තොප්පිගල තොප්පිය
මෙි තොප්පිය වැටුණේ් විදුහල්පතිවරයකුට. දෙමළ විදුහලක විදුහල්පති වරයකුට. තොප්පිගල ජය සැමැරීමට සෑම පාසැලකම උත්සව සංවිධානය කළ යුතු බවට අධ්‍යපන අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර තිබුණා. එහි කියා තිබුණේ කැවුම් කිරිබත් සංග්‍රහයක් ද ඊට ඇතුළත් කරන ලෙස යි.
දෙමළ ජනයාගේ උත්සව පැවැත්වෙන්නේ කැවුම් කිරිබත් සමඟ නොවන නිසා විදුහල්පතිවරයා සංග්‍රහය ගැන උනන්දු වුණේ් නැහැ. අනෙත් අතට දෙමළ ජනයා ලක්ෂ ගණනින් සරණාගත වී තිබිය දී උත්සව පවත්වන්නේ කෙසේදැයි යන උභතොකෝටිකයට මැදි වූ විදුහල්පතිවරයා උත්සවය පැවැත්වූයේත් නැහැ.
පාසැලේ කව්රු හරි මෙය කේළමක් කොට ඉහළ තැන්වලට කිව්වා. ඒ නිසාම අධ්‍යපන අමාත්‍යාංශය මේ පිළිබඳව විශේෂ කට උත්තරයක් විදුහල්පතිවරයාගෙන් ගත්තා. ඔහු තමන් හිතන විදිය ඒ විදියටම සිය ප්‍රකාශයේ සදහන් කළා.
දැන් මේ දුප්පත් දෙමළ පාසැල සංවර්ධනය කිරීමට හුගාක් වෙහෙස වූ මෙම විදුහල්පතිවරයා දඩුවම් මාරුව එනතුරු බලාගෙන සිටිනවා. පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රීවරුන් ද පලාත් සභාව තුළම ඔහුට විරුද්ධව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
මේ පැසැල තියෙන්නේ වයඹ පළාතේ. දුප්පත්ම පාසැලක්. පළමු වතාවට උසස් පෙළ සමර්ථයක් ලැබුණේ ගිය වසරේ. පාසැලේ නම ලීවොත් දඩුවම් මාරුව වෙනුවට ඊටත් වඩා දඩුවමක් ලැබෙන්න තියෙන නිසා පාසැලේ නම නොලියා ඉන්න ඔබෙන් අවසර ඉල්ලනවා.
මෙත්සිරි වඩුගේ
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008
sam said,
It doesn’t matter if that is Sinhala or Tamil, poor or rich, government servants (or any employee) suppose to follow orders (even they are not perfect). If they have any practical issues doing so, there are established procedures how to handle it. All he had to do was send a mail stating, he don’t have enough resources to handle such event. Good lesson for him.
RSS feed for comments on this post · TrackBack URI


