සිංහල, Transport

මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ

මගියා – කිරිබත්ගොඩට ටිකට් එකක් දෙන්න

(ඔහු රුපියල් 100 නෝට්ටුවක් කොන්දොස්තර මහතා වෙත දිගුකරයි.)

කොන්දොස්තර – රුපියල් 16 ක් දෙනවද?

මගියා – අනේ මා ගාව නෑනෙ

කොන්දොස්තර – එහෙනං මොකටද ඕයි ලංගම බස්වල යන්නෙ? ප්‍රයිවට් බස්වල යන්නෙ නැතුව. අපිටම වද දෙනවා.

මගියා – එහෙම කියන්න එපා

කොන්දොස්තර -එහෙනං කොහොමද කියන්නෙ? ඉතුරු සල්ලි ගන්න ඩිපෝවට එන්න කියන්නද?

මේ සිදුවීම සිදුවුනේ 07.04.2008 කොල්ලුපිටියේ සිට කඩවතට
ධාවනය වූ 154 ල.ං.ග.ම බස්රථයක මගියෙක් සහ කොන්දොස්තර මහතා අතරයි.

සුරේන් ජුලියන්