සිංහල, Colombo, Human Rights, Life quips

අද ලෝක ඒඩ්ස් දිනයයි

re-zise.jpg

අද දෙසැම්බර් 1 වනදා ලෝක ඒඩ්ස් දිනයයි. වසර ගනනාවක සිට ලෝකය සාකච්ඡා කරමින් සිටින ප්‍රධාන ගැටලු අතරින් එකක් වන්නේ ඒඩිස් රෝගය වැළදිමට මූලික වන HIV (Human Immunodeficiency Virus) වෛරසය ලොව පුරා සීග්‍රයෙන් පැතිර යාම වලක්වා ගැනීමයි. අප්‍රිකානු මහද්වීපය තුල ඒඩ්ස් රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වීමක් දක්නට ඇත. ලංකාව තුළ එතරම් වර්ධනයක් දක්නට නොලැබුනත් සැලකිය යුතු සහ සාකච්ඡා කලයුතු මට්ටමක පැවතීම හෙට දවසේ දී අභියෝගයක් වන්නට පුලුවන. මේ වන විට ලංකාව තුළ ඒඩ්ස් අසාදිතයින් 281 ද එච්.අයි.වී වෛරසය ශරීරගත වුවන් 1029 හා ආසාදිත ලමුන් 31 ද සිටිති. නමුත් මෙම සංඛ්‍යා ලේඛන එතරම් නිවැරදි නැති බව සමහර විද්වතුන්ගේ මතයයි. එයට හේතුවක් ලෙස ඔවුන් පවසන්නේ මෙවැනි ලිංගා ආශ්‍රිත රෝග පිළිබදව මෙරට ජනයා තුළ ඇති ආකල්පමය ප්‍රශ්න හා නොදැනුවත් කම නිසා තොරතුරු නිසි ලෙස වාර්ථා නොවීම යි. මේ හේතුවෙන් වාර්ථා නොවූ ආසාදිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිය හැකි බවට අනුමාන කෙරේ.

2007 වන විට ලෝකයේ ඒඩ්ස් රෝගීන් මිලියන 33ක් සිටින බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එම එච්.අයි.වී ආසාදිතයන් අතරින් මිලියන 30ක් වැඩිහිටියන් වන අතර දැරුවන් ප්‍රමාණය මිලියන 2කි. කාන්තාවන් සංඛ්‍යාව මිලියන 15.5 කි. පසුගිය වසරේ දී අලුතින් අසාදිත වූ ප්‍රමාණය මිලියන 2.7 බව පැවැසේ. එයින් ළමුන්ගේ ප්‍රමාණය මිලියන .37 පමණ වන බවද ගණන් බලා ඇත. 1981 සිට 2007 දක්වා ඒඩිස් රෝගය වැළදී මිය ගිය සංඛ්‍යාව මිලියන 25 කි. 1990 දී මිලියන 8 ව පැවැති ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව 2007 වසර වන විට මිලියන 33 දක්වා වැඩි වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල වෙසෙන ඒඩ්ස් රෝගීන් මිලියන 9.7 සඳහා ජීවිත ගලවා ගැනීමේ ප්‍රතිජීවක ඖෂද අවශ්‍ය වන නමුත් එම ඖෂද ලැබෙනුයේ මිලියන 2.99 ක ප්‍රමාණයට පමණි.
ඒ ඒ මහද්වීප අනුව ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව පහත දැක්වේ
මහද්වීපය දැනට සිටින ආසාදිතයන් අලුතින් එක්වන ආසාදිතයන් මෙතෙක් සිදුවූ මරණ
අප්‍රිකාව මිලියන 22 මිලියන 1.9 මිලියන 1.5
උ.අප්‍රිකාව හා මැදපෙරදිග 380,000 40,000 27,000
ආසියාව මිලියන 5 380,000 380,000
දකුණු ඇමෙරිකාව මිලියන 1.7 140,000 63,000
නැ.යුරෝපය/ම.ආසියාව මිලියන 1.5 110,000 58,000
උ.ඇමෙරිකාව/මධ්‍යම යුරෝපය මිලියන 2 81,000 31,000