සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Media, Peace and reconciliation

විකිලීක්ස් අඩවිය ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රසිද්ධ කළ තොරතුරු:සහ එහි ඇඟවුම්

“පළමු කරුණ නම්, “ජූලියන් අසංගේ” කළ දේ කොළඹ දී කර අභියෝගාත්මක විවෘත මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා යුද අපරාධ සහ වධහිංසා පිළිබඳ තම ප්‍රකාශ යුක්ති සහගත කරන්නට කිසිවෙකුට කිසි දිනෙක ඉඩ නොලැබෙන බව යි. ශ්‍රී ලංකාවේ අහුමුල්ලක වත් “ප්‍රජාතන්ත්‍රවාදය” නැත. එය හරි විය හැකි ය, වැරදි විය හැකි ය, පමණ ඉක්ම කීමක් විය හැකි ය එසේ නො විය හැකි ය. එහෙත්, එළඹෙන දශක ගණනාව පුරා මෙම තත්ත්වය පවතිනු ඇත. බ්‍රිතාන්‍යයේ දී මෙන්, යුද්ධය අතරතුර දී සිදු කළ බවට චුදිත යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන ලෙස අදාළ බලධාරීන්ට “නියෝග කරන්නැ”යි උසාවියෙන් ඉල්ලා සිටින්නට කිසි ම නීතිඥයෙකුට, නඩු මගට බසින කිසිවෙකුට නොහැකි ය. එවන් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන්හි යම් අදාළත්වයක් ඇතැයි සලකන්නේ නම්, දැන් එවැන්නක් නැති තරම් ය.From WikiLeaks to WikiLanka: War Is Definitely Savage Though “Accusations” Differ (විකිලීක්සයෙන්, විකිලංකා: “වෝදනා” අතර වෙනස්කම් පැවතිය ද යුද්ධය යනු නිසැකව ම ම්ලේච්ඡත්වයකි), කුසල් පෙරේරා

මෙය ලියන මොහොත වන විට විකිලීක්ස් වෙබ් අඩවිය එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩ හුවමාරු (රහසිගත කෙටි සාකච්ඡා) පෙර නුවූ අයුරින් ප්‍රසිද්ධ කිරීම පිළිබඳ සංසිද්ධිය ගෝලීය ප්‍රවෘත්ති මාධ්‍ය වෙත ළඟා වූවා පමණකි. (අද30 උදේ වරුවේ සන්නද්ධ සේවාවල ප්‍රහාරයකින් අක්‍රිය වුණු නමුත් දැන් යළි යථා තත්ත්වයට පත්ව ජාලගතව තිබෙන) විකිලීක්ස් අඩවිය ක්‍්ඉකැට්එැ (කේබල්ගේට්) නමින් හඳුන්වන මෙම හෙළිදරව්ව වූකලි ලෝකයේ විශාලතම වර්ගීකරණය කරන ලද රහස්‍ය තොරතුරු ප්‍රසිද්ධ කිරීම යි, 2010 මුල දී ඉරාක යුද්ධයට අදාළ ලියවිලි ප්‍රසිද්ධ කරමින් එය ම පිහිටුවූ වාර්තාව බිඳ හෙළන්නක් වෙයි. විකිලීක්ස් අඩවියෙහි සඳහන්ව ඇති පරිදි,

“1996 පටන් මෙම වසරේ පෙබරවාරි මාස අග දක්වා කාලය තුළ සිදු වුණු කේබල් පණිවුඩ හුවමාරුවල අඩංගු වන්නේ ලොව පුරා රටවල පිහිටි තානාපති කාර්යාල 274ක් සහ වොෂින්ටනයෙහි පිහිටි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අතර සිදු වුණු රහසිගත පණිවුඩ හුවමාරු ය. කේබල් පණිවුඩවලින් 15,652ක් වර්ගීකරණය කරන ලද රහස්‍ය පණිවුඩ ය… මෙම කේබල් පණිවුඩවලින් පෙන්නුම් කෙරෙන්නේ, “අනුගාමික රටවල්” තුළ පවතින දූෂණය සහ මානව අයිතිවාසිකම් උල්ලංඝන, මධ්‍යස්ථ යැයි කියනු ලබන රටවල් සමග කරන රහස් ගනුදෙනු නුදුටු ඇස්ව හිඳින ගමන්, එක්සත් ජනපද සමායතනවලට පක්ෂව මත ව්‍යාප්ත කරන ගමන් එක්සත් ජනපදය තම මිත්‍ර පාක්ෂිකයන් පිළිබඳව සහ එක්සත් ජාතීන් පිළිබඳව ඔත්තු බලන තරමත් තමන්ට ප්‍රවේශයක් සහිත අය නගා සිටුවීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් ගන්නා පියවරයනුත් ය.”

අප සිත් ගන්නාසුලු කරුණ නම්, දත්ත සමුදායෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරුවලින් සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ලැබුණු තොරතුරුවලින් සමන්විතව තිබීම යි. රහස්‍ය යැයි වර්ගීකරණය කරන ලද කේබල් පණිවුඩ දහස් ගණනක් ද රහස්‍ය යැයි වර්ගීකරණය කරන ලද රහස් සිය ගණනක් ද රහස්‍ය යැයි වර්ගීකරණය නොකරන ලද නමුත් මහජන භාවිතය සඳහා ඉදිරිපත් කිරීමට නිසැකව ම අදහස් නොකළ තොරතුරු ද මීට ඇතුළත් ය.

ඡායාරූප අනුග්‍රහය විකිලීක්ස්,
Cables by Origin

මේ දත්ත සමුදාය තුළ අඩංගු වී තිබෙන්නේ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් 1986 සිට 2010 දක්වා කාලය තුළ ලැබුණු කේබල් පණිවුඩ 3, 325කි. 2009 මැයි 19 දා (යුද්ධයේ අවසානය දාට පසුව දා) ලැබුණු කේබල් පණිවුඩයක් ද 2010 ජනවාරි 26 දා (ශ්‍රී ලංකාව තුළ ජනාධිපතිවරණය පැවැත්වුණ දා) ලැබුණු පණිවුඩ 4ක් ද එහි වේ. අවසන් කේබල් පණිවුඩ 3 ලැබී ඇත්තේ 2010 පෙබරවාරි 26 දා ය.

ද ගාඩියන් පුවත්පතේ මෙම දෘශ්‍යමය පරිකල්පනයෙන් / තොරතුරු ග්‍රාපිකයෙන් දත්ත සමුදාය කොතරම් විශාල ද යන්න පිළිබඳව අදහසක් දෙයි.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ලැබුණු සියලු කේබල් පණිවුඩවලට අදාළ ඵැඒ සම්බන්ධතා පිළිබඳ විස්තර වෙත සහ ඒවාට ඈඳී තිබෙන ඒට සම්බන්ධතා වෙත මෙතැනින් ප්‍රවේශ විය හැකි ය. ග්‍රවුන්ඩ්වීව්ස් මෙම ලැයිස්තුව ෑංජැක පැතුරුම් පතක් ලෙස ද සංග්‍රහ කර ඇත. කේබල් පණිවුඩවල සමස්ත පෙළ හැටියට දැන් පවතින්නේ මුල් දත්ත ගොනුව තුළ තිබුණු ඒවායින් කොටසකි. ඒ මොහොතේ එම දත්ත වෙත ප්‍රවේශ වීමේ හැකියාව තිබුණු එක්සත් ජනපදයේ නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ, එක්සත් රාජධානියෙහි ද ගාඩියන් පුවත්පතේ සහ ජර්මනියෙහි ඩර් ස්පීගල් පුවත්පතේ ප්‍රීතියට හේතු වන්නට දෝ කිසිවෙකු ඒවා මකා දමන්නට කලින් ඉතිරි කර සුරක්ෂිත කොට තැබුවේ නැත. විකිලීක්ස් අඩවිය ම පවසන පරිදි,

“මීළඟ මාස කිහිපය තුළ දී, තානාපති කාර්යාලවල කේබල් පණිවුඩ පියවරෙන් පියවර ප්‍රසිද්ධ කෙරෙනු ඇත. මේ කේබල් පණිවුඩවලට විෂය වන කරුණ එතරම් ම වැදගත් ය, එහි භූගෝලීය පැතිරීම එතරම් ම පුළුල් ය, අන් හැටියකින් ඒ තොරතුරුවලට සාධාරණය ඉටු කළ නොහැකි ය.”

1986 සිට ලැබුණු කේබල් පණිවුඩ 3,325ට ම අදාළ වර්ගීකරණය කරන ලද ඒට සම්බන්ධතා ග්‍රවුන්ඩවීව්ස් තුළ දෘශ්‍යකරණය විය.

PREL(බාහිර දේශපාලන සම්බන්ධතා) පිළිබඳ, PGOV (ආණ්ඩුවල අභ්‍යන්තර කටයුතු) පිළිබඳ, PTER (ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදය) පිළිබඳ සහ PHUM (මෙම කෙටි නාමයෙන් අදහස් වන්නේ කුමක් දැයි නිසැකව දැන ගැනීමට ග්‍රවුන්ඩ්වීව්ස් අසමත් විය) පිළිබඳ කේබල් පණිවුඩ බහුල ය. ECON (ආර්ථික තත්ත්වය) පිළිබඳ ඒවා ද වැදගත් ය. එල්ටීටීඊය සහ සාම ක්‍රියාවලිය ඉලක්ක කර ගත් කේබල් පණිවුඩ ද බහුල වීම විස්මයට කරුණක් නොවේ. කෙසේ වුව ද, 2010 ජනවාරි 1 දා සිට පෙබරවාරි මස අග අවසන් කේබල් ලැබුණු දවස් දක්වා කාලයට අදාළව LTTE හෝ Peace Prossees වැනි සම්බන්ධකයක් දක්වා ඇත්තේ කලාතුරකිනි. එක්සත් ජනපදය – ජනාධිපතිවරණය ද පැවැත්වුණු – මේ කාලය තුළ දී වඩාත් ම උනන්දුවක් දැක්වූයේ ආණ්ඩුවල අභ්‍යන්තර කටයුතු සහ බාහිර දේශපාලන සම්බන්ධතා පිළිබඳව බව ඉන් එළිදරව් වේ.

2009-2010 දී කෙබල් පණිවුඩ යැවුණු නිරන්තරතාව පිළිබඳ දළ විශ්ලේෂණයක් ගූගල් වෙබ් අඩවිය හරහා බලා ගත හැකි ය.

ශ්‍රී ලංකාව Cablegate තුළ තිබුණු යොමු පහනට නිරාවරණය වූයේ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය හරහා පමණක් ම නො වේ. ගාඩියන්හි වාර්තා කර ඇති reported in The Guardian
පරිදි, තම සන්නිවේදන ජාලය පවත්වා ගෙන යාමේ දී එක්සත් ජාතීන්ගේ නිලධාරීන් යොදා ගන්නා මුර පද සහ පෞද්ගලික රහස් පරිගණක සංකේත පද (encryption key) ඇතුළු විස්තරාත්මක තාක්ෂණික තොරතුරු සපයන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා සිටි එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් ඉල්ලා සිටියේ ය. මේවා තුළ ඇතුළත් වන්නේ,

“එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ආයතනවල, මානව හිමිකම් සහ මානුෂීය සහාය පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කටයුතු කරන සාමාජිකයන්ගේ දැක්ම සහ අභිප්‍රායන් ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ දූත කණ්ඩායමක් පත් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අදහස් ද වේ.”

ශ්‍රී ලංකාව තුළ සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජනපදය අතිශයින් උනන්දු වන බව ඉන් පැහැදිලි ය. එහෙත්, ශ්‍රී ලංකාව තුළ සිටින, ඇතැම් විට රහසිගතව හෝ චැතම් හවුස් නීතිය යටතේ හෝ මෙම කේබල් පණිවුඩ තුළින් පිළිබිඹු වන තොරතුරු අනාවරණය කළ, සහ හෙළිදරව් වුව හොත් අද දින පවා තමන් ජීවත් වන ස්ථාන අවදානමට ලක් වන, මානව හිමිකම් ආරක්ෂකයන්ට සහ ක්‍රියාකාරීන්ට මින් අත් වන ප්‍රතිඵලය කුමක් ද?

නිව් යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය නොකළ යුතු අන්තර්ගතයන් පිළිබඳ ‛නිර්දේශ’ හැම විට ම නොපිළිපැදි නමුත්, දැනට මත් පළ කර ඇති දේ සහ පළ කරන්නට යන දේ සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරය දැන ගැනීම සඳහා, එය පළමුව එම තොරතුරු ඔවුන් වෙත යැව්වේ ය. මේ සම්බන්ධයෙන් කියවන්න,

Questions posed by readers to the NYT Editorial Board are essential reading (පාඨකයන් නිව් යෝක් ටයිම්ස් කර්තෘ මණ්ඩලයට ඉදිරිපත් කළ ප්‍රශ්න කියවා බැලිය යුතු ම ය).

an editorial note justifying the publication of the Wikileaks cables (විකිලීක්ස් කේබල් පණිවුඩ ප්‍රසිද්ධ කිරීම යුක්ති සහගත කරන කතුවැකියක්) යන්නෙහි නිව් යෝක් ටයිම්ස් පුවත්පත ස්ථිරව කියා සිටි පරිදි,

“මුද්‍රිතව සහ අන්තර්ජාලය හරහා ලිපි පළ කිරීමේ දී සහ අතිරේක තොරතුරු ඉදිරිපත් කිරීමේ දී රහසිගත තොරතුරු සපයන්නන් අනතුරට පත් වන හෝ ජාතික ආරක්ෂාව අවදානමෙහි හෙළන තොරතුරු බැහැර කිරීමට ටයිම්ස් පුවත්පත පරෙස්සම් විය. තමන් අන්තර්ජාලයට තැපැල් කිරීමට සැලසුම් කරන ලියවිලි එලෙස සංස්කරණය කරනු ඇතැයි විශ්වාසය තබා ටයිම්ස් පුවත්පත තමන් සංස්කරණය කළ තොරතුරු අනෙක් ප්‍රවෘත්ති ආයතන සමග බෙදාහදා ගත්තේ ය.”

එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ සමස්ත ගොනුවක් ලෙස අද ද විකිලීක්ස් වෙබ් අඩවිය හරහා දත්ත සමුදාය ලබා ගත හැකි වීම යි. විකිලීක්ස් වෙබ් අඩවිය එම තොරතුරු කොතරම් දුරකට සංස්කරණය කළේ ද යන්න නොපැහැදිලි නමුත් ඉන් මානව හිමිකම් ආරක්ෂකයන් ඇතුළු පුද්ගලයන්ගේ සුරක්ෂිත භාවය සහ ආරක්ෂාව අවදානමට ලක් විය හැකි ය. එවැන්නන් මෙවැන්නක් නොකළේ, ගැඹුරු, ස්ථානීය දැනුමකින් සහ පසුබිමකින් තොරව මෙම වර්ගයේ තොරතුරු පිළිබඳව විනිශ්චයක් කිරීමට කිසි ම සංවිධානයකට නොහැකි නිසා විය හැකි ය. මෙහි අදහස වන්නේ, මේවා අතර තිබෙන ඇතැම් කේබල් පණිවුඩ නිසා – කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ලැබුණු ඒවා ද මේ අතර වෙයි – දැනට මත් සියුම් පරීක්ෂාවට සහ ඩැමොක්ලියානු අසිපතට ලක්ව සිටින මානව හිමිකම් ක්‍රියාකාරකයන් එළඹෙන සතිවල දී සහ මාසවල දී වඩා දැවැන්ත අවදානමකට පවා ලක් වන බව යි.

මෙහි දී අපි නැවතත් කුසල්ගේ වචන Kusal Words සිහිපත් කරන්නෙමු,

“තමන් යුද්ධ පවත්වා ගෙන ගිය තැන්වල දී සිදු වුණු යුද අපරාධ පිළිබඳ ගැටලු ඉවත ලූවන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කළවුන් වර්ජනය කිරීමේ දී සහ ඔවුන්ට චෝදනා කිරීමේ දී ඔබාමා සහ කැමරන් ආණ්ඩු රාජපක්ෂ තන්ත්‍රය හා සර්වසම ය. “ජාතික සුරක්ෂිතතාව සහ ආරක්ෂාව” පිළිබඳ ඔවුන්ගේ ප්‍රලාපය ශ්‍රී ලංකාව තුළ පවතින “දේශමාමකවාදය” සමග දේශපාලනිකව ගැළපේ. එම නිසා, රාජපක්ෂ තමන්ගේ යුද්ධය සම්බන්ධයෙන් කීවාක් මෙන් ඔවුන් ද අඟවා සිටින්නේ, තමන් යෙදී සිටින “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” “ත්‍රස්වාදයෙන්” ජනතාව මුදා ගන්නා “මානුෂීය යුද්ධයක්” බව යි.”

2010 නොවැම්බර් 22 දා, Wikileaks on its Twitter feed
මැයැති සටහන මෙසේ සඳහන් කළේ,

“එළඹෙන මාසවල දී දක්නට ලැබෙනු ඇත්තේ ගෝලීය ඉතිහාසය යළි අර්ථකථනය කෙරෙන නව ලෝකයක්” බව යි. ඔවුන් විහිළු කරනවා නො වේ. ක්‍්ඉැට්එැ මගින් ඇඟවෙන දෙය ගෝලීය වූවකි, ගම්භිර වූවකි. නිව් යෝක් ටයිම්ස් පුවත්පතට යොමු කෙරුණු ප්‍රශ්නවලින් ඇඟවෙන දේ පමණක් සැලකිල්ලට ගත්ත ද එය අර්ථ දැක්වීමේ දී සහ ආරක්ෂා කිරීමේ දී වෘත්තීය පුවත්පත් කලාවේදීන් ද බලවත් දුෂ්කරතාවට පත් වන නව පදනමකි. දත්ත පිළිබඳ දෘශ්‍යමය පරිකල්පන සකසා ඉදිරිපත් කිරීම සඳහා, දත්ත සමුදායෙන් පෙර නුවූ විරූ තොරතුරු මාලාවක් පිරිනැමේ.

OWNI’s outstanding work in particular with Cablegate

(විශේෂයෙන් ම Cablegate සම්බන්ධයෙන් OWNI කළ විශිෂ්ට මෙහෙවර) මේ සම්බන්ධ පැහැදිලි නිදසුනක් වන අතර, කාලයත් සමග මේවායේ උපයෝගිතාව සහ ප්‍රයෝජනය වර්ධනය වනවා පමණකි.

දැන් විශේෂයෙන් ම එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් විට, එය රහසක් හැටියට තබා ගැනීමට කැමැත්තෙන් සිටි දෙය දැන් එළිමහනට පැමිණ ඇත.

[2010 නොවැම්බර් 30 දා www.groundviews.org වෙබ් අඩවියේ පළවු ලිපියක් ඇසුරිනි.]