සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

හානි කරන ලද ‛විලිඳු’ කාර්යාලයට පැමිණි මාධ්‍යවේදීන්ට පොලීසිය තර්ජනය කරයි

කිසියම් මැර පිරිසක් විසින් ඊයේ රාත්‍රී විලිඳු කාර්යාලයට හානි කිරීමෙන් පසුව අද(24), මීට සුලු වේලාවකට පෙර එහි පැමිණි මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ කාර්ය ඉටුකිරීමට ඉඩ නොදී පරීක්ෂණය සඳහා පැමිණි පොලිස් නිළධාරීන් තර්ජනය කර ඇත.

එම අවස්ථාවේදී කාර්යාලයෙන් පිටත සිට ඡායාරූප ගත් මාධ්‍යවේදීන්ට ‛එහෙනම් ඔයාල පොටෝ ගන්න’ අපි යනවා’ යනුවෙන් පවසා පසුව ‛මේ සියලු දෙනාගේ විස්තර ලියා ගන්න’ යනුවෙන් එහි පැමිණි ඉහළ පොලිස් නිළධාරියෙන් පැවසීය. පසුව එහි පැමිණී මාධ්‍යවේදින්ගේ විස්තර ලියා ගනු ලැබුවේ, විලිදු කාර්යාලය පිළිබද පරීක්ෂණය කිරීම දෙවනුවට තබාය. එහිදී ඇතැම් පොලිස් නිළධාරීන් ‛දෙනවා තමුසෙගේ අයිඩින්ටිය’ යනුවෙන්ද තර්ජනාත්මකව පවසා ඇත.

එම අවස්ථාවේදී එහි සිටි අනෙක් පිරිස පැවසූවේ විලිදු කාර්යාලයේ සිදු කරන පරීක්ෂණය වෙනුවට මාධ්‍යවේදීන් පරීක්ෂණයට ලක් කිරීම තුළම කිසියම් සැකයක් මෙම පරික්ෂණ පිළිබදවද මතු වෙන බවය.

විලිදු කාර්යාලයේ පරීක්ෂණය පසෙකලා මාධ්‍යෙව්දීන්ගේ තොරතුරැ ලියා ගන්නා පොලීසිය