සිංහල, Colombo, Democracy

“ලීඩර්” වාරණයට…?

             ජනප්‍රිය නඑ රංජන් රාමනායක මහතා අධ්‍යක්ෂනය කළ “ලීඩර්” චිත්‍රපටය රුඟුම් පාලක මණ්ඩලය මේ වන විටත් ප්‍රදර්ශණය සදහා අවසර දී නොමැති බවත්, එහි තේමා ගීතය ඇතුලු තවත් කොටස් 7කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර නැවත එය සංස්කරණය කොට රුගුම්පාලක මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙසත් තමා වෙත ලිඛිතව දන්වා ඇති බව ඊයේ(26) හොලිඩේ ඉන් හෝටලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රංජන් රාමනායක මහතා කියා සිටියේ ය.

             ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ රුගුම්පාළක මණ්ඩලයේ අනුමැතිය සදහා මෙම ලීඩර් චිත්‍රපටය ඉදිරිපත් කර දින 14ක් ගත වුවත් ප්‍රදර්ශණය සදහා අවශ්‍ය සහතිකය ලැබි නොමැති බව ය. තව ද සමහර චිත්‍රපට උදේ රුගුම්පාලක මණ්ඩලයට ඉදිරිපත් කළ පසු සවස එය ප්‍රදර්ශනය සදහා අවසර ලැබෙන රටක මෙම චිත්‍රපටයට මෙවැනි දෙයක් සිදුව ඇති බවය.. ‛‛මගේ පහුගිය කාලේ චිත්‍රපට භාවිතය ඔබලා දන්නවා ඇති. මගේ ප්‍රථම චිත්‍රපටය පාර්ලිමන්ට් ජෝක්ස් 01, දෙවන චිත්‍රපටය වන්ෂොට් වන් කියන චිත්‍රපටය. තුන්වන චිත්‍රපටය තමයි ලීඩර් 01 කියන චිත්‍රපටය. මේ චිත්‍රපට ත්‍රිත්වයේම ප්‍රස්තුතය වෙලා තිබුනේ මැර දේශපාලනඥයන්ට එරෙහිවන නිර්භීත තරුණ්‍යයයේ වීරත්වයන්ගේ කතාබහක්. අද ලෝකයේ වෙනත් රටවල මේවැනි නිර්මාණ ප්‍රදර්ශනය සදහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තියනවා. ඔලිවස් ලෝඩ් කියන අධ්‍යක්ෂකවරයා නිර්මාණය කරපු ඩබ්ලිව් ගැන් චිත්‍රපටය බැලුවොත්, චාලි චැප්ලීන් නිර්මාණය කරපු ද ග්‍රින් ඩ්ග්ඩේටර් චිත්‍රපටය බැලුවත් එය තෙරෙනවා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හිට්ලර්ට සමාන චරිතයක්. අපි බර්ට්‍රෝල් බ්‍රෙෂ්ගේ නාට්‍යයේ අසඩක් චරිතය බැලුවත් එය පේනවා. ඒ බර්ට්‍රා්ල් බ්‍රෙෂ්ට තියන නිදහස අපිට තිබිය යුතුයි කියන මතයේ තමයි මම ඉන්නෙ. මයිකල් මුවර් කියන අධයක්ෂකවරයා ෆැරන්හයිට් නයින් එලවන් කියන චිත්‍රපටයක් කලා. එය ප්‍රදදර්ශනය කලේ ඇමරිකාවේ. ඒ වාර්තාමය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඉන්නේ ජෝර්ජ් බුෂ්. නමුත් කවදාවත් වාරණයට ලක් කලේ නෑ. හිරිහැර කලේ නෑ. ජෝර්ජ් බුෂ් ඔහුට රාත්‍රි බෝජන සංග්‍රහයකට පවා ආරාධනා කලා. ඒ චිත්‍රපටය කෑන්ස් ෆෙස්ටිවල් එකේ හොදම වාර්තා චිත්‍රපටියට හිමි සමාමානය හිමිකර ගත්තා. ඒ විතරක් නෙමේ, කමලාසන්ලා ට අද පවා පුලුවන් හේරාම් වැනි චිත්‍රපටිවල මහත්මා ගාන්ධිගේ චරිතය, අධ්‍යක්ෂක කෙනෙක් විදිහට ගාන්ධිව දකින හැටි ප්‍රතිනිර්මාණය කරන්න. ඒ අයිතිය ඔහුට තියනවා. නුමුත් අද අප රටේ ඒක නැතිවෙලා කියන එක කණගාටුවෙන් උනත් සදහන් කරන්න ඕන.’’

             රන්ජන් රාමනායක මහතා අධ්‍යක්ෂනය කල මෙම චිත්‍රපටයට රු 4000000.00 ක ණය මුදලක් ලබා දී තිබෙන්නේ ද චිත්‍රපට සංස්ථාවයි. එසේම එවකට චිත්‍රපට සංස්ථාවේ සභාපතිව සිටියේ, අද මෙම චිත්‍රපටය පිළිබද කතාබහේ ප්‍රධාන චරිතය වී ඇති රුගුම්පාලක මණ්ඩලයේ වත්මන් සභාපති අශෝක සේරසිංහ මහතායි. කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සදහන් කලේ “මේ ප්‍රශ්ණය තියෙන්නේ රන්ජන් රාමනායක වන මට විතරයි.” යන්න ය. එසේම ආන්දෝලනයට ලක් වූ මෙම ලීඩර් චිත්‍රපටයේ තේමාව දූෂිත දේශපාලනයත්, දේශපාලකයනුත් කරනු ලබන විවිධ මැර, දූෂණ ක්‍රියාවන් උපහාසාත්මකව විවේචනයට ලක් කිරිමයි. කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පවසන්නේ විශාල වියදමක් දරමින් සිදුකල මෙම චිත්‍රපටයේ, තිරනාටකය, දෙබස් ඇතුලු සියලු දේ රූගත කිරීමට පෙර චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය ලබා ගත් පවත්, දැන් අවසන් සංස්කරණයත් කල පසු වාරණයට ලක් කිරිමට උත්සහ කිරිම ලංකාවේ කලාව, කලා පොලීසියක් දක්වා වර්ධනය වී ඇති බවත් ය. කලා කරුවකුගේ කලා නිර්මාණයකට, අඩන්තේට්ටන් කිරීම නවත්වන්න. කෙනහිලිකන් කිරීම නවත්වන්න, අවසාන වශයෙන් ලීඩර් චිත්‍රපටයේ අධ්‍යක්ෂක රංජන් රාමනායක මහතා කියා සිටියේ ය.

(මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ වීඩියෝ පටය සදහා http://www.youtube.com/vikalpasl වෙත යොමුවන්න)