සිංහල, Democracy, Galle, Governance, Human Rights, Human Security, Life quips, Media

’චින්තනයේ’ යකඩ ඇණ


පසුගිය දවස්වල ලංකාව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක් ප්‍රවෘත්තියක් වූයේ අරාබිකරයේ ගෘහ සේවයට ගිය අසරණ කාන්තාවකගේ සිරුරට ඇණ ගැසීමේ ප්‍රවෘත්තිය යි.

ඉහත පිංතූරයෙන් දැක්වෙන්නේ පසුගිය වසරේ ජූනි 1 දින ‛චින්තනයට’ අනුව මෙහෙය වූ මැර හමුදාවන්ගේ පැහැර ගැනීමට ලක්ව කඩා බිඳ දමන ලද මාගේ වම්පාදය බද්ධ කිරීමට කොළඹ මහරෝහලේ වෛද්‍යවරුන් ගසන ලද ඇණ සහ තහඩුයි. හදිසි අනතුරු ඒකකයේ වෛද්‍යවරුන්ට මෙළෙස ඇණ සහ තහඩු ගසා මාගේ පාදය බද්ධ කිරීමට සිදු වූයේ ’චින්තනයට’ ගැති නොවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යැවීමට මූලික පිඔුරු පත් සකසන විට ඊට එරෙහිවීම හේතුවෙනි.

එදා අප කෑමොර දුන්, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යැවීමේ මිනීපෙට්ටියේ අවසන් ඇණය ගැසීම මේ මස 8 වනදාට සිදුවේ. ඊට අතඔසවන හෝ මොනයම් අයුරකින් රුකුල් දෙන සියලු දෙනා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යැවූ මිනී පෙට්ටියට ඇණ ගැසීමට හවුල් වුවන් වශයෙන්, සදාතනික ද්‍රොහීන් ලෙස ඉතිහාසයේ නොමැකෙන අයුරින් සටහන් වනු ඇත.

ඇසිය යුත්තේ…ද්‍රෝහින් තොප ද? අප ද?

පොද්දල ජයන්ත
ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ හිටපු මහලේකම්