Colombo, Featured Articles, Features

‘කඩුවෙල මල්ලිකා’ නීතිපතිට ලියයි.

”ඇය නමින් කේ ආර් මල්ලිකාය. වයස අවුරුදු 55කි. කලින් කුඩු විකිණිමේ නිරතව සිට ඇත. පසුව අසනිපවිම නිසා මෙය නැවැත්තුවාය. ඉස්පිරිතාලේ සිට ගෙදර පැමිණ විට තලංගම පොලිසිය ඇවිත් ලක්ෂ තුනක් ඉල්ලා ඇත. ඇය එයදිම ප්‍රතික්ෂේප කළ විට පොලිසිය ගේ සෝදිසි කිරිමට පටන් ගෙන තිඛෙි. දර ලිප අවුස්සු එක් නිළධරයෙක් හමිබවුනා හමිබවුනා යනුවෙන් කෑගසා ඇත. ඔහු රෝස පාට බෑග් එකක තිබු කුඩු පැකටි දෙකක්ද පෙන්වන ලදි. පසුව ඇයව කටඋත්තරයක් ගැනිමට යයි පවසා තලංගම පොලිසියට රැගෙන ගොස් ඇත. බැටන් එකක් අතේ ඇතිව සිටි නිළධාරියෙකුගේ බල කිරිම නිසා ඇයට ලාකඩ වලට ඇගිලි සලකුණ තැබිමට සිදුවිය.” [උපුටා ගැනීම http://www.lankaguardian.com වෙබ් අඩවිය.]

මේ අද ඇය කියන කතාවයි

නීතිපති වෙත,

ඔබ විද්‍යුත් මාධ්‍යයවල පල වු මගේ කතාව මේවන විටත් කියවන්නට ඇතැයි විශ්වාස කරමි. එය ‛‛තලංගම පොලීසියට ලක්ෂ තුනක් නොදුන් නිසා හදවත් රෝගි කත වසර දෙකකට වැඩිකාලයක් බන්ධනාගාරයේ..’’ යන හිසින් යුතුව පලවිය.

මම වසර 02 මාස 06කට වැඩිකාලයක් තිස්සේ වැලිකඩ බන්ධානාගාරයේ රිමාන්ඩ් සැකකාරියක් ලෙස සිටිමි. ඒ 2008.06.05 වන දින සිට ය. මගේ සැක අංකය 1110 වේ. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ අංකය බී 2303 වේ.

මාව හෙරොයින් මිලි ග්‍රුම් 80ක් අඩංගු පැකට් එකක් රුපියල් 200ක මුදලකට ජාවරම් කිරීම සහ හෙරොයින් මිලි ග්රැම් 80ක් අඩංගු පැකට් දෙකක් ලඟ තබා ගැනිමක් සමිබන්ධයෙන් අත්අඩංගුවට ගෙන චෝදනා නගා අධිකරණයට ඉදිරිපත්කරන ලදි.

වයස අවුරුදු 54ක් වන මම බරපතල හදවත් රෝගයකින් පෙලෙමි. 2008.06.19 වන දින මා පරීක්ෂාකල බන්ධනාගාර වෛද්‍යය නිළධාරි මගේ හදවතේ සිදුරක් ඇති බව සොයා ගන්නා ලදි. අදාල ප්‍රතිකාර සදහා අවශ්‍යය පහසුකම් කොළඔ ජාතික රෝහලේ නොමැති අතර එය පිටතින් ලබා ගැනිමට යන සම්පූර්ණ මුදල රුපියල් 1,75000කි. මෙම මුදල ජනාධිපති අරමුදලෙන් ඉල්ලා ඇතත් මෙවන විටත් සහනයක් ලැබී නැත.

දැනට නඩුව නීතිපති උපදෙස් සඳහා තබා ඇත. මාව තවදුරටත් රඳවා ගැනිම මගින් පෙන්නුම් කරන්නේ මෙරට පවතින බරපතල නඩු පමාව සහ එයට රජයේ රස පරීක්ෂකවරයා සහ නීතිපති වන ඔබ බරපතල ලෙස වගකිවයුතු බවයි. බන්ධනාගාර තදබදයට ද ඔබ දෙපලම දායක වන බවද සදහන් කරමි.

මෙි සියලු කරුණු සැලකිල්ලට ගෙන මා හට පමණක් නොව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රිමාන්ඩ් සැකකාරියන්ට ඔබගේ ප්‍රමාදය හා වගකිමක් නැති තත්වයෙන් සිදුවන පිඩාව අවම කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

මීට
කඩුවෙල මල්ලිකා සැක අංක 1110.

මෙය ‘විකල්ප‘ වෙත එවන ලද්දේ
හර්ෂි සි. පෙරේරා විසිනි