Ampara, Anuradhapura, සිංහල, Batticaloa, Life quips, Media, Pollonnaruwa, Trincomalee

ගං වතුරෙන් අලි මරණ 50ක්.

පසුගිය දිනවල ඇදහැලුනු ගංවතුර හේතුවෙන් අලින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි වන ජීවි ආරංචි මාර්ග පවසයි.

ලාහුගල, සෝමාවතී, මාදුරු ඔය, කුමණ සහ කවුඩුල්ල යන ජාතික වනෝද්‍යානයන්ට ගංවතුරෙන් වැඩි බලපෑමක් සිදුවීම නිසා මෙය සිදු වී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන අතර එම අගයන් තවමත් නිශ්චිතව ගණන් බලා නැතැයි පැවසේ.

එමෙන්ම මෙම ගංවතුර නිසා ගෘහ ආශ්‍රිත සතුන්ද විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති බවටද එම ප්‍රදේශවලින් වාර්තා වේ.