සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

රිසානා වහා නිදහස් කරනු’’ නිදහස උදෙසා කාන්තාවෝ උද්ඝෝෂණයේ

ගෘහ සේවිකාවක ලෙස සෞදි අරාබියේ සේවය කළ රිසානා නෆීක්ට සෞදි අරාබි අධිකරණය විසින් ලබා දුන් මරණ දඬුවමට එරෙහිවත්, රිසානා එම දඬුවමින් නිදහස් කරන ලෙසත් බල කරමින් අද(16) සෞදි අරාබි තානාපති කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීය.

‛‛පාලකයින් මර නින්දේ -ඒජන්සිය නිදැල්ලේ
රිසානාගෙ ජීවිතයට – දැන් දැන් මරණය ලංවේ
තානාපති කාර්යාල – ජනතාවගෙ යහපතටලු
ඒත් අනේ රිසානාට – මරණය විතරක් උරුමලු’’ යන සටන් පාඨ කියමින් පැයක පමණ කාලයක් ඔවුන් උද්ඝෝෂණයේ නිරත විය.

එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ නිදහස උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය විසිනි.

>

></a

</a

ඡායාරෑප – සම්පත් සමරෙකා්න්