සිංහල, Batticaloa, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

‘නිදහසේ විලාපයට’ මැර ප්‍රහාරයක්. පොලීසිය බලා සිටී.

[1වන සංස්කරණය ප.ව. 7.41] [2වන සංස්කරණය ප.ව. 9.41]අද[4] සවස 7ට විපක්ෂය විසින් සංවිධානය කරන ලද ‛‛නිදහසේ විලාපය’’උද්ඝෝෂණයට බොරුල්ලේ දී ප්‍රහාරයක් එල්ලව විය. නිදහසේ විලාපයේ උද්ගෝෂණකරුවන් පුංචි බොරුල්ලේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා ගමන් ගන්නා අතරතුරු බෝතල් සහ ගල්මුල් වලින් ප්‍රහාරයක් එල්ලවූ අතර එහිදී එයට පැමිණ සිටි පොලිස් නිළධාරීන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා බලා සිටි බව වාර්තාවේ. මෙම පහරදීමෙන් පුද්ගලයින් කිහිපදෙනකුම තුවාල සිදු කර, වාහන කිහිපයකට ද පැමිණ සිටි මැර පිරිස අලාභනි කර ඇත.

එසේම මෙම සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුටම ප්‍රහාර එල්ල වී ඇති අතර ඇතැම් මාධ්‍යවේදීන්ගේ කැමරාවලට ද අලාභානි සිදු කර ඇත.

කෙසේ වෙතත් අප වෙත අදහස් දැක්වූ උද්ගෝෂකයින් ප්‍රකාශ කර සිටියේ ”ආණ්ඩුවේ සහ පොලීසියේ ආධාර ලබමින් මෙම ප්‍රහාරය සිදු කල බවයි”. නමුත් එම සිදුවීමේදී පොලීසිය ක්‍රියාකළ ආකාරය ඉතාමත් නින්දිත බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ය.

විපක්ෂය විසින් ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරනලෙස බලකරමින් අද මෙම නිදහසේ විලාපය නම් උද්ගෝෂණය සංවිධානය කර තිබූ අතර එයට දයාසිරි ජයසේකර, රවී කරුණානායක ඇතුලු විපක්ෂ මංත්‍රිවරුන් සහ එහි නියෝජිතයන් මෙයට සහභාගි වී සිටියේ ය.

<