සිංහල, Economic issues, Pollonnaruwa

අස්වැන්නේ සුසුම

weli-rz.jpg
යල කන්නයේ අසවනු නෙලා ගෙට ගත්තේ ලොකු බලාපොරොත්තුවකින්. ඒ පොහොසත් වන්නට නොවේ. ගත්ත ණය ටික ගෙවන්නයි. යන්තම් හෝ වේලක් හැර වේලක් කාලා ජීවිතේ ගැටගහගන්නයි. මහා දුක් කන්දරාවක් එක්ක ගෙට ගත් වී ටික තවමත් ගේ මුල්ලේ විකුණාගන්න බැරුව. මුදලාලි ඉල්ලන ගානට අපි කොහොමද දෙන්නේ, හෙට ගනන් යයි හෙට ගනන් යයි හිතමින් හැමදාම බලන් ඉන්නවා. මගේ හිත කිරි ගෑවා මහත්තයෝ රටින් හාල් ගෙන්නනවා කියලා පත්තරේ තියනවලු.