සිංහල, Colombo, Democracy, Gender, Human Rights, Life quips, Media

දේශිය සංස්කෘතියට හානිවන “ඇඳුම’’

ලංකාවේ පුරවැසියන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට දේශීය සංස්කෘතියට හානිවන ඇඳුම් ඇඳීම ලබන වසරේ සිට තහනම් කෙරෙන නීති පනවන බව සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමති ටී. බී. ඒකනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා. අැතැම් ෙවබ් අඩවි මෙය පලකර ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුව කරන්නට යන තවත් ගොසිප් වැඩක් ලෙසය. ගොසිප් ලංකා වෙබ් අඩවිය ෙමය පළ කර අැත්ෙත් ‘අසභ්‍ය ෙලස අැදුම් අැදීම ලංකාෙව් තහනම්’ යන ශීර්ෂය ඔස්ෙස්ය.

ලංකාවේ අද පවතින බරපතල ද සංස්කෘතික ද ගැටඑව ඇඟ පෙන්වන ඇඳුම් ඇදිමය. ලංකාවේ උතුරේ සිට දකුණටත් ඉහළ සිට පහළට ව්‍යාප්තව ඇති නීතිය නොමැතිකම, මානව හිමිකම් උල්ලංඝනය සහ අල්ලස හා දූෂණය නැමති සංස්කෘතිය මේ ගොසිප් බළධාරින්ට පෙනෙන නමුත් කරබාගෙන සිටිති. නැතිනම් ඇඳුම නැමති සංස්කෘතික අංගය පෙරට දමා සාමන්‍යය ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සහ දරයි.

ඇඳුම සිමාකිරිම යනු නිදහස සිමා කිරීමයි. නිදහස සිමාකිරීම යනු වහල්බාවයට අවශ්‍යය පසුබිම නිර්මාණය කිරීමකි. එවිට මිනිසා තවදුරටත් සජීවී සත්ත්වයෙක් නොව මළ සත්ත්වයෙක් බවට පත් වෙයි. මිනිසා තුළ නිදහස්ව සිතන්නට, ඇත්ත ඇති සැටියෙන් දකින්නට නිර්මාණශිලිත්වය යන සියල්ල මෙමගින් මොට කිරිමක් නොව මරා දැමීමක් සිදුවේ.
ඇත්තටම අපේ සංස්කෘතිය කුමක්ද?

අපට ළමයෙකු පාසලට ඇතුලත් කිරීමට අධ්‍යාපන බළධාරීන්ට අල්ලසක් දිමට සිදුවේ. එසේ නොවන්නේ ඉතාමත් කළාතුරකිනි. එසේම බොහෝ පාසල් වල හිංසනය භාවිතයට ගැනේ. ප්‍රධාන විභාග වලදී බළධාරීන්ගේ නොසැලකිල්ල ඉහවහා ගොසිනි. පොලිසියට පැමිණිල්ලක් දැමීමට ගියවිට පොලිස්කාරයාගේ ජංගම දුරකථනයට රීලෝඩ් දැමීමට බෝහෝ අවස්ථා වලදි සිදුවේ. පොලීසිය අපරාධ විමර්ශනයට භාවිතා කරන්නේ වධහිංසාව නැමති සංස්කෘතියයි. එසේම තවත් පැත්තකින් අම්මලා කෝපයට පත්වුවිට දරුවන් පොළොවේ ගසති. මහදවල් නාරාහේන්පිට සර්පන්ටයින් හංදියේ වැන්රථයක ගමන් කරමින් සිටි මිනිසුන් දෙදෙනෙකු මරා දැමිම හරියටම ත්‍රාසජනක චිත්‍රපටි ජවනිකාවක් ලෙසින් සිදුවේ.
මෙන්න අපේ රටේ වෘත්තිකයින්ගේ සංස්කෘතිය ගැන ඇසිමට හා දැකිමට ලැබෙන දේ.

ප්‍රතිකාර ගැනීමට ආ පාසල් දැරියන් නිරුවත් කර වීඩියෝ ගත කළැයි කියන වෛද්‍යවරයෙක් ජනවාරි පස්වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් එස්.යු.බී. කරල්ලියද්ද මහතා පසුගිය 22දා (2010. 12. 22) නියෝග කෙළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිල මුද්‍රාව ව්‍යාජ ලෙස සකසා මහෙස්ත්‍රාත් අත්සන ද හොරට ගැසී යැයි කියන නීතිඥවරියක රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 25000ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස නියම කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අනෙක් සැකකරු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ බව පසුගිය දා මාධ්‍ය වාර්තා කළේය.

ඇඳුම නැමති සංස්කෘතික අංගයට මුවාවී ඉහත අමානුෂික එමෙන්ම බරපතල තත්වයන් අමතක කිරීම හා නොසලකා හැරීම බරපතල ඛේදවාචකයකි. මෝඩකමකි. විහිඑවකි.

හර්ෂී සි. පෙරේරා