සිංහල, Democracy, Economic issues, Governance, Health, Human Security, Life quips, Matale, Transport

ත්‍රිරෝද රථ සේවය සඳහා වන වෘත්තීය ප්‍රතිපත්ති(ආචාරධර්ම)මාලාව එළිදකියි.

මාතලේ තරුණ සම්පත් සංවර්ධන සංසදයේ මඟපෙන්වීමෙන්, පන්නම්පිටිය ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය විසින් සකසා අවසන් කරන ලද ‛ත්‍රිරෝද රථ සේවය සඳහා වන වෘත්තීය ප්‍රතිපත්ති(ආචාරධර්ම)මාලාව’ එළිදැක්වීමේ උළෙල පසුගිය 24 වනදා දඹුල්ල, තානායමේ දී මැති ඇමතිවරුන් සහ විද්වතුන්ගේ මූලිකත්වයෙන් පැවැත්වීය.

එහිදී කරුණු 16කින් සමන්විත එම ආචාරධර්ම පද්ධතිය එළිදැක්වීමත්, ආචාරධර්ම හා සබැදී ත්‍රිරෝද රථ සේවය සඳහා වන වෙබ් අඩවිය එළිදැක්වීමත් සිදු වූ අතර පැමිණ සිටි දේශපාලන මෙන්ම විවිද වෘත්තිකයින් ද මෙහි දී අදහස් දැක්වීය.

මෙවැනි අචාර ධර්ම මාළාවක් එලිදක්වන්නේ ශ්‍රී ලංකාවේ පළමු වරට බව එම සංවිධාකයින් එහිදී පවසා සිටි අතර ඉදිරියේදි වෙනත් ත්‍රීවිල් රථ කණ්ඩායම් සමග මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාමට අදහස් කරන බවත් ඔවුන් එහිදී පැවසීය.

මෙම ‛ත්‍රිරෝධ රථ සේවය සඳහා වන වෘත්තීය ප්‍රතිපත්ති(ආචාරධර්ම)මාලාව’ පිළිබද සියලු විස්තර මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක. www.lanka3wheel.wordpress.com

මෙහි දැක්වෙන්නේ එම ත්‍රිරෝධ රථ සේවය සඳහා වන වෘත්තීය ප්‍රතිපත්ති(ආචාරධර්ම)මාලාව යි.

එම උත්සවෙය් අවස්ථාවන් කිහිපයක්