සිංහල, Economic issues, Governance, Kandy, Matale, Nuwara Eliya

විදුලිය නොමැති ග්‍රාමීය සහ වතු ජනතාවට විදුලි ලබා දීමේ වැඩ පිළිවෙළක්

විදුලි බලය නොමැති මධ්‍යම පළාතේ දුෂ්කර වතු හා ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිය ලබාදීම සඳහා ප්‍රදේශයේ දිය ඇලි ආශ්‍රිතව කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර පිහිටුවීම පිළිබඳව තම අවධානය යොමුව ඇතැයි මධ්‍යම පලාතේ විදුලිබල අමාත්‍ය බන්දුල යාලේගම මහතා ප්‍රකාශකර ඇත. මෙම ව්‍යාපෘතිය තුලින් විදුලි බලය නොමැති ප්‍රදේශවල ජනයාගේ ජන ජීවිතය නඟා සිටුවීම ප්‍රධාන අරමුණ බවත් ඔහු ප්‍රකාශකර ඇත.
එහෙත් පරිසර විද්‍යාඥයින්ගෙන් විකල්ප කල අදහස් විමසිමකදී ඔවුන් පැවසූවේ ‛‛ මෙවැනි දුෂ්කර ප්‍රදේශවලට විදුලිබලය ලබාදීම අත්‍යවශ්‍ය කාරණයක් උවත් ප්‍රදේශයේ දිය ඇලි ආශ්‍රිතව ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති කුඩා පරිමාණයේ විදුලි බල යෝජනා ක්‍රම මඟින් විශාල පරිසර හානියක් සිදුවන බවයි. අනෙක් අතින් මෙවැනි ව්‍යපෘති වලට මුදල් යොදවන ආයෝජකයින් මෙම මඟින් ලාභ ලැබිම අපේක්ෂා කරන නිසා එහි ප්‍රතිලාභ ප්‍රදේශයේ ජනයාට නොලැබෙන බැවින් මෙවැනි ව්‍යපෘති පිළිබඳව නැවත අධ්‍යනය කල යුතු බවත් ඔවුන්ගේ අදහසයි.’’
‛‛මෙම බලාගාර වලින් උත්පාදනය කරන විදුලි බලය ප්‍රදේශයේ ජනතාවට ලබා නොදී ජාතික විදුලි බල පද්ධතියට ලබාදෙනව. මොකද මෙම ව්‍යාපෘතිවලට මුදල් යොදවන්නේ පෞද්ගලික අංශයෙන් හා තනි පුද්ගලයන්.ඔවුන් මුදල් යොදවන්නෙ ලාභ ලැබීමේ අරමුණ ඇතිවයි එනිසා මෙ මඟින් උත්පාදනය කරන විදුලිය ප්‍රදේශයේ ජනතාවට ලැබෙන්නේ නැහැ. මොකද එතකොට ඒ අයට අවශය ලාභ ලැබීමට බැරිවෙන නිසා.මධ්‍යම පලාත් සභාව විසින් මුදල් යොදවා මෙවැනි ව්‍යාපෘතියක් සිදුකරනවා නම් හොඳයි එතකොට මාතලේ, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් වල විශාල පවුල් ප්‍රමාණයකගේ විදුලිබල සිහිනය සැබෑකර ගන්න පුළුවන්.’’ මෙසේ අදහස් ප්‍රකාශ කළේ ප්‍රදේශයේ ජීවත් වන ගුරුවරයෙක්. පරිසරවේදීන් මතුකළ හානිදායක තත්ත්වය පිළිබඳව අප විමසූ විට ඔහු පැවසූවේ ‛‛ රජය මඟින් ව්‍යාපෘතිය සිදුකලත් පරිසර හානිය පිළිබඳව නිසි අධ්‍යනයක් සිදුකල යුතුබවත්, හානියක් සිදුවන්නේ නම් එම හානිය අවම කරගතහැකි නම් පමණක් ව්‍යපෘතිය ක්‍රියාත්මක කළ යුතුබවත්ය. නැති නම් සිදුවන්නේ විදුලි බලය වෙනුවෙන් තම පැවැත්ම අර්බූදයට යවා ගැනිමක් බවත් ඔහු වැඩිදුර ප්‍රකාශකර සිටියේය.’’