සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ලංකා ඊ නිව්ස් තාවකාලිකව තහනම් කරයි.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තාවකාලිකව තහනම් කරන ලෙස පූගොඩ මහෙස්ත්‍රාත් අදිකරණය අද නියෝග කර තිබේ.

පූගොඩ අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවක් සම්බන්ධයෙන් සාවද්‍යය ප්‍රවෘත්ති පළ කලා යැයි කියමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටින ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය සම්බන්ධව ඇප ඉල්ලීම සිදු කල අවස්ථාවේ මෙම නියෙි්ගය නිකුත් කර ඇති අතර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට අදාල නඩුව නිමා වන තෙක් මෙම තහනම පනවා ඇත.

එහිදී පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාධ්‍යවේදී ශාන්ත විජේසූරියගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර ලබන 12 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධණාගාර ගත කර තිබේ.