සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

යුක්තිය විහිළුවක් වෙයි – ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ රිමාන්ඩ් කරයි.

ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා අප්‍රේල් 07වනදා දක්වා රිමාන්ඩ්බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරිය අද(31) පස්වරුවේ නියෝග කළේ ය.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ගිණි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින සිසිර ජයලත් හෙවත් භූතයාගේ සහෝදරයා වන සුගත් ජයලත් යන අයට තර්ජනය කිරීම, ගිණි අවි පෙන්වා බිය ගැන්වීම යන කාරණා මත අද දහවල් වැල්ලම්පිටිය පොලීසිය විසින් බෙනට් රූපසිංහ මහතා අත් අඩංගුවට ගනු ලැබීය.

කෙසේ නමුත් ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිනි තබා මාස 2කක් ගත වී තිබිය දීත් බලධාරීන්ට ඊ නිව්ස් ගිනි තැබූවන් නීතිය ඉදිරියට පැමිණවීමට නොහැකි තත්ත්වයක් තුළ ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘවරයා අත්අඩංගුවට ගැනීමෙන් ලංකාවේ මාධ්‍ය මර්ධනය කිරිමේ නව උපායන් ක්‍රියාත්මක වන බව සිහිගන්වනු ලබයි. එහි අලුත්ම නාටකය අද ප්‍රදර්ශණය විය. එනම් පහරදුන් අයට දඬුවම් කරනවා වෙනුවට පහර කෑ අයට දඬුවම් කිරීමේ අලුත්ම ආශ්චර්යමත් නාටකය යි.

මෙයින් පෙනී යන්නේ යුක්තිය ඉටුවන බව හුදෙක් විහිඑවක් බවට පත්කර ඇති තත්ත්වයක් තුළ ඉතා බරපතල, භයානක හැඟවුම් ලංකාවේ මාධ්‍යට මෙන්ම සියලු ක්ෂේත්‍රයන්ටමට එල්ලවී ඇති බවය.