Colombo, Poems

මර්වින්ට අත නොතබනු


රජතුමාගෙ රෙදි හෝදපු

මළනුවන්ට මිනී මරපු

ජනතාවට කුඩු පොවාපු

මර්වියාට අත නොතබනු
———————————–

තොපේ මොලේ අඩු හින්දා

මනාප දීලා වැන්දා

ගෙවල්වලට ගෙන කැන්දා

නිදි වැදුනද ඌ හංගා
———————————–

වාසිවලට සාක්කුවේ

කාසිවලට නෑ සංගේ

නොදුටුවාද බලුවලිගේ

තොපි ඔක්කොම එක වල්ලේ
———————————–

ඌත් එකයි තොපිත් එකයි

පත් කොරාපු රටත් එකයි

විනාසයෙන් විනාසෙටයි

තොපි හැමෝට ආයු කොටයි
———————————–

මර්වින් නොමැත වැරදී

වැරදි නම් රජුද වැරදී

රජු නොමැත පැරදී

පත්කළ තොපිය පැරදී
———————————–

අනේ මගෙ රට වැසියෝ

යන කල බාලා සිටියෝ

ඉතින්වත් ඇස් ඇරියෝ

අනාගත අපෙ පැටියෝ
———————————–

[උදය ආර්. තෙන්නකෝන්]