Colombo, Featured Articles, Features

‛‛අත්අඩංගුවටගත් අයෙක් පැහැරගෙනගියා නම් එහි වගකීම රජය විසින් දැරිය යුතුයි’’ – නීතිඥ ජේ.සී වැලිඅමුණ

‛ගෙවල් වලදී, වෙනත් තැන් වලදි සුදු වෑන් වලින් පැහැරගෙන යාම මෙච්චර කාලයක් සිදුවුණා. නමුත් අධිකරණ භූමිය තුළ සුදු වෑන් එකකින් පැහැරගෙන යාම සිද්ධ වුන ප්‍රථම අවස්ථාව මේක තමයි. අනිත් කාරණය තමයි කෙනෙකු අත්අඩංගුවට පත් වුණාට පස්සෙ ඒ කෙනාගෙ වගකීම සම්පූර්ණයෙන්ම රජය යටතේ තියෙන්නෙ. අත්අඩංගුවට ගත් අයෙක් පැහැරගෙන ගියා නම් ඒකෙ අනිවාර්ය වගකීම රජය විසින් දැරිය යුතුයි. ඒ පුද්ගලයා කවුද කියන එක නෙමෙයි අදාල වෙන්නෙ. අනික් කාරණය තමයි මේ සම්බන්ධයෙන් රජය විසින් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. දඬුවම් තීරණය කරන්න බලය තියෙන්නෙ අධිකරණයට පමණයි. විධායකයට බලය තියෙන්නෙ චූදිතයෙක් අධිකරණය යොමුකරන්න. පුද්ගලයෙක් පැහැර ගෙන ගිහිල්ලා මරන්නවත්, අතුරුදහන් කරන්නවත් විධායකයට බලය නැහැ. මේක කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමක්.’

මත්ද්‍රව්‍ය නඩුවකට සම්බන්ධ විත්තිකරුවෙක් වන චන්ද්‍රපාලන් නොහොත් මර්වින් නැමැත්තා, බන්ධනාගාර අත්අඩංගුවේ සිටියදී, අළුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දී, සුදු වෑන් රථයකින් පැහැරගෙන යාම පිළිබඳව ජේෂ්ඨ නීතිඥ ජේ.සී වැලිඅමුණ මෙලෙස අදහස් දැක්වීය. අධිකරණයේ බලය නොසලකා හරිමින් සිදුවන මෙවැනි තත්ත්වයන් වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස බල කරමින් අද(14) දහවල් නීතිඥවරුන්ගේ විරෝධතාවයක් අළුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී පවත්වන ලදී.

[More Photos]