Colombo, Featured Articles, Features

පොලිස් වධහිංසා අවම කළ නොහැක්කේ ඇයි?


Photo credit – Sri Lanka police attacks

පොලිසියට පහසුකම් අඩුයි. වැඩ අධිකයි. නිළධාරින් හිඟයි. සේවා තත්වයන් අසහනකාරියි. පහළ නිළධාරින් නිරතුරුව ඉහළ නිළධාරින් අතින් පිඩාවට පත්වෙති.

බලන්න මෙම වීඩියෝව Police Criminals are at Large # 1102 පොලීසි වලට පහසුකම් වැඩි කළවිට පුහුණුව දුන්පලියට මෙහි සඳහන් පොලිස් නිළධාරින්ගේ මිලේච්ඡ අමානුෂික හැසිරීම නතර වේද?

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකළ 18 වැනි සංශෝධනය මේ රටේ නීතියේ ආධිපත්‍යය නැත්තටම නැති කළ බව සැබෑවකි. එහෙත් ඊට පෙර වධහිංසා පැමිණවීම් නොතිබුනේ ද? ජෙරාඩ් මර්වින් පෙරේරාට අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමෙන් පසුව මහ දවල් දෙනෝදාහක් මැද මරා දැමුවේ කොයි කාලයේ ද?

පොලීසිය වධහිංසා පැමිණවීමෙන් පසුව ඒ ගැන මෙරට උගත් වෘත්තිකයින් හැසිරෙන්නේ කෙසේ ද? (ඒ කියන්නේ නීතිඥවරු, අධිකරණ වෛද්‍යය නිළධාරින්, වෛද්‍යවරු සහ නඩුකාරයින්.) නීතිඥවරු කී දෙනෙක් තම සේවාදායකයාට පොලීසිය වධහිංසා පැමිණ වු පසු ඒ බව අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර වාර්ථා කිරීමට ඉදිරිපත් වේද?

වෛද්‍යවරු කි දෙනෙක් වධහිංසාවට ලක්වු පුද්ගලයාව පරීක්ෂා කිරීමේදී එය පොලිස් නිළධාරින් ඉදිරිපිට සිදු නොකිරීමට වගබලා ගනි ද?

වධහිංසාව අපේ රටේ නීතියට අනුව බරපතල අපරාධයකි. අපේ රටේ අපරාධ යුක්තිය පසිඳලිමට දායකවන රජයේ දෙපාර්තමේන්තු ගණනාවකි. පසුගිය දා අපේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පිළිබඳව මාධ්‍යය වාර්තා කළේ පහත පරිදිය. මත් ද්‍රව්‍ය සම්බන්ධ නඩු සඳහා රජයේ රස පරීක්ෂක විසින් නිකුත් කැරෙන වාර්තාවලට සමාන ව්‍යාජ රස පරීක්ෂක වර්තා මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සංගප්පුලි මහතා රහස් පොලිසියට නියෝග කෙළේය.

ඊළගට නීතිපති දෙපාර්තමේන්තුව, එහි පහළම නිළධාරින් අතර ෆයිල් එක යටියන්තොට යැවීම ප්‍රසිද්ධ කටවහරකි. ඔවුන් අධිකරණ වලට නීති උපදෙස් ලබාදීමට කොපමණ කාලයක් ගනිද? රජයේ නීතිඥවරු වධහිංසා පැමිණවීම පිළිබද නඩු බොහොමයකදී පොලිසිය වෙනුවෙන් පෙනි සිටින්නේ ඇයි?

ඊළගට පොලිස් දෙපාර්තමේන්තුව, මෙරට පොලිසිවලින් කියෙන් කීයක් සාමාන්‍යය වැසියන්ට කියවා තේරුම් ගතහැකි ආකාරයට පණිවිඩ ෆෝරම නිකුත් කරයි ද? පසුගිය(11) දහවල් 12.25ට කොටුවේ දෙවන හරස් වීදියෙන් ගොස් මැලිබන් වීදියට හැරෙන තැනදී සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිළධාරින් තිදෙනෙක් කාන්තාවක් ඇද ත්‍රීවීලරයට දමා ගෙන යන ලදි. ඒ අවස්ථාවේ කාන්තා පොලිස් නිළධාරිනියක් සිටියේවත් නැත.

මේ මෙරට අපරාධ යුක්තිය පසිඳලිම පිළිබඳ ක්‍රියාදාමයේ පවත්නා නීච අශිෂ්ට භාවිතාවන් ගෙන් අතලොස්සක් පමණි. මේවා වළක්වන්නට නැතිනම් වධහිංසාව අවම වූ ශ්‍රී ලංකාවක් බිහි කිරීමට තව කොපමණ සංඛ්‍යාවක් පොලිසි වැඩි කළ යුතුද ? අධිකරණ කොපමණ සංඛ්‍යාවක් වැඩි කළ යුතු ද? රජයේ නිළධාරින් වැඩි වැඩියෙන් පුහුණු කළ යුතු ද? ඔවුන්ට තව කොපමණ මානව හිමිකම් පිළිබඳ ඩිප්ලොමා ප්‍රධානය කළ යුතු ද? කණගාටුවෙන් යුතුව සඳහන් කළයුතු දෙයක් ද ඇත. එනම් මේ යෝජනා ඇතැම් රාජ්‍යය නොවන සංවිධාන වලට ව්‍යාපෘති ද ලබාදෙන බවයි.

හර්ෂි සී පෙරේරා

[youtube]http://www.youtube.com/watch?v=BKzsJDXzhqI[/youtube]