සිංහල, Human Security, Pollonnaruwa

වැලිකන්දේ වෙඩි තැබීමකින් ගොවීන් 4ක් මරුට

වැලිකන්ද, රිදීතැන්න, ප්‍රදේශයේ ඊයේ රාත්‍රී ආයුධ සන්නද්ධ පිරිසක් ඒල්ලකල වෙඩි ප්‍රහාරයකින් 4දෙනෙක් ජීවිතක්ෂයට පත් වී 4දෙනකු තුවාල ලබා ඇත.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රිදීතැන්න, මැනික්දෙනිය ප්‍රදේශයේ තම අස්වනු නෙලීම සඳහා කුඹුරුවලට ගොස් ඇති ගොවීන් පිරිසකටය. ප්‍රදේශවාසීන් පවසන්නේ පසුගිය දිනවල මෙම ප්‍රදේශයට කිසියම් ආයුධ සන්නද්ධ පිරිසක් පැමිණ ඇති බවට ලද තොරතුරු මත ආර්ෂක අංශ විසින් කරන ලද සෝදිසි මෙහෙයුමක් සිදු කලමුත් එවැනි පිරිසක් සොයා ගැනීමට නොහැකි වූ බවයි.

වැලිකන්ද පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ, මනන්තලාගේ සෝමදාස, සුගත් චන්ද්‍රසිරි, සරත් කුමාර විජේවර්ධන සහ කන්කානම්ලාගේ ධර්මසේන යන අය බවත් ඒ පිළිබඳ පරීක්ෂන සිදුකරමින් සිටින බවත් ය.