සිංහල

බුත්තල ඔක්කම්පිටිය පාරේ වෙඩිතබා ඝාතනය කළ පුද්ගල මළසිරුරක්

බුත්තල ඔක්කම්පිටිය පාරේ වෙඩි වැදීමෙන් මියගිය පුද්ගල මළසිරුරක් දමාගොස් ඇති බව වාර්ථාවේ. අප මේ පිළිබඳව බුත්තල පොලීසියෙන් විමසූවිට එහි නිළධාරියෙකු ප්‍රකාශ කළේ වෙඩිතබා ඝාතනය කළ මළ සිරුරක් ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින නිසා මේ අවස්ථාවේදී කිසිවක් ප්‍රකාශකළ නොහැකි බවත්ය.
මේ පිළිබඳව විමසීමේදී ප්‍රදේශවාසීන් පැවසූවේ ඊයේ රාත්‍රී 12 ට පමණ වෑන්රථයක් මෙම ස්ථානයට පැමිණෙන හඬ අසුන බවත් ඊට ටික වේලාවකට පසුව වෙඩි හඬක්ද නිකුත් වූ බවයි