සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

කටඋත්තර ගැනීමට පැමිණි පොලීසිය ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය අත්අඩංගුවට ගනී


අධිකරණයට අපහාස කළ බවට නගා ඇති චෝදනාවක් සම්බන්ධව කටඋත්තර ලබා ගැනීමට පැමිණි කිරිදිවැල පොලීසියේ නිලධාරීන් පිරිසක් ඊ නිව්ස් මාධ්යගවේදී ශාන්ත විජේසූරිය මහතා අද[25] සවස අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රවෘත්තියක් පළ කිරීම ඔහුට නගා තිබෙන චෝදනාවයි.

කටඋත්තර ලබාගැනීම සඳහා නිලධාරීන් 5 දෙනෙකු පැමිණ ඇති අතර කටඋත්තර ලබාගනිමන් සිටියදී වරෙන්තුවක් පෙන්වා ශාන්ත විජේසූරිය මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හෙට[26] පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කටඋත්තරයක් ලබා ගැනීමට යැයි පොලීසියට කැදවු ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රෑපසිංහ මහත‍ාත් පසු ගිය මාර්තු 31 වනදා අත්අඩංගුවට ගෙන අප්‍රේල් 7වනදා දක්ව‍ා රදවා තබා පසුව ඇප මත මුදා හැරියේ ය.

[Pic by- Sampath Samarakoon]