590
උතුරේ මැතිවරණය පිළිබදව විශේෂ සටහන් හෙට(18) සිට 22 වන දා දක්වා, උතුරැ පළාතේ සිට විකල්ප වෙබ් අඩවිය හරහා ගෙන ඒමට මේ වන විටි සියලු කටයුතු සූදානම් කර තිබේ. විශේෂයෙන් මැතිවරණයට අදාල බොහෝ සිදූවීම් අප මෙහි පළ කරන අතර විශේෂයෙන් සමාජ ජාල මාධ්‍ය සහ ජංගම දුරකථන වඩා ක්‍රියාකාරී මාධ්‍යන් ලෙස මේ සදහා විකල්ප වෙබ් අඩවිය භාවිතා කරනු ලබයි.

එම තොරතුරැ අප වෙත එවීම සදහා දුරකථන අංක දෙකක් වෙන් කර ඇති අතර ඒවා නම් 0773 938374 / 0777 248304 / 0772 719635 වේ. එයට අමතරව [email protected] / [email protected] යන ඊමේලයන් ද භාවිතා කළ හැකිය.

එසේම මෙම සියලු තොරතුරැ vikalpavoices ට්වීටය හරහා #NPE ටැග් ලයින් ය භාවිතා කරමින් සිදු කරන අතර එම මාධ්‍ය භාවිතා කරනු ලබන ඕනෑම පාඨයෙකුට #NPE මෙය ඔස්සේ ට්වීට් කිරීමෙන් ඉදිරියේදී ඒවා ගොනු ගත කිරීමෙන් තත්ත්වයන් පිළිබදව නැවත විමසා බැලීමක් සිදු කිරීමට පහසු වනු ඇත.

මෙම විශේෂ වැඩසටහන සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ක්‍රියාත්මක වේ.

*වැදගත් – ලැබෙන සහ ලබා ගන්නා තොරතුරැ ජනමාධ්‍ය මූළධර්මයන්ට, විකල්ප වෙබ් අඩවියේ මගපෙන්වීම්වලට සහ මැතිවරණ නීතියට අදාලව සිදු කර බවත්, පූර්ණ විමසා බැලීමකින් පසුව ඒවා ප්‍රසිද්ධ කරන බවත් සැලකිය යුතුය.

සංස්කාරක – විකල්ප, වෙබ් අඩවිය

####

නවතම සටහන් පහත දැක්වේ

#NPE | POST 06| 21 September 2013 | Time : 09.05AM ‘TNA ට විරැද්ධව පෝස්ටර් ව්‍යාපාරයක්’

උතුරේ ඡන්දය පැවැත්වෙන අද(21) දිනයේ යාපනය නගරයෙන් පිටත බොහෝ ස්ථානවල දෙමළ ජාතික සංධානයට සහ එහි මහ ඇමති අපේක්ෂක සී.වී. විග්නේෂ්වරම් මහතාට විරැද්ධව පෝස්ටර් ව්‍යාපාරයක් සිදු කර ඇති බව දක්නට ලැබිණි.

එම පොස්ටරයේ සදහන් වූයේ ‘දෙවතාවක් සිතා බලන්න‘, තවත් යුද්ධයකට යන්න ඔයගොල්ලන් සූදානම් ද?, දෙමළ ජාතික සංධානයට ද ඔබේ ඡන්ද ය?‘ යනුවෙන් එම පෝස්ටරයේ සදහන් විය.(පරිවර්තනයකි). එසේම තවත් පෝස්ටරයක විග්නේශ්වරම් මහතා සිය පවුලේ සාමාජිකයන් සමග සිටින පොස්ටරයක් ද අලවා ඇති අතර එහිද මෙයට සමාන අදහස් ප්‍රකාශණය විය.

මේ එම පෝස්ටරය යි

IMG_0015

යාපනය නගරය තුළ ඇතැම් ස්ථානවලද නගරයෙන් පිටත බොහෝ ස්ථානවල අලවා ඇති මෙම පෝස්ටර් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරෑපයක් සහිත සංධානයට ඡන්දය දෙන ලෙස අගවමින් පෝස්ටරයකුත් ඒ පෝස්ටර් මධ්‍ය යේම අලවා තිබීම විශේෂයකි.

DSC_0328

DSC_0332

DSC_0334

IMG_0009

IMG_0013

IMG_0015

IMG_0017

#NPE | POST 05| 20 September 2013 | Time : 09.50AM ‘උඹලට”උතුරැ පළාත් සභාව ඕනද? තමිල් ඊලම් ඕනද?‘ අසමින් තුවක්කු ඔලුවට තියලා අපිට පහර දුන්නා”

අද(20) අලුයම යාපනයේ දිස්ත්‍රික්කයෙන්, දෙමළ ජාතික සංධානයෙන් තරග කරන ආනන්දි සශිදරන් මහත්මිය රැදී සිටි , සුලිපුරම්, තොල්පුරම් ප්‍රදේශයේ නිවසට ඇතුලු වු ආයුධ සන්නද්ධ යුද හමුදා භට පිරිසක් ඇයගේ ආධාර කරැවන්ට ම්ලේච්ඡ ලෙස පහර දී ඇත. එම පහරදීමෙන් කිහිප දෙනකුටම බරපතල ලෙස තුවාල සිදුව තිබූ අතර තවත් කිහිප දෙනකුට පොලුවලින් පහර දීම නිසා බරපතල තත්ත්වයක පසුවෙයි. එම සිදුවීම සැලවී එතැනට පැමිණී පැෆරල් සංවිධානයේ සංවිධායකයෙක් වන නීතිඥ සුභාෂ් යන අයට ද එම ප්‍රහාරයට පැමිණී හමුදා පිරිස පහර දී තිබේ. එසේම එම සන්නද්ධ හමුදා පිරිස එම නිවසේ තිබූ වාහනවල ටයර් කපා ඒවාට ද හානි කර පළා ගොස් ඇත.

එම ප්‍රහාරයට සීයයකට අසන්න සන්නද්ධ භට පිරිසක් පැමිණි බවත්, නිවසට ඇතුලු වූ ඔවුන් ‘ආනන්දි කොහෙද?, ආනන්දි කොහෙද? කියා අසමින් පහර දූන් බවත් පහර කෑමට ලක් වූ ආනන්දිගේ අධාරකරැවන් පැවසීය.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ අය පැවසූවේ,

රාත්‍රී 09.30ට පමණ හමුදා භට පිරිසක් නිවස අසල රැදී සිටින බව අපි දැක්කා. පසුව දෙවන වතාවටත් 11.30ට පමණ තවත් භට පිරිසක් අප සිටි නිවස අසල සැරිසරන බව ට අපිට තොරැතුරැ ලැබුනා. ඉන්පසු එයින් දෙදෙනෙක් නිවසේ තාප්පයෙන් පැන නිවසට ඇතුලු උනා. ඊට පස්සේ අපි ඔක්කොම නිවසෙන් එළියට ආපුවහාම ඒ භට පිරිස දුවන්න ගත්තා. පසුව 12.30ට පමණ වාහන කිහිපයක් නිවසේ ඉදිරපිට වාහන නවත්වන ශබ්දයක් අපිට ඇසුනා. ටික වේලාවකින් අපි රැදී සිටි නිවස හමුදා භටයින් විසින් වටලා ඇති බව අපිට තේරැනා. එම වටලා සිටි භටයන්ගෙන් පිරිසක් නිවසේ තාප්ප මත රැදීසිටි අතර තවත් පිරිසක් නිවස තුළට ඇතැලු උනා. ඊට පස්සේ අපි බයවෙලා අපෙන් කිහිප දෙනෙක් නිවසේ සිවිලිමේ හැංගුනා. නිවස තුල සිටි අනෙක් අපේ පිරිසට ‘ආනන්දි කොහෙද?, ආනන්දි කොහෙද? කියා පොලුවලින් අපට පහර දුන්නා. සිවිලීමේ හැංගිලා හිටපු අපේ කිහිප දෙනා හමුදාව විසින් බස්සලා පොලු කැඩෙනකන් පහර දුන්නා. ඒ ආපු හමුදාවේ අය ලග කඩු පවා තිබුණා. අපිට නිවස ඇතුලේ පහර දීලා පස්සේ එළියට ඇදගෙන ඇවිල්ලා පෝලීමට තියලා පොලුවලින්, කකුල් වලින් අපිට පහර දුන්නා. ඒ වගේම අපිට ඔවුන්ගේ තුවක්කු ඔලුවට තියලා පයින් හිටන් පහර දුනා. ‘වැල්ලවත්තේ කිරැළපනේ උඹලට ඉන්න පුලුවන් නම් ඇයි අපිට මෙහේ ඉන්න බැරි, උඹලට උතුරැ පළාත් සභාව ඕනද? තමිල් ඊලම් ඕනද? එහෙම කියලා තමයි ඒ අය අපිට ගැහුවේ.

යනුවෙන් පහර කෑමට ලක්වූ ආනන්දී සශීදරන්ගේ ආධාරකරැවන් අප වෙත පැවසීය.

එසේම පහර කෑමට ලක් වූ තවත් අයෙක් පැවසූවේ ඔහුගේ යතුරැ පැදියේ ටයරය කපා, ඔහු සිය යතුරැ පැදිය ලගට ගෙන්වා කෝ යකෝ මේකේ හුලං යන්නේ නෑනේ කියලා අසමින් බරපතල ලෙස පහර දුන් බවය. තවත් අයෙක් සදහන් කළේ මගේ කොන්ඩෙන් අල්ලගෙන ගේ වටේ ඇදගෙන යමින් පහර දුන් බවය. එසේම එම පහර දීමට පැමැණී භට පිරිස නිවසේ රැදී සිටි අයගේ ජංගම දුරකථන 07ක් ද රැගෙන ගොස් ඇති බව පහර කෑමට ලක් වූවන් පැවසීය.

පහරදීමට කිසියම් පිරිසක් පැමිණෙතැයි සැක සිතු නිසා ආන්නද් සශිධරන්ගේ අධාරකරැවන් පහරදීමට ප්‍රථම ආනන්දි සශීදරන් ව ආරක්ෂක ස්ථානයකට පිටත් කර හැරීම නිසා ආනන්දිගේ ජීවිතය බේරී අති බවද ඔවුන් පැවසීය.

එම නිවසේ තීබූ වාහන වල ටයර් පිහිවලින් කපා තිබූ අයුරැ

DSC_0002

DSC_0003

DSC_0004

DSC_0005

##

#NPE | POST 04 | 19 September 2013 | Time : 04.30PM ‘අපිට ගල් ගහලා ඔවුන් දිව්වේ හමුදා කදවුරට‘ TNA අපේක්ෂක කේසවන් සාජන්දන්

සිවිල් ඇදුමින් සහ නිළ ඇදුමින් සැරසුනු හමුදා භට පිරිසක් ඊයේ(18) පස්වරැ 01.30ට පමණ චාවකච්චේරි,නාවල්කාඩ ප්‍රදේශයේ TNA අපේක්ෂක කේසවන් සාජන්දන් ඇතුලු පිරිසට තර්ජනය කර ඉන්පසු සැගවී සිටිමින් ගල් ප්‍රහාරයන් එල්ල කළ බව TNA අපේක්ෂක කේසවන් සාජන්දන් පවසයි. ගල් ප්‍රහාරයන් එල්ල කිරීමට පැමිණි එම පිරිසට පසුව හමුදාවේ මේජර් වරයෙක් ආරක්ෂාව දුන් බවත්, ගල් ප්‍රහාරය එල්ල කළ පසු ඔවුන් අසල ඇති හමුදා කදවුරට දිව ගිය බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ TNA අපේක්ෂක කේසවන් සාජන්දන්

කේසවන් සාජන්දන්(යාපනය දිස්ත්‍රික් අපේක්ෂක-TNA)
කේසවන් සාජන්දන්(යාපනය දිස්ත්‍රික් අපේක්ෂක-TNA)

මට ඊයේ හවස කෝල් එකක් ආවා. මගේ අධාරකරැවන්ගෙන්. ඔවුන් මට කිව්වවේ හමුදාව සිවිල් ඇදුමෙන් සංධානයේ අපේක්ෂකයන්ට කැම්පේන් කරනවා කියලා. මෙයට පෙරත් මිනිස්සු මේ සිවිල් ඇදුමින් සැරසිලා ඉන්න හමුදාවේ අය කියලා මට කියලා තියනවා. ඊට පස්සේ ඊයේ, මම එතනට ගියා. ගිහිල්ලා ඒ සිවිල් අදුමින් සිටි හමුදාවේ අයට මම කතා කරා. ඊට පස්සේ ඔවුන් කැඩිච්ච දෙමළෙන් කතා කරා. පස්සෙ මම කොඩිකාමම් පොලීසියට මේ සම්බන්ධයෙන් දැනුවත් කලා.

ඒ වගේම මම ඒ තැනට යනකොට ආයුධ සන්නද්ධ හමුදා නිළධාරීන් පිරිසක් මගේ ආධාරකරැවන් වට කර ගෙන හිටයා. මම කිව්වා, අපේ ආධාරකරැවන් ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරගෙන ඉන්නේ. ඒකට බාධා කරන්න එපා කියලා. මේවා ඔගොල්ලන්ගේ වැඩත් නෙවෙයි. කියලා කිව්වා. නමුත් ඒ පිරිස එතැනින් ඉවත් උනේ නෑ. පසුව මම ඒ හමුදාවේ පිරිසට කිව්වා අපි ඔයගොල්ලන්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නවා කියලා.

ඊට පස්සේ අපේ ආධාරකරැවන් එතැනින් ඉවත් කරගෙන ගියා . ඒ යන විටත් හමුදා වාහනයක් අපිව ලුහුබැදගෙන ආවා. ඊට පස්සෙ අපි අතුරැපාරවල්වලින් යන කොටත් ඒ අය අපේ පිටිපස්සෙන්ම ආවා. අපේ ආධාරකරැවන්ගේ ආරක්ෂාවට ඒ අයව කොවිල තුලට රැගෙන ගියා. ඉන් පස්සේ අපේ පිටිපස්සෙන් ආපු හමුදා වාහනයෙන් අපි ඇහුවා, ඇයි අපේ පිටිපස්සෙන් එන්නෙ කියලා. ඔවුන් කිව්වා අපි සාමාන්‍යෙයන් මුර සංචාරයේ(Patrol) යෙදෙනවා කියලා ඔවුන් කිව්වා. ඊට පස්සේ මම ඇහුවා ඇයි ඡන්ද අපේක්ෂකයෙක් පස්සේ ලුහුබදින්නේ කියලා?

ඊට පස්සේ අපි කිව්වා මගේ ප්‍රචාරක කටයුතුවලට බාධා කරන්න එපා කියලා. ඒත් ඔවුන්වත්, ඔවුන්ගේ වාහයවත් එතැනින් ඉවත් කරගත්තේ නෑ.

පස්සේ මට ප්‍රෙද්ශයේ මිනිස්සු කිව්වා හැම තැනම වගේ ආයුධ සන්නද්ධ හමුදා නිළධාරීන් සහ, සිවිල් ඇදුමින් සැරසුනු හමුදා පිරිස් ගල් තබා ගෙන තැන තැන හැංගිලා ඉන්නවා කියලා. ඊට පස්සේ මම කොඩිකාමම් පොලීසියේ ස්ථානාධිපතිට කෝල් කරලා කිව්වා, හමුදාව මේ වගේ හැසිරෙනවා කරැණාකරලා පොලීසියේ කණ්ඩායමක් එවන්න කියලා. ඊට පස්සේ ස්ථානාධිපති මට කෝල් කරලා කිව්වා, ‘දැන් හමුදාවේ වාහනය එතැනින් ඉවත්කර ගත්තා, දැන් ප්‍රශ්ණයක් නෑනේ‘‘ කියලා කිව්වා.

නමුත් වාහන එතැනින් ඉවත් කරාට ආයුද සන්නද්ධ හමුදාවත්, ගල් සහ පොල් ඇතැතිව ඉන්න හමුදාවේ සිවිල් අයත් එතැනින් ඉවත් උනේ නෑ ඒ නිසා ඉක්මනටම පොළිස් කණ්ඩායමක් එවන්න කියලා මම ආපසු පොලීසියට කිව්වා. ඊට පස්සෙ ටික වෙලාවකින් පොලීසියේ කණ්ඩායමක් ආවා.

ඒ නිසා අපිට ආරක්ෂාව ඇතැයි කියලා හිතලා අපි අපේ වාහනය හරවගෙන ආවා. ඒත් මීටර් 500ක් විතර ගිහිල්ලා බලනකොට පොලීසිය අපිට ආරක්ෂාව ට ආවේ නැති බව පෙනුනා. ඉන් පසසේ අපේ වාහනය එතනම නතරකරන කොට අපි ඉන්න තැනට ගල් ප්‍රහාරයන් එක දිගටම එන්න ගත්තා. අපේ වාහනයට ගල් ප්‍රහාරයන් නිසා බරපතල ලෙස හානි සිදු උනා. ඊට පස්සේ අපේ කණ්ඩායම වාහනෙන් බැහැලා ගල් ගහපු කණ්ඩායම එළවගෙන යනකොට ඔවුන් ඇද සිටි ටීෂර්ට් ගලවාගෙන අසල තිබුණ හමුදා කදවුරට ඇතුල් උනා.

සිවිල් ඇදුමින් සැරසී ගල් ප්‍රහාරයන් එල්ල කර පිරිස සංධානයේ අපේක්ෂකයෙකුට සහය දක්වන හමුදා පිරිස් බව අපි හදුනා ගත්තා.

ඒ වෙලාවේ එතන තිබූ යුහ 2464 දරණ හමුදා වාහනයේ සිටි මේජර් අපිට ගල් ප්‍රහාරයන් එල්ල කළ හමුදා බටයන් එම වාහනයට දමා ගෙන නැවතත් අපට තර්ජනය කළා. මේ සිදුවීමට පෙරත් මේ වාහනයම තමයි අපි ව ලුහුබැදන් ආවේ. ඊට පස්සේ පොලීසිය පැමිණි නිසා ඔවුන් අපව මග හැර ආපසු යන්න ගියා. ගල් ප්‍රහාරයන් එල්ල කරන්න ත්‍රිවීල් දෙකක් පැමිණ තිබූ අතර එම ත්‍රීවිල් අපි පොලීසියට බාර දුන්නා.

දැන් මේකෙන් අපිට වැටහෙන්නේ හමුදාව සෘජුවම මැතිවරණ කටයුතුවලට හවුල් වෙනවා. ඒ වගේම සංධානයේ අපේක්ෂකයන්ට ඔවුන් ආරක්ෂාව ද දෙමින් සිටිනවා.

හමුදාව ඒ අපේක්ෂකයන්ගේ පෝස්ටර් පවා අලවනවා. මේ සිදුවීම ගැන මම පොලීසියට නිළ වශ‍යෙන් පැමිණීල්ලක් කරේ නෑ. හේතුව මට ඔවුන් විශ්වාස නැහැ. නමුත් මම ඉදිරියේදී නීති්‍යානුකූලව පියවර ගන්නවා. ඒ වගේම ඒ පහරදීමට සම්බන්ධ උනු හමුදා නිළධාරීන් සහ සමාජිකයන් අධිකරණයට ගෙනගොස් ඔවුන්ට එරෙහිව නීති්‍යානූකූල පියවර ගන්නවා.

Lawer Sayanthan Arquing with army 590

##

#NPE | POST 03 | 19 September 2013 | Time : 02.30PM යාපනයේ ස්වාධීන කණ්ඩායම් අපෙක්ෂකයන්ට මැර ප්‍රහාරයක් | මැරයින් ත්‍රීවිල් රථයට ද ගිණි තබයි

1

2

කනගසුන්දරම් දේවරජීෆ - යාපනය ශික්ෂන රෝහලේදී - 01.45PM - 19 September 2013
කනගසුන්දරම් දේවරජීෆ – යාපනය ශික්ෂන රෝහලේදී – 01.45PM – 19 September 2013

උතුරැ පළාත් සභාව සදහා යාපනය දිස්ත්‍රික්කයෙන් තරග වදින ස්වෙච්ඡා කණ්ඩායම් 7 හි අංක 5 සහ අංක 19 යටතේ තරග කරන, පිළිවෙලින් කනගසුන්දරම් දේවරජීව්(NIC: 842791090V) සහ ස්වාමිනාධන් ප්‍රගලාදන්(NIC: 841541448V) යන අයට අද(19) අලුයම 01.30ට පමණ කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ. මෙම පහර දීම සිදු කර ඇත්තේ කයිට්ස් මාර්ගයේ, පණ්නෙයි පාලමේ, මන්ඩතිව් නාවික හමුදා කදවුර අසලදී බව එම පහරකෑමට ලක්වූ ස්වාධීන කණ්ඩායම් 07, ඡන්ද අපේක්ෂක කනගසුන්දරම් දේවරජීව් මහතා පැවසීය. එම පහරදීමට පැමිණී පිරිස විසින් ඔවුන් ගමන් කරමින් සිටි NP, AAA 9316 දරණ ත්‍රීවිල් රථයට පහර දී ගිණි තබා ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් කනගසුන්දරම් දේවරජීව් මහතාගෙන් වැඩිදුරටත් විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ,

‘‘මන්කුම්බාන් ප්‍රදේශයේ මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු නිමකරමින් යාපනයට දෙසට ආපසු පැමිණෙමින් සිටියදී මන්ඩතිව් හමුදා කදවුර පසුකර යන විට අප ගමන් කළ ත්‍රී රෝද රථයේ පසුපස කණ්නාඩියට නාදුනන පිරිසක් පහර දුන්නා. පසුව ඉදිරිපසින් පැමිණ ගල් සහ පොලුවලින් ඉදිරිපස කණ්නාඩියටත් ඔවුන් පහර දුන්නා. ඒ පහර දීමට යතුරැ පැදි 3කින් පුද්ගයින් 7දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණ සිටියා. ත්‍රීරෝද රථය තුළ සිටි ස්වාමිනාධන් ප්‍රගලාදන් ට ඇදලා ඇරගෙන පහරදෙනකොට, මම බැහැලා දුවන්න උත්සහ කරා. ඒත් මම එතැනම ඇද වැටුනා. එතකොට ගහන්න ආපු අය, මගේ කකුලෙන් අල්ලා අදිනකොට ත්‍රීවිල් එකේ කඩපු වීදූරැ කටුවල මගේ අත කැපිලා තිබුණා. ඒ ගොල්ලන්ගෙන් බේරිලා මන්ඩතිව් හමුදා කදවුර අසල දුවනකොට ත්‍රීවිල් එක ගිණි ගන්නවා අපි දැක්කා. එයාල තමයි ත්‍රීවිල් එකට ගිනි තිබ්බෙ. පස්සේ පාන්දර මම හොස්පිටල් එකට ඇතුලු උනා. මගේ අතේ තුවාලෙට මැහුම් දෙකක් දාලා තිබෙනවා. ඉන් පස්සේ අපි යාපනයේ පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණීල්ලක් කරලා තිබෙනවා. ඒ වගේම යාපනය සහකාර මැතිවරණ කොමසාරිස් අට්පුදන් මහතාට ද ලිඛ්තව පැමිණිල්ලක්ද කර තිබෙනවා.‘‘

##

#NPE | POST 02 | 18 September 2013 | Time : 01.17 PM

கிளிநொச்சி நகரமெங்கும் UPFA போஸ்டர்ஸ்
කිලිනොච්චි නගරයේ UPFA පොස්ටර් වැහිවැහැලා

கிளிநொச்சி நகரத்தில் இன்னும் தேர்தல் பிரசாரத்துக்காக போஸ்டர்கள், கட்அவுட்கள் காட்சிக்கு வைக்கப்பட்டுள்ளன. கிளிநொச்சி பொலிஸ் நிலையம் முன்பாக ஐக்கிய மக்கள் சுதந்திர முன்னணி சார்பில் இலக்கம் 5 இல் போட்டியிடும் வேட்பாளரின் போஸ்டர்கள் மின் கம்பங்களிலும் மதில் சுவர்களிலும் ஒட்டப்பட்டுள்ளன. அத்தோடு, கிளிநொச்சி மத்திய ஆரம்ப பாடசாலை முன்பாகவும் குறித்த நபரின் போஸ்டர்கள் ஒட்டப்பட்டுள்ளன.

மேலும், ஐக்கிய மக்கள் சுதந்திர முன்னணியின் சார்பில் 1, 3, 7 இலக்கங்களில் போட்டியிடும் வேட்பாளர்களின் போஸ்டர்கள் மிகப்பெரிய கட்அவுட்கள் கிளிநொச்சி நகர மத்தியில் வைக்கப்பட்டுள்ளன.

කිලිනොච්චි නගරයේ මේ වන විටත් මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශණය කර ඇති අතර ඒවා ඉවත් කිරීමට බලධාරීන්ගේ කිසිදු උනන්දුවක් නැති බව පෙනී යන්නේ කිලිනොච්චි පොලීසිය ඉදිරිපිටද එවැනි පෝස්ටර් අද වන විට දක්නට ලැබීම නිසාය. මෙම පොස්ටර් බොහොමයක් ප්‍රදර්ශණය කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සංධානයේ(UPFA) අංක 05 අපේක්ෂකයාගේ පෝස්ටර්ය. තව ද එවැන්ම UPFA අපේක්ෂකයින්ගේ පෝස්ටර් ද කිලිනොච්චි නගරයේ අද සවස වන විටත් දක්නට ලැබිණි.

Front of the Kilinochchi Primary Central School
Front of the Kilinochchi Primary Central School
Kilinochchi Town
Kilinochchi Town
Kilinochchi Town
Kilinochchi Town

විකල්ප පුරවැසි වෙබ් වෙබ් අඩවියේ මාධ්‍ය කණ්ඩායම යාපනයේ සිට..

#NPE | POST 01

පුලියංකුලම පොලීසිය ඉදිරිපිටත් UPFA පෝස්ටර් | 18 Septhember 2013 | Time : 11.45AM

A9 මාර්ගයේ පුලියංකුලම පොලීසිය, පුලියංකුලම් හිංදු විද්‍යාලය, පුලියංකුලම ප්‍රාදේශීය රෝහල සහ පුලියංකුලම නගරයේත් සෑම තැනකම එක්සත් ජනතා නිදහස් සංධානයෙන් අංක 04 යටතේ තරග වදින අපේක්ෂකයාගේ පොස්ටර් සෑම තැනම මේ වන විටත් අලවා තිබිණි. පහත පළවන එම පෝස්ටර් ඡායාරෑප ගත කරන මොහොත වන විටත් ඒවා ඉවත් කිරීමට බළධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව දක්නට ලැබිණි.

புளியங்குளம் பொலிஸ் நிலையம் முன்பாக போஸ்டர்கள் | 18 Septhember 2013 | Time : 11.45AM

A9 வீதியில் புளியங்குளம் பொலிஸ் நிலையம், புளியங்குளம் இந்து கல்லூரி, புளியங்குளம் பிரதேச வைத்தியசாலை மற்றும் புளியங்குளம் நகரம் முழுவதும் ஐக்கிய மக்கள் சுதந்திர முன்னணியில் இலக்கம் 4இல் போட்டியிடும் வேட்பாளரின் போஸ்டர்கள் ஒட்டப்பட்டுள்ளன. கீழ் தரப்பட்டுள்ள போஸ்டர்களை புகைப்படம் எடுக்கும் வரை அவற்றை அகற்றுவதற்கு அதிகாரிகள் எதுவித நடவடிக்கைகளும் எடுத்திருக்கவில்லை.

මේ දැක්වෙන්නේ පොලීසිය ඉදිරිපිට විදුලි කණුවල අලවා ඇති පෝස්ටර්ය
මේ දැක්වෙන්නේ පොලීසිය ඉදිරිපිට විදුලි කණුවල අලවා ඇති පෝස්ටර්ය
පුලියංකුලම් හිංදු විද්‍යාලය අසල
පුලියංකුලම් හිංදු විද්‍යාලය අසල
පුලියංකුලම් රෝහල අසල
පුලියංකුලම් රෝහල අසල
පුලියංකුලම් නගරයේ ඇති පෝස්ටර්
පුලියංකුලම් නගරයේ ඇති පෝස්ටර්