ජනමාධ්‍ය ක්ලේමෝ - අයිඩියල් ලොජ්
ජනමාධ්‍ය ක්ලේමෝ - අයිඩියල් ලොජ්
දිනය පසුගිය 14 බදාදා. පොලිස් බුද්ධි අංශය වැල්ලවත්තේ අයිඩියල් ලැගුම්හලෙහි හි තිබී ක්ලේ සහ තවත් පුපරණ ද්‍රව්‍ය සොයා ගත් බව සිංහල පුවත්පත් වාර්තා කළේ ය.
ලැගුම්හලෙහි හි සිටි දෙමළ ජනයා කොළඹින් බලයෙන් පිටමං කිරීමට දැරූ අසාර්ථක උත්සාහයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි පෙත්සමි ගොනු කල දෙමළ ජාතිකයින් හත් දෙනෙකුම නවාතැන් ගෙන සිටින්නේ මෙම අයිඩියල් ලැගුම්හලෙහි ය. හිමිකරු ද ඉන් එක් පෙත්සම්කරුවෙකි.
මෙම ලැගුම්හල්හි හි දීර්ග කලක් සිටින යාපන වැසියන්ගේ දුෂ්කරතා සහ අපේක්ෂා පිලිබද ලිපියක් ඊට පෙරදා ඬේලි මිරර් පුවත්පතෙහි පළව තිබණි.
නමුත් කිසිදු සිංහල පුවත්පතක් මෙම බෝමබ සොයා ගත් ස්ථානයේ රුදී සිටින එම පෙත්සම්කරුවන් ගැන වචනයක්වත් ලීවේ නැත.
”වැල්ලවත්තේ ලැගුම්හලකින් බෝම්බ මල්ලක් අල්ලයි. පොලීසිය එන්න විනාඩි 10කට කලින් කොටියා පැන ගිහින්” යන ශිර්ෂ පාඨයෙන් ලංකාදිප ය කෙලින්ම මෙම බෝම්බ එල්ටීටීටඊ ය මත පැවරීය. ” කොටි ත‍්‍රස්තවාදියකු විසින් වැල්ලවත්තේ .. .” යනාදී වශයෙන් එය වාර්තාව ආරම්භ කර තිබුණි.
”වැල්ලවත්තේ ක්ලේමෝ තුනක් සමඟ බෝම්බ තුනක් - කොටි සමාජිකයාගේ ගමන් මල්ලේ තිබී සොයා ගනී.” යන ශිර්ෂය යෙදු ලක්බිම පුවත්පත ද මෙම ක්ලේමෝ එල්ටීටීඊ ගිනුමට ම බැර කලේ ය. තවදුරටත් එය මෙසේ කීය. ”කොළඹ දී පුපුරුවා හැර විනාශයක් කිරීමේ අරමුණින් කොටි සමාජිකයකු විසින් ගෙන එන ලද කිලෝ 15කට ආසන්න බරුති ක්ලේමෝ දෙකක් රාජ්‍ය බුද්ධි තොරතුරු කාර්යාංශය විසින් ඊයේ සොයාගෙන ඇත.”
”වැල්ලවත්තේ ලැගුම්හලක අධිබල ක්ලේමෝ 2ක් .” යන ශිර්ෂය දුන් දිනමිණ ”කොළඹ නගරය තුළ මහා මිනිස් ඝාතනයක් සිදු කිරීම සඳහා වැල්ලවත්තේ නවාතැන් පොළක කාමරයක් තුළ සඟවා තැබූ ” යනාදී වශයෙන් එය සිය වාර්තාවට මහා මිනිස් ඝාතනයක් සඳහා සඟවා තැබු යන වචන එක් කලේ ය.
”වැල්ලවත්තේ ලැගුමිහලක අධිබලැති බෝම්බ දෙකක් ” යන ශිර්ෂය දුන් දිවයින බොම්බවල බර ශිරීෂපාඨයේ කොටසක් ලෙස ඉදිරිපත් කලේ ය.
මෙම පුවත්පත් හතරම මෙම බෝම්බ එල්ටීටීඊ ය විසින් ගෙනෙන්නට ඇති බව වාර්තා කලේ කිසිදු මුලාශ‍්‍රයක් නැතිව ය. ස්වකිය වාර්තා සඳහා විවිධ පුවත්පත් පොලීසියේ විවිධ ඒකක මුලාශ‍්‍රකරගෙන තිබුනේ කිසිදු නිලධාරියකුගේ නමක් නැතිව එනම් නිර්නාමිකව ය.
පුවත්පත් හතරේ වාර්තා අතර කැපී පෙනෙන වෙනස්කම් තිබුනි.
ලංකාදීපය කියන්නේ මෙම මල්ල රුගෙන ආ පුද්ගලයා බැහැර ගොස් යළි පැමිණ හැදුනුම්පතෙහි ජායා පිටපතක් රුගෙන එන බව කියා යළි පිටව ගිය බව යි. දිනමිණ කියන්නේ සැකකරු උදෑසන පිටත ගිය පසු යළි නොපැමිනි බව යි. ලක්බිම කියන්නේ බැහැර ගොස් යළි පැමිණ දිවා ආහාරය ගැනීමට පිටත ගොස් යළි නොපැමිණි බව යි. දිවයින කියන්නේ වරක් බැහැර ගිය එම පුද්ගලයා යළි නොපැමිණි බව යි.
හමු වු පුපුරණ ද්‍රව්‍ය ද පුවත්පතින් පවත්පතට අනුව වෙනස් ය. ලංකාදීපයට අනුව ක්ලේ මෝ 2 කි. එකක් කිලෝ 10 කි. අනෙක කිලෝ 04 කි. ග්‍රෙනේඞ් 3 කි. ඩෙටනේටර් 2 කි. සයනයිඞ් කරළ කි. දිනමිණට අනුව ක්ලේ මෝ 2 කි. එකක් කිලෝ 09 කි. අනෙක කිලෝ 05 කි. ග්‍රෙනේඞ් 3 කි. ඩෙටනේටර් 1 කි. ලක්බිමට ක්ලේ මෝ 2 කි. එකක් කිලෝ 10 කි. අනෙක කිලෝ 04 කි. ග්‍රෙනේඞ් 3 කි. ඩෙටනේටර් 2 කි. දිවයිනට අනුව ක්ලේ මෝ 2 කි. එකක් කිලෝ 12.5 කි. අනෙක කිලෝ 05 කි. ග්‍රෙනේඞ් 3 කි. ඩෙටනේටර් 1 කි.
ලංකාදීප පුවත්පත මෙම සැකකරුගේ නම වඩුවේල්් රාජකුමාර් යැයි නම් කලේ ය. නිර්නාමකව පොලීසිය උූපුටා දක්වන එම පුවත්පත කියා සිටින්නේ එම පුද්ගලයා තවත් අයකු සමග වව්නියාවේ සිට පෙරදා පැමිණ ඇති බව යි. එමෙන්ම ලංකාදීපයට අනුව මෙම බෝම්බ සොයා ගනු ලැබුවේ එම පුද්ගලයා බෝම්බ රුගෙන පැමිණ වැල්ලවත්ත ලැගුම් හලක නැවති සිටින බවට ලැබුණු තොරතුරක් අනුව බව යි. එය තව දුරටත් කියන්නේ මෙම බෝම්බ ගෙනෙන්නට ඇත්තේ වෙන් අයෙකුට බාර දීම සඳහා බව ය. මෙම තොරතුරු වෙනත් කිසිම පුවත්පතක නැත.
නිර්නාමිකව පොලීසිය ම උපුටා දක්වන ලක්බිම කියන්නේ වෙනම කතාවකි. ඊට අනුව රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් එහි ගොස් ඇත්තේ ලැගුම්හලෙහි කොටි පිස්තෝලකරුවන් හය දෙනෙකු සිටින බව ට සිය ඔත්තුකරුවකු විසින් දුන් තොරතුරකට අනුව ය. (මතක තබාගන්න, මානවහිමිකම් පෙත්සම්කරුවන් හත් දෙනෙකුම සිටියේ එහි ය. ඔත්තුකරුට හෝ වාර්තාකරුට ගණන වැරදුනාවත් ද !!* ඒ අනුව එහි ගිය බුද්ධි අංශ නිලධාරීන්ට මෙම බොම්බ මල්ල ගැන කියා ඇත්තේ ලැගුම්හල් හිමිකරු ය. පුවත්පත් කියන්නේ එම නිලධාරීන් තමන් ආ කාරිය නොදන්වා ගමන් මල්ල පරීක්ෂාවට ලක්කල බව යි. (අනතුරුව කොටි පිස්තෝලකරුවන් හය දෙනා සෙවීම අතහැර දැමූ සෙයකි !! ඒ ගැන තිසිවක් නැත* මෙම තොතරතුරු ද වෙනත් කිසිම පුවත් පතක නැත.
දිනමිණ පුවත්පත කියන්නේ මෙම බෝම්බ සොයා ගත්තේ ලැගුම්හල් හිමිකරු දුන් තොරතුරු අනුව බව යි. දිනමිණ වාරිතාව මෙසේ ද කි යයි: ” මේ අතර මෙම ලොජ් පොලීසිය විසින් නිතර පරීක්ෂා කිරිමට එරෙහිව ලොජ් හි පදංචිකරුවන් විසින් වැල්ලවත්ත පොලීසියට එරෙහිව මානව හිමිකම් නඩු පවරා ඇති බවත් වාර්තා විය. ” (ඇත්ත කතාව නම් නඩු පවරා ඇත්තේ බලයෙන් පිටමං කිරීමට එරෙහිව බව ය*
දිවයින වාර්තා කලේ ද මෙම බෝම්බ සොයා ගැනුනේ ලැගුම්හල් හිමිකරුගේ තොරතුරු අනුව බව යි. පුවත සම්බන්ධයෙන් ආරක්ෂ නිලධාරියකු මුලාශ‍්‍ර කර තිබුනේ දිවයින පමනක් වන අතර ඔහු කියා තිබුනේ කොළඹ ලොජ්වල එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් සහ අනුබල සපයන ද්‍රවිඩ ජාතිකයින් සිටින බව මෙයින් තහවුරුවන බව යි. (බලයෙන් පිටමං කිරීම සැලසුම් කෙරුනේ එම මතය අනුවය !! *
මම කතා හතරෙන් සත්‍ය කතාව කුමක්ද? කර්තෘ සංසදයේ ප‍්‍රධානීන්ට සත්‍ය කතාව කුමක්දැයි අපට පහදා දිය හැකි ද?
අගොස්තු 26 සති අන්ත රාවය පුවත්පතට ගවේශනාත්මක ලිපියක් ලියූ ජනරංජන පෙන්වා දුන්නේ මෙම පුද්ගලයා සිය හැදුනම්පත ලැගුම්හල් හිමිකරුට පෙන්වා ඇති අතර එහි නම ශක්ති වඩිවේල් රාජ් කුමාර් බව යි. එහි අංකය 770813832ඪ ය. මෙම හැදුනුම්පත 2006 ඔක්තෝබර් 23 දින වව්නියාවේ දී අතුරුදහන් වූ ත‍්‍රිරෝද රථ රියදුරකුට බව යි.
ජනරංජන ද පෙන්වා දෙන පරිදි ඇත්ත වශයෙන්ම නම් සිදුව තිබුනේ ලැගුම්හල් හිමිකරු වැල්ලවත්ත පොලිසියට දුරකථන ඇමතුම දී හමාර විමටත් පෙර පැමිණි වෙනත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම බොම්බ මල්ල සොයා ගැනීම යි.
ලංකාදීපය සහ ලක්බිම සහමුලින්ම එකිනෙකට පටහැනි කතා දෙකක් විස්තර ඇතිව පළකලේ එම පුවත වසා ගැනීමට ය. එම පුවත් දෙකට ම අනුව බොම්බ සොයා ගත්තේ වැල්වත්ත පොලීසීය විසින් නොවේ. (ලක්ෂ ගනනාවක තෑග්ග යන්නේ කාටද? යැයි සොයා බැලීම වැදගත් විය හැක*
මෙම පුවත්පත් කිසිවක් ලැගුම්හල් හිමිකරු හෝ එහි නතර වි සිටි කවරකුගෙන් හෝ කිසිදු තොරතුරක් ලබා ගැනීමට උත්සාහ කර තිබුනේ නැත. ඔව්න් කර තිබුනේ පොලීසිය දුන් තොරතුරු රස කර ලිවීම මිස පරීක්ෂා කර හරි වැරදි බලා ලිවීම නොවේ. සත්‍ය මිස වෙනකක් නොලියන බවට ගිවිස සිටින ජනමාධ්‍යවේදීන් විසින් පුවත්පත් හතරෙහි එකිනෙකට පරස්පර තොරතුරු ලියා තිබෙන්නේ එනිසා ය. බොරුවක් සොයා ගැනීමට ඇති සරළ ක‍්‍රමයක් වන්නේ කිහිප දෙනෙකුගෙන්ම වෙනම වෙනම අසා සංසන්දනය කිරිමයි. සිංහල පුවත්පත්හි මෙම වාර්තාකරණය එම පරීක්ෂනයෙන් මුල් වටයේ දීම අසමත් වෙයි.
මෙම බෝම්බ මල්ල අරභයා මානව හිමිකම් නඩු පවරා තිබූ දෙමළ ජාතිකයින් දෙනෛකු ද අත් අඩංගුවට ගැනුනි. ලැගුම්හල් හිමිකරුට පොලීසිය විසින් කීවේ අමුතු කතාවකි. එනම් පවරන ලද නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙස ය. මේ බව කලින්ම පා.ම. මනෝ ගනේශන් පෙන්වා දුන් අතර ජනරංජන ද ස්ථිර කරයි. බොම්බ මල්ල අන්තිමේදී නඩුව ඉල්ලා අස්කර ගැනීමට බල කැරෙන මාධ්‍යක් බවට පත් විය.
ඊට පසුදා සිවිල් නිරීක්ෂන කමිටුවේ ප‍්‍රධානි පා.ම. මනෝ ගනේෂන් මෙම බොම්බ එහි තැබුවේ කව්රන් විසින්ද යන්න සැක සහිත බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කලේ ය. පාර්ලිමේන්තු විපක්ෂයේ ප‍්‍රකාශක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිවේ මෙම බෝම්බ සි්්ද්ධිය මානව හිමිකමි පෙත්සම්කරුවන් බිය ගැන්වීමට කළ සැළසුමක් දැයි සාධාරණ සැකයක් ඇති වන බව ය. ඔහු ද කියා සිටියේ අත් අඩංගුවට ගත් පෙත්සම්කරුවන්ට පොලීසිය අයුතු බලපෑමි කර ඇති බව යි.
පුදුමය නම් මනෝ ගනේෂන් හෝ ලක්ෂ්මන් කිරිඇල්ල හෝ කළ කරුනු දැක්වීම් කිසිදු සිංහල පුවත්පතක් විසින් ඊට පසු දා වාර්තා නොකිරිමයි. මෙම බොම්බ සිද්ධිය ගැන කිසිදු පසු විපරමක් වාර්තා නොකළ සිංහල පුවත්පත් එම සිදුවීම බරපතල සැකයකට භාජනය කළ ප‍්‍රකාශ දෙකම නිහඩතාවයේ කුමංත‍්‍රණය මගින් යටපත් කර දමනු ලැබී ය.
ඉදින් කර්තෘ සංසදයේ ජනමාධ්‍ය ආචාර ධර්ම ගැන කුමණ කතාද?
සුනන්ද දේශප‍්‍රිය
Last 5 posts by Vikalpa Admin
- Interview with train bomb victim - May 27th, 2008
- Citizen reports of election violence and malpractices in the Eastern Province - May 5th, 2008
- Scheduled downtime for Vikalpa - April 9th, 2008
- Launch of Citizen Journalism Video Channel in Sri Lanka - Vikalpa YouTube Video - January 9th, 2008
- Video of slain UNP MP T. Maheswaran's funeral in Colombo - January 4th, 2008


