සිංහල, Governance, Human Rights, Media

වෙබ් අඩවි අවහිර කිරීමට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරණයට

වෙබ් අඩවි පහක් පසුගිය දා අවහිර කිරීමට ලක් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ(05) පෙත්සමක් ගොනු කෙරිණ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා හා එහි විධායක සභික උදය කලුපතිරණ යන අය විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබූ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

එම පෙත්සමේ දැක්වෙන්නේ එලෙස වෙබ් අඩවි අවහිර කිරීම තුළින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමිවී ඇති බවත් ය. එබැවින් අදාළ වෙබ් අඩවි අවහිර කිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කර ඇති එම පෙත්සමෙන් එම අවහිරතා ඉවත් කිරීමට නියෝග ලබා දෙන ලෙසද, පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.