සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

ජාතික ගීය සිංහලෙන් පමණයි

ලංකාවේ ජාතික ගීය ඉදිරියේදී ගායනා කළ යුත්තේ සිංහලෙන් පමණක් බව පසුගිය බදාදා(8) කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.

ලෝකයේ කිසිදු රටක ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා කරන්නේ නැතැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති අතර විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දියාවේ භාෂා 300කට අධික ප්‍රමාණයක් තිබුණත් ඒ රටේ ජාතික ගීය ගායනා කරන්නේ හිංදි භාෂාවෙන් පමණක් බවයි.

කෙසේ වෙතත් ඇමතිවරු දෙදෙනෙක් මෙම යෝජනාවට විරුද්ධ වුවත් අවසානයේ ජනාධිපතිවරයාගේ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

වසර 30කට අධික කාලයක් පැවති සන්නද්ධ ගැටුම අවසන් වී ඇති මේ මොහොතේ මෙවැනි ජාතිවාදී තිරණ ගැනීම නැවතත් ගැටුම් ඇති වීමට සාධක සපයන බවත්, එසේම ජනාධිපතිවරයා දෙමළ ප්‍රදේශවල ගොස් කැඩිච්ච දෙමළෙන් කතා කිරීමේ නිරුවත් සහගත බව මෙයින් පෙනී යන බව බොහෝ විද්වතුන් පවයි. එසේම ජාතික ගැටලුවට දේශපාලනික විසඳුමක් හෝ එවැනි සාකච්ඡාවක් සදහා වත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කිසිදු ලෙසකින් සූදානම් නැති වගද මෙයින් පෙනී යන බව ඔවුන් වැඩි දුරටත් පවසයි.