සිංහල, Batticaloa, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Media

“මට ගැහුවේ ජාතික ආරක්ෂක අරමුදලේ මඩකලපුවේ හිටපු සංවිධායක කියලා මම සැකකරනවා” – ‛වාර උ‍ෛරගල්’ කර්තෘ

මඩකලපුවේ, කාත්තංකුඩි ප්‍රදේහ‍යේ වාර උ‍ෛරගල්’ ප්‍රාදේශීය පුවත්පතේ කර්තෘ රහමතුල්ලා මහතා ඊයේ(7) කාත්තංකුඩි කල්අඩි පාලම අසල දී මැර ප්‍රහාරයකට ලක් විය. මීට පෙර ද ඔහු කිහිප වතාවක් මැර ප්‍රහාරයන්ට ලක් වී ඇති අතර මෙවර සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසුමක දී ඔහු මෙසේ සඳහන් කළේ ය. “මම චන්ද්‍රකා ජනාධිපති තුමියගේ කාලේ ජාතික ආරක්ෂක අරමුදලේ සිදු වූ මුදල් වංචාවක් ගැන අපේ පත්තරෙන් ගිය සතියෙ හෙළිදරව්වක් කළා. මම මුලින්ම මේ ගැන ජනාධිපතිතුමාට ලියුමක් දැම්මා. ඒකට පිළිතුරක් ආවත් කිසිම දෙයක් වුණේ නැහැ.

ඊට පස්සෙ තමයි මේ ගැන මම ලිපියක් පල කළේ. මේ අරමුදලෙ කාත්තංකුඩි සංවිධායක විදිහට හිටියේ මර්සූර් අහමඩ් ලෙබ්බෙ. මම සැකකරනවා අරමුදලෙ මුදල් වංචාව ගැන මම පත්තරේ ලියපු දේවල් ගැන රිදුන සංවිධායකවරයා මේ මැර ප්‍රහාරයට සම්බන්ධයි කියලා. එයා මේ සැරේ සංධානෙන් ඡන්දෙත් ඉල්ලනවා. සමහර විට මම පත්තරේ කරපු හෙලිදරව් කිරීම් එයාගෙ ඡන්ද ව්‍යාපාරයට බලපාන හින්දා මට මේ මැර ප්‍රහාරය එල්ල කළා කියලා මම සැක කරනවා. ඒ වගේම මේවර ඡන්දයේදී සිදුකරන මැතිවරණ නීති උල්ලංගණය කිරීම් ගැනත් මම දිගින් දිගටම වාර්තා කළ‍ා. මේ නිසා තමයි මට මේක සිදු වුනේ.”

Pic By – www.kattankudi.info