Colombo, Democracy, Features, Governance, International Relations, Politics and Governance

ඊජිප්තුවේ මුබාරක් පන්නා දැමූ ෆේස්බුක්(Facebook) විප්ලවය.

වයෙල් ගෝනීම්

ලොවම මවිත කරමින් පසුගිය දා වසර 30ක් ඊජිප්තුව පාලනය කළ ජනාධිපති හොස්නි මුබාරක්ට ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නට සිදු වූයේ එරට ජනයාගේ ප්‍රබල විරෝධය හමුවේ ය. අන්තර් ජාල සමාජ වෙබ් අඩවි ජාලය විසින් මූලිකවම දිරි ගැන්වූ මෙම ජනතා විරෝධතාවයන් නිසා ලොව ප්‍රබල ප්‍රජාතන්ත්‍රවිරෝධී නායකයෙක් මෙසේ ගෙදර යැවීමට හැකිවීම වීම පිළිබදව ලොවම මවිත විය. පුදුමයට විය.

අන්තර්ජාලය පදනම් කරගෙන සමාජ වෙබ් අඩවි හරහා පුරවැසි ජනමාධ්‍යවේදීන්, බ්ලොග් කරුවන් සුවිශේෂ කාර්යයක් ඉටු කරමින් මියන්මාරය වැනි රටවල ඒකාධිපති නායකයින්ගේ එකාධිපති උන්මාදයට බලපෑම් ඇති කරමින් ජනතාවගේ බලය එනම් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට උත්සහ කිරීම් යම් මට්ටමක සිදුවුවත්, සිදුවෙමින් පැවතිය ද ලෝකයේ ප්‍රබල ඒකාධිපති නායකයෙකු බලයෙන් පහ කරමින් රාජ්‍යයක් වෙනස් කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකිය හැක.
අනෙක් විශේෂ කරුණ නම් ඊජිප්තුවේ ප්‍රභල විපක්ෂයක් හෝ වෙනත් දේශපාලන ව්‍යාපාර බොහෝ විට ක්‍රියාකාරී මට්ටමක නොතිබිය දී අන්තර් ජාලයේ සමාජ වෙබ් අඩවි හරහා එසේත් නැතිනම් පුරවැසි ජනමාධ්‍යකරණයක පුරෝගාමීත්වයෙන් වසර 30ක පාලනයට එරෙහිව ජනතා බලවේගයන් බලමුලු ගන්වමින් පෝෂණය කරනු ලැබුවේ ලෝකයට නව දේශපාලන මානයක්, නව විප්ලයවීය ආකෘතියක්, නව මාධ්‍ය හරහා භාවිතයෙන් පෙන්වා දෙමිනි. ඒසේම මුබාරක් පන්නා දැමූ ඒම ජන බලවේග කිසිදු පටු දේශපාලන අරමුණූ වලින් තොරව එක්රුස් වන්නේ ද අපූර්ව අන්දමකට ය. එය එක්තරා ඛේදනීය පුරවැසි සිදුවීමක් වුවත්, ඒකාධිපති රාජ්‍යන්ගේ බලපුලුවන්කාරකමට එරෙහිව රාජ්‍ය වෙනස් කිරීමට අදිටන් කර ගත් සැබෑ පුරවැසි ජනමාධ්‍ය ක්‍රිියවලියකි.

මේ එම ක්‍රියාවලියේ එක් ඛේදනීය ආරම්භයක සටහනයි.

කලීඩ් සයිඩ් 28 හැවිරිදි ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රදේශයේ ජීවත් වුනු තරුණයෙක්. පරිඝණකයට සහ සංගීතයට ප්‍රියකරන කලීඩ් දිනපතාම අන්තර්ජාල මධ්‍යස්ථානයකට(ඉන්ටර්නෙට් කැෆේ)ගොස් අන්තර්ජාලය ඇසුරු කිරීම පුරුද්දක් කරගෙන සිටියේ ය.

පසුගිය වසරේ ජූනි 06 වනදා සුපුරුදු පරිදි අන්තර්ජාලයෙන් විශේෂයෙන් ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ සිය කටයුතු සිදු කරමින් සිටියේ ය. මෙසේ කලීඩ් අන්තර්ජාල මධ්‍යස්ථානය තුළ සිටින විට හිදිසියේම එයට කඩා වදින පොළිස් නිළධාරීන් දෙදෙනෙක් කලීඩ්ගෙන් කප්පම් ඉල්ලා ඔහුට කරදර කරන්නට විය. මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන කලිඩ් ට එම පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහර දෙන අතර කලීඩ්ගේ ඔලුව එම මධ්‍යස්ථානයේ වීදුරු මේසයක වැදීමෙන් හිසෙන් ලේ ගලන්න ගන්නා අතර පොලීසිය ඔහුට දිගටම පහර දෙන්නට විය.. මෙම පහරදීමෙන් නොනැවතෙන පොලිස් නිළධාරීන් ඔහුව අන්තර් ජාල මධ්‍යස්ථානයෙන් එළියට ඇදගෙන ගොස් දිගටම පහර දෙන අතර එහි දී අවාසනාවන්ත ලෙස කලීඩ් සයිඩ් මිය යනවා.

පොළිස් නිළධාරීන් දෙදෙනෙකුට කප්පම් දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ජීවත් වූ 28 හැවිරිදි කාලීඩ් සයිඩ් තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් කරුණු සොයන අබ්දුල් අසීස් නීතිඥවරයා මෙසේ කියා සිටිනු ලබනවා. ‛‛ඉරිදා උදේ 11. 30 ට විතර කාලිඩ් සයිබර් කැෆේ එකේ හිටියා. පොලිසියේ දෙන්නෙක් ඇවිත් එයාගෙන් සල්ලි ඉල්ලුවාම එයා කිව්වා සල්ලි නෑ කියලා. එතකොට පොලිස් නිලධාරීන් දෙන්නා එයාට ගැහුවා. පොලිසිය ගහන කොට එයාගේ ඔලුව වීදුරු මේසෙක වැදිලා ලේ ගලන්ඩ පටන් ගත්තා’’

අබ්දුල් අසිස් ගේ ප්‍රකාශයට අනුව පොලිස් නිළධාරීන් කාලීඩ් සයිඩ්ව සයිබර් කැෆේ එකෙන් එළියට ඇදගෙන ගොස් දිගටම පහර දී ඇත. ‛‛මාව මරන්ඩ එපා…..මාව මරන්ඩ එපා…..කියලා කෑ ගහගෙන එයා බිම ඇදගෙන වැටුණා.’’ සයිඩ් බිම වැටුණු පසු කහ පැහැති දියරයක් ඔහුගේ කටින් වැක්කෙරුණු බව සිද්ධිය දුටු අය ප්‍රකාශ කරන බව අබ්දුල් අසීස් කියා සිටියා. එම ස්ථානය පසු කරගෙන ගිය ෆාමසිකරුවෙක් සහ වෛද්‍යවරයෙක් සාක්ෂි දෙමින් කිව්වේ, ඔවුන් කාලීඩ් සයිඩ්ගේ නාඩි අල්ලා බලා ටික මොහොතකින් ඔහු මිය ගිය බව.

සාක්ෂිකරුවන්ට අනුව පොලිස් වාහනයකින් සයිඩ්ගේ මිනිය රැගෙන ගියා. පසුව පොලිසිය සයිඩ්ගේ පවුලේ අයට දැන්නුවා, සයිඩ්ගේ මිනිය මෝචරියේ තබා ඇති බව. නමුත් මෝචරියට ඇතුල් වෙන්නට පවුලේ අයට අවසර ලැබුණේ නැහැ. කාලීඩ් සයිඩ් කුඩු පැකට් එකක් ගිල්ල බවත්, ඔහු එය ගිලිනවා ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටින බවත්, නීතිඥයාගේ කාර්යාලයේදී ආරක්ෂක නිළධාරීන් සයිඩ්ගේ මවට සහ සහෝදරයාට කිව්වා.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන අහමඩ් බඩාවි ජූනි 11 වෙනිදා සිද්ධිය සිදු වූ සයිබර් කැෆේ එකට ගොස් තිබුණා. ඔහු කියා සිටියේ, ඒ සිද්ධිය බලා සිටි අයට අනුව, කුඩු පැකට් එක, සයිඩ්ට පහර දුන් පොලිස් නිළධාරීන්ට අයිති එකක් බවත්, ඔවුන් හොර කුඩු ගනුදෙනුවක් කරද්දී, සයිඩ් එය වීඩියෝ කරන්නට යෑම නිසා කෝපාවිෂ්ට වූ පොලිස් නිළධාරීන් ඔහුට පහර දුන් බවත් ඉතා පැහැදිලි බව ඔහු කියා සිටියා.

සයිඩ්ගේ දේහය පොලීසිය විසින් මරණ පරීක්ෂකයෙකුට බාර කළා.

‛‛අධිකරණ මරණ පරීක්ෂකගේ වාර්තාව පරීක්ෂණයට ඉතා තීරණාත්මක ලෙස බලපාවි’’ අබ්දුල් අසීස් පවසනවා. ‛‛ඇලෙක්සැන්ඩ්‍රියාවේ අධිකරණ මරණ පරීක්ෂණ අධිකාරිය ඔවුන්ගේ වාර්තාවල ගුණාත්මක තත්ත්වය පිළිබඳ කීර්තියක් දිනාගෙන තියෙන ආයතනයක්. කොහොම වුණත් නඩුවේ අනාගත තත්ත්වය තීරණය වෙන්නේ නඩුව ගොනු කරන නීතිඥයාගේ අවසාන වාර්තාව අනුවයි’’ඊජිප්තුවේ බ්ලොග් අඩවියක් වාර්තා කර තිබුනේ එළෙසය.

පසුව ෆේස් බුක් හරහා කලීඩ් සයිඩ්ගේ ඝාතනය මුලු ඊජිප්තුව හරහාම ප්‍රචාරය වීමෙන් පසු දස දහස් ගණනින් ජනයා ඔහුගේ අවසන් කටයුතු සදහා ඇදි එන්නට විය.

පසුව කලීඩ් සයිඩ්ට වද දී මරා දැමීමට විරෝධය පෑමක් ලෙස ජුනි 10 වැනිදා සවස අලෙක්සැන්ඩ්‍රියැවේ සිඩි බිෂිර් නීතිඥ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා. උද්ඝා්ෂකයන් හඬ නගා කියා සිටියේ, තමන් සයිඩ් ගේ පවුලේ සාමාජිකයන් සමග එක්ව, මේ මරණය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත්ය. ඒ අවස්ථාවේදී පොලීසිය මේ උද්ඝෝෂකයන් අතරට කඩා වැදී ඔවුන්ගෙන් සමහරක් අයට පහර දුන්නා. අබ්දුල් අසීස් පවසන අකාරයට උද්ඝෝෂකයන් 11 දෙනෙක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන්ගෙන් 4 දෙනෙක් පසුව නිදහස් කරනු ලැබු බවත්, ඉතිරි අයට එරෙහිව මහජන නීතිය කඩ කිරීම සහ, නීති විරෝධී රැස්විම් පැවැත්වීම යන චෝදනා නගා තිබෙන බවත් ඔහු පවසයි.

කලීඩ් සයිඩ්ට වද දී මරා දැමීමත්, එයට විරෝධය දැක්වීමේදී පොලීසිය හැසිරිනු ආකාරයත් අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි තුළ විශාල උදහසකට ලක්වන්නට විය. ඒ උදහසට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස කලීඩ් සයිඩ් වෙනුවෙන් We Are All Khaled Said නම්න් ෆේස්බුක් පේජයක් නිර්මානය කිරීමට ‛‛වයෙල් ගෝනීම්’’ නම් දෙදරු පියෙක් උත්සහ ගන්නා අතර එම උත්සහය තුලින් මෙම ඝාතනයෙන් පසුව තත්ත්වය ක්ෂණිකව වෙනස් වීමට පටන් ගත්තේ ය. වයෙල් ගෝනිම් අන්තර්ජාල ක්‍රියාකාරිකයෙක් මෙන්ම පරිගණක ඉංජිනේරු වරයෙකි. කලීඩ් සයිඩ් වෙනුවෙන් We Are All Khaled Said නම් ෆේස්බුක් පේජය නිර්මාණය කිරීමෙන් පසු මෙම ෆේස්බුක් පේජය සදහා දැවැන්ත සාමාජික පිරිසක් මෙන්ම දැවැන්ත ප්‍රතිචාරත් සීග්‍රයෙන් ගලා එන්නට පටන් ගන්නා පටන් ගත්තේ ය. මේ නිසාම කිසියම් පිරිසක් විසින් වයෙල් ගෝනිම් අතුරුදහන් කරන අතර ඔහු අතුරුදහන්වී දින 12කින් පසු ඇස් බැඳ පහරදී මහමග දමා ගිය වයෙල් ගෝනීම් ඔහුගේ හිතවතුන් විසින් සොයාලනු ලබනවා. ඉන්පසුව වයෙල් ගෝනීම් ‛අබුඩාබි’ නම් පුවත්පතකට පවසා සිටියේ We live in a digital age, and it is important that the Arab world takes advantage of this new medium,” , යනුවෙනි. කෙසේ නමුත් විශ්මය නම් මුබාරක් විසින් ඊජිප්තු ජනයා බියවද්දා, මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන් ම හකුලා දමා පාලනය ගෙන යමින් සිටිය දී පවා වයෙල් ගෝනීම් ගේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු We Are All Khaled Said නම් facebook group හී සාමාජිකත්වය තව තවත් දස දහස් ගණනින් ඉහළ යාමයි.

පීඩිත ඊජිප්තු ජනයාගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ බියෙන් මිදී සීටීමේ සැබෑ දේශපාලනික වුවමනාව ඉවෙන් මෙන් හැඳින ගත් වයෙල් ගෝනීම් ජනවාරි 25 වනදා එම ෆේස්බුක් පේජය හරහා We Are All Khaled Said සාමාජිකයන්ව තහීර් චතුරස්‍රයට කැඳවනු ලබනවා. මේ කැඳවීම සහ කඳවීමට පාදක වුනු කරුණු අන්තර්ජාල පුරවැසි මාධ්‍යන් හරහා ප්‍රචාරය වීමෙන් පසු රාජ්‍ය වීරෝධීන්, සමාජ සංවිධාන, ඇතුලු විවිධ සමාජ බලවේග දහස් ගණනින් තහීර් චතුරස්‍රයට එක්වන්නේ ටියුනිසියාවේ අරගලයේ අවස්ථාවන් සංඛේතවත් කිරීම පිණිස එහි සටන් පාට සහ කොඩි ද රැගෙන ඉතාමත් උද්වේගකර අන්දමින් ය. කලීඩ් සයිඩ් වද දී මරා දැමීමට එරෙහිව, අන්තර්ජාලය තුළ සංවිධානගත කරන ලද විශේෂයෙන් තරුණ කණ්ඩායම් සමඟ, ඊජිප්තුවේ විවිධ සමාජ බලවේග, ඊජිප්තුවේ නිදහස පතා වූ අරගලයට, අන්තර්ජාල සමාජ වෙබ් අඩවි සහ පුරවැසි ජනමාධ්‍යකරුවන් සහ බ්ලොග්කරුවන් උර දුන්නේ ලොවම මවිත කරමිනි.

පසුව දින 18කට වැඩි කාලයක් තාහිර් චතුරස්‍රයේ ලක්ෂ ගණනක් කඳවුරුලාගෙන ඒ ශුද්ධ අරගලය දායකත්වය දුන්නේය. මාධ්‍ය නිදහසක් නැති ඊජිප්තුවේ අන්තර් ජාලය ඔස්සේ ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි හරහා දේශපාලන සංවාදයක් තුළින් ඊජිප්තුවේ ඒකාධිපති පාලනය පෙරලා දැමුවේ අවිහංසාවාදී ලෙස මෙන්ම නව මාධ්‍ය ප්‍රවාණතාවයන් සහ පුරවැසි ජනමාධ්‍යකරණයන් ගේ විභවය සහ උණුසුම පිළිබදව ඒකාධිපති, ප්‍රජාතන්ත්‍රවිරෝධී නායකයන් සහ රජ්‍යයන්ට සිතන්නටවත් වේලාවක් නොතබමිනි.

කලීඩ් සයිඩ්