සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

බාහුට එල්ලකල මැර ප්‍රහාරයට විරුද්ධව පෙත්සමක්

නව සමසමාජ පක්ෂයේ ලේකම් වික්‍රමබාහු කරුණාරත්න මහතාට පසුගිය වසරේ දෙසැම්බර් 07 වන දින මැර පිරිසක් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී පහර දීමට විරෝධය දක්වමින් පොලිස්පතිවරයාට පෙත්සමක් බාර දීමට නියමිත බව වාර්තා වේ.

රාජ්්‍ය සම්පත් සහ කර්මාන්ත සංවර්ධන නියෝජ්්‍යය අමාත්්‍ය සරත් ගුණරත්න මහතාගේ පුත්‍රයා වන සුරේෂ් කුමාර් ගුණරත්න නැමැත්තා ඇතුළු පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 07 වැනිදා නව සමසමාජ පක්ෂරයේ ප්‍රධාන ලේකම්වරයාට පහරදීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

එසේම හෙට(24) කොළඹ, කොටුවේ සවස 2ට දී පැවැත්වෙන රැළියකදී මෙම පෙත්සම පොලිස්පතිවරයාට බාර දීමට සුදානම් බව එහි වැඩිදුරටත් වාර්තාවේ.
වික්‍රමබාහු කරුණාරත්න මහතා මෙම මැර ප්‍රහාරයට ලක් වූයේ ලන්ඩනයේ දේශණයකට සහභාගී වී නැවත ලංකාවට පැමිණෙන විට දීය.

කෙසේ නමුත් පසුගිය දෙසැම්බර් 07වනදා වික්‍රමබාහු කරුණාරත්න මහතාට මෙම ප්‍රහාරය එල්ලවන විට එහි සිටි ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදි ශාන්ත විජේසූරිය ඇතුලු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම එම මැරයින් විසින් පහර දෙන ලදි. පසුව ඔවුන් ගුවන් තොටුපොලින් පිටවී පැමිණෙන විටදී ද ඔවුන්ගේ වාහනය හඹා ආ එම මැරයින් ඔවුන්ට නැවත වරක් පහරදීමට උත්සහ කළ බවත් වාර්තා විය.

නමුත් මේ වන විටත් මෙම බරපතල සිදුවීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට බලධාරීන්ට නොහැකි වී තිබෙන අතරතුර මෙම පෙත්සම පොලිස්පතිවරයාට බාර දීමට නියමිතය.

එසේම මෙම පෙත්සම සඳහා සහයෝගය පළ කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස අගයන ජනතාවගෙන් ඉල්ලා සිටි. මෙයට අන්තර්ජාලය ඔස්සේ ජනතාවට තම සහයෝගය පළ කළ හැක. මෙයට පිවිසෙන්න.www.petitions24.com