ලසන්ත ඝාතනය කර වසර 03යි. ඝාතකයින්ට දඬුවම් දෙනු!
January 8, 2012 at 12:05 am by Karapoththa
Filed under සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 3ක් ගත වේ. නමුත් මේ වසර තුනක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ.
කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ ය. පසුව කලුබෝවිල රෝහලට ඇතුල් කිරීමෙන් පසුව ඔහු මෙලොවින් සදහටම සමු ගත්තේය. [මේ එහි වීඩියෝ දර්ශණයි Sunday Leader Editor in Chief Lasantha Wickremetunge murdered ඒ 2009 ජනවාරි 8 වනදාය.
ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත් පතක කතුවරයෙකු මහ දවල් අධිආරක්ෂක කලාපයක ඝාතනය කර ඝාතකයින්ට රිසි සේ පළා යා හැකිද යන්න විමසීමත් සමග ලසන්ත, සිවරාම් ඇතුලු ඝාතනය කරන ලද, ප්‍රගීත් වැනි අතුරැදහන් කරන ලද මෙන්ම, පෝද්දල වැනි බරපතල ප්‍රහාරයන්ට ලක් වූ සියලු මාධ්‍ය වේදීන් ගේ ඝාතකයින් සහ ප්‍රහාරකයින් වහාම රටට හෙළි කරන ලෙස, බළධාරීන්ට බල කල යුතුව ඇති සේම ඒ වෙනුවෙන් සියලු පුරවැසියන් පෙළගැසිය යුතුය.


Repost This Article















Neethiya etharam ikmanata kriyathmaka venawanam monawa karanna beridha. apageth prarthanaya Lasanthawa marapu ayata neethiya magin dhanduwam kireemai. mak karannadha neethiya haa polisiya ehema nehene
Godak web valatath Lasanthawa amathaka wela wage. Its good Post vikalpa.
Thank You