සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security

’‛දේවදත්ත උපකුලපති ඉවත් කරනු’’ භික්ෂූන් වීදි බසියි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ඉවත් කරන ලෙසත්, අත්අඩංගුවට ගෙන ඇති ශිෂ්‍ය නායකයින් නිදහස් කරන ලෙසත් ඉල්ලා භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අද(02) දහවල් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට පාගමනින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා ගමන් ගත්තේ ය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ගමන් ගත් එම භික්ෂූන් වහන්සේලා ඇමතිවරයාට සන්දේශයක් භාර දීමටත්, ඇමතිවරයා සමග සාකච්ඡා කිරීමටත් අවශ්‍ය බව එහි බලධාරීන්ට දැනුම් දීමෙන් පසු, ඇමතිවරයාගේ ලේකම් වරයෙක් සමඟ සාකච්ඡාවක් ලබා දුන් අතර එහිදී අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙක් එම ලේකම්වරයා සමඟ පැය බාගයකට ආසන්න කාලයක් සාකච්ඡාවක නිරත විය. එම සාකච්ඡාව අවසානයේදී ඉන් පිටතට පැමිණි එම භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කර සිටියේ ‛‛තමන් කරන ලද සාකච්ඡාවෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවුන බවත්, ලේකම්වරයාට කිසිවක් කිරීමට නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් ඇමතිවරයා සමග සාකච්ඡා කරන ලෙසත් ඔහු පැවසූ බවයි. එහිදී තව දුරටත් අදහස් දැක්වූ එම භික්ෂූන් වහන්සේලා ප්‍රකාශකර සිටියේ ‛‛ඇමතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා නොදුනහොත් ඉදිරියේදී සමස්ථ විශ්ව විද්‍යාල වල භික්ෂුන් වහන්සේලා සමඟ දැවැන්ත විරෝධතාවයක් රට පුරා දියත් කරන බවයි.’’

මෙම විෙරා්ධතා පාගමන සංවිධානය කරන ලද්දේ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසිනි.

a>

ඡායාරෑප සහ සටහන
සම්පත් සමරකෝන්