Colombo, end of the War, Featured Articles, Features

ආණ්ඩුව දේශපාලනිකයි කියලා අර්ථ නිරූපනය කළේ ඔවුන් පිළිබදව විවේචන අඩංගු දේවල්. – මාධ්‍යවේදී තිස්සනායගම්

ශ්‍රී ලංකාවේ රජයේ ක්‍රියාකාරකම් විවේචනයට ලක්කරමින් ලියන ලද ලිපි හා වාර්තා දේශපාලනික ඒවා බව රජය විසින් නිර්වචනය කෙරුනු බව පිටුවහලේ සිටින මාධ්‍යවේදී ජේ.එස් තිස්සනායගම් පවසන බව බීබීසී ය ඊයේ(25) වාර්තා කරනු ලැබීය.

20 අවුරුද්දක සිර දඬුවමකින් නිදහස ලබා රටින් පිටවීමේන් අනතුරුව තිස්ස බීබීසී ය සමග මුල්ම වතාවට සම්මුඛ සාකච්ඡාවකට එක් වූයේ නිවුයෝක් නුවර සිට බව එහි වැඩිදුරටත් වාර්තා විය.

එම සාකච්ඡාව මෙසේ උපුටා දක්වමු.

බීබීසී – ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය කෝපාවිස්ට කිරීමට තරම් ඔබ ලියූ දැ කුමක්ද?

තිස්ස – මම කාලයක් තිස්සේ ලිව්වේ ලංකාවේ ආණ්ඩුව විවේචනයට ලක් කළ ලියවිලි. වැඩියෙන්ම රජය යුද්ධය සිදු කළ ආකාරය ගැන.
ඊට අමතරව මානව හිමිකම්, සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වීමට මඟපෑදූ කාරණා, පැහැරගෙන යාම්, අත්අඩංගුවට ගැනීම්, මෙයින් බොහොමයක් සමහර විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ආරක්ෂක සේනා පිළිබඳව අඳුරු චිත්‍රයක් මවන්න ඇති. ඒ එක්කම මම ලියපු ඇතැම් ලිපිවල සඳහන් වුනා සමහර දේ කරලා රජයේ හමුදාව දඬුවමි නොලබා ගිය හැටි. විශේෂයෙන්ම උතුරු නැගෙණහිර සාමාන්‍ය ජනතාවට යුද්ධය බලපෑ ආකාරය ගැන.

බීබීසී – තිස්සනායගම්ගේ ලියවිලි ජනමාධ්‍යට අදාළ නැති අතර ඒවා දේශපාලනික අරමුණු පෙරදැරි කරගෙන ලියන ලද ඒවා බවට රජය චෝදනා කොට කර තිබෙනවා?

තිස්ස – මට තේරෙන්නේ නෑ, දේශපාලන වුවමනාවකින් මෙහෙයවන දෙයක් ලියන්න බැරි ඇයි කියලා. අපි සියලු දෙනාම ලියන්නේ දේශපාලනය. මම ලියපු දේ ගත්තොත් දඬුවම් නොලබා ගැලවී සටීමේ මුක්තිය, මානව හිමිකම් පිළිබදව කරනා, ප්‍රජාතන්ත්‍රීය කරනය වැනි සියලු දේ දේශපාලනිකයි. ආන්ඩුව දේශපාලනිකයි කියලා අර්ථ නිරූපනය කළේ ඔවුන් පිළිබදව විවේචන අඩංගු දේවල්. දෙමළ සුලුතරය සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරපු ආකාරය කොටි සංවිධානයට එරෙහිව යුද්ධය ගෙන ගිය ආකාරය වගේ දේවල්.