සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

අත්අඩංගුවට ගත් ලංකා ඊ නව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය ලබන 28දක්වා රිමාන්ඩ්


අධිකරණයට අපහාස කළ බවට නගා ඇති චෝදනාවක් සම්බන්ධව කටඋත්තර ලබා ගැනීමට පැමිණි කිරිදිවැල පොලීසියේ නිලධාරීන් පිරිසක් ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු අද[26] පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව ලබන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලේ ය.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ අපහාසාත්මක ලෙස පළකරන ලදැයි කියනු ලබන ප්‍රවෘත්තියේ පිටපතක් අධිකණයට ඉදිරිපත් කිරිමට පොලීසියට නොහැකි වූ අතර මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය මහතාගේ නීතිඥයින් විසින් එම පුවතත්, එම පුවත නිවැරදි කරන ලද පුවතේ පිටපතත් අධිකරණයට ලබා දෙමින් පවසා ඇත්තේ අදාල පුවත සම්බන්ධයෙන් දෙවරක්ම නිවැරදි කිරීම් සිදුකර ඇති බවත්, මේ අකාරයට ප්‍රවෘත්තියක් පළකිරීමෙන් කිසිසේත්ම අධිකරණයට අපහාසයක් සිදුකිරමේ චේතනාවක් නොතිබූ බවයි.