Ampara, Anuradhapura, සිංහල, Batticaloa, Kandy, Matale, Pollonnaruwa, Trincomalee

ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට

පසුගි දින කිහිපයේ ඇද හැලුනු ගංවතුර හේතුවෙන් මේ වන විට 39 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙහි පුද්ගල මරණ 18 ක්‌ ද අම්පාර දිස්‌ත්‍රික්‌කයෙහි හා මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පුද්ගල මරණ පිළිවෙළින් 11 ක්‌ සහ 08 ක්‌ ද වව්නියා හා බදුල්ල දිස්‌ත්‍රික්‌කයන්හි එක්‌ පුද්ගල මරණය බැගින් වාර්තා වූ බව එම වාර්තා පවසයි.

කෙසේ වෙතත් මේ වන විට යම් මට්ටමකට අයහපත් කාලගුණික තත්ත්වය අඩු වුවත් ඇතැම් ප්‍රදේශවල ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් නැති නිසා අවතැන් ජනතාවගෙන් බොහෝ පිරිසක් තවමත් අවතැන් මධ්‍යස්ථානවල රැදී සිටියි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව මඩකලපුව, පොලොන්නරුව, නුවරඑළිය, මහනුවර, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල, මාතලේ, පුත්තලම හා මන්නාරම යන දිස්‌ත්‍රික්‌ක 10 ක ස්‌ථාපිත කර ඇති අවතැන් කඳවුරු තුන්සිය හතළිස්‌ පහක්‌ තුළ එම ජනයා සිටින බව යි.