ය. හමුදාව සිවිල් ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම පශ්චාත් යුද ශ‍්‍රී ලංකාව තුළ ගැටලූවක් බවට පත්ව ඇති අතර හමුදාව සිවිල් ජීවිතය තුළ ඉටු කරන කාර්ය භාරය අවම කරන බවට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව 2010 වසරේ සිට ම පොරොන්දු වී ඇත. මේ සම්බන්ධ ප‍්‍රගතිය මන්දගාමී වුවත් මෙම යෝජනාව නීතියක් බවට පත් කෙරුණ හොත් එය වරදක් ද වැරදි දිසාවට තැබූ පියවරක් ද වනු ඇත.

හමුදා පුහුණුව පොලිස් කාර්යයන් සාර්ථකව ඉටු කිරීම සඳහා හමුදාව සූදානම් කරන්නක් නොවන අතර නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයන්ට සම්බන්ධ වන ලෙස හමුදාවට බල කිරීමෙන් විනාශකාරී ප‍්‍රතිවිපාක අත් විය හැකි බව 2013 වසරේ රතුපස්වල පැවති විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා හමුදාව කැඳවනු ලැබුණු විට දැක ගත හැකි විය. යෝජිත පණත් කෙටුම්පත යම් කාල සීමාවක් සඳහා බලාත්මක කෙරෙන්නක් වුව ද මීට සමාන වෙනත් නීති සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ලබා ඇති අත්දැකීමෙන් පෙනී යන්නේ මෙවැනි නීති අවසානයේ දී නීති පද්ධතියේ ස්ථිර අංගයක් බවට පත් වන බව යි.

ශ‍්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය මැඩලිය යුතු බවට කිසිදු සැකයක් නැති නමුත් පවත්නා ගැටලූ තවත් උග‍්‍ර වීම වැළැක්වීමට නම් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ ප‍්‍රතිචාරය පරිස්සමින් සලකා බැලිය යුතු වේ. මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පියවර ගැනීමෙහිලා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව බැරෑරුම් ආකල්පයකින් කටයුතු කරන්නේ නම් එය – අනෙකුත් දෑ අතර – මත්ද්‍රව්‍ය ආශ‍්‍රිත අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොලීසිය පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර විමර්ශනවලට සහාය දීම පිණිස නූතන උපකරණ හා තාක්ෂණය ලබා ගැනීම සඳහා ආයෝජනය කළ යුතු ය. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව දේශපාලනඥයන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට සහ/හෝ ඔවුන් එවැනි ක‍්‍රියාකාරකම්වලින් උපදින මුදල්වල ඍජු ප‍්‍රතිලාභීන් බවට සමාජය තුළ පවත්නා ප‍්‍රබල හැඟීම කෙරෙහි ද සිය අවධානය යොමු කළ යුතු ය. මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සහ ආරක්ෂක හමුදා යොදා ගැනීම ගැටලූව විසඳීම සඳහා ප‍්‍රයෝජනවත් වනු ඇත්තේ සුළු වශයෙන් වන අතර දීර්ඝ කාලයේ දී සිදු වනු ඇත්තේ ශ‍්‍රී ලංකාව තුළ පවත්නා නීතිය හා සාමය පිළිබඳ ගැටලූ තවත් සංකීර්ණ වීම පමණකි.

Signatories:

Individuals

1. A.D. Rajani
2. A.R.A Ramees
3. Aaranya Rajasingam
4. Ainslie Joseph
5. Anithra Varia
6. Annouchka Wijesinghe
7. Anoma Wijewardene
8. Anushaya Collure
9. Aritha Wickramasinghe
10. Asma Rahman
11. B. Gowthaman
12. Bishop Kumara Illangasinghe
13. Bhavani Fonseka
14. Brito Fernando
15. Chandra Jayaratne
16. Chandraguptha Thenuwara
17. Chulani Kodikara
18. Cyril Pathiranage
19. Danesh Casie Chetty
20. Deanne Uyangoda
21. Deekshya Illangasinghe
22. Dr. Daya Somasundaram
23. Dr. P. Saravanamuttu
24. Dr. Selvy Thiruchandran
25. Faaiz Ameer
26. Fr. J. M. Joseph Jeyaseelan
27. Fr. Sarath Iddamalgoda
28. Gamini Viyangoda
29. Godfrey Yogarajah
30. Iromi Perera
31. Ishara Danasekara
32. Jayanta de S Wijeratne
33. Jayanthi Samaraweera Gunewardena
34. Jeanne Samuel
35. Juwairiya Mohideen
36. K. Aingkaran
37. K. S. Ratnavale
38. Lahiru Kithalagama
39. Lionel Guruge
40. Luwie Ganeshathasan
41. Mahaluxmy Kurushanthan
42. Mario Gomez
43. Mujeebur Rahman
44. Nagulan Nesiah
45. Nigel Nugawela
46. P. Muthulingam
47. Prabodha Rathnayaka
48. Prof. Jayadeva Uyangoda
49. Raisa Wickrematunge
50. Ramya Chamalie Jirasinghe
51. Rohana Jayaratne
52. Rohini Weerasinghe Weerasinghe
53. Ruki Fernando
54. S.P Pushpakanthan
55. Sakina Moinudeen
56. Sampath Samarakoon
57. Sandun Thudugala
58. Sarah Arumugam
59. Selvaraj Rajasegar
60. Senel Wanniarachchi
61. Shalini Wickramasuriya
62. Shalomi Daniel
63. Sharanya Sekaram
64. Shreen Saroor
65. Sr. Noeline Christine Fernando
66. Subha Wijesiriwardena
67. Sumika Perera
68. Sunela Jayewardene
69. Sunethra Bandaranaike
70. Tanuja Thurairajah
71. Ven. Samuel J. Ponniah

Organisations

72. Alliance Development Trust
73. Centre for Human Rights Development
74. Centre for Policy Alternatives
75. Families of the Disappeared
76. Hashtag Generation
77. INFORM Human Rights Documentation Centre
78. Institute of Social Development
79. International Centre for Ethnic Studies
80. Law and Society Trust
81. Manawa Shakthi Padanama, Galle
82. Mannar Women’s Development Federation
83. Muslim Women Development Trust
84. National Peace Council
85. Rights Now Collective for Democracy
86. Rural Development Foundation
87. The Grassrooted Trust
88. Women’s Action Network
89. Women’s Resource Centre