මිකා
මිකා 5 වසරේ ඉඳන් මාත් එක්ක එකට හිටපු මගේ යාළුවෙක්. අපි දෙන්නම 2007 දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිනවා. එයා දෙමළ මාධ්‍යයෙන්. මම සිංහල මාධ්‍යයෙන්. අපි දෙන්නම කතා බහ කර ගන්නේ ඉංග්‍රීසියෙන්. මම කුරුණෑගල ජනප්‍රිය පාසලකට ගියත් මිකා තාමත් යන්නේ ගමේ ඉස්කොලෙට. ඒකට හේතුව තමයි කුරුණෑගල නගරාසන්නයේ ජනප්‍රිය හෝ ජාතික පාසල් වල දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීම් කෙරෙන්නේ නැති වීම. ඒ වගේම ඉංග්‍රිසි සිංහල හැර වෙනත් එකම විෂයකටවත් ඇයට අපට වගේ ප්‍රසිද්ධ අමතර පංති වලට ගිහින් පුළුල් දැනුමක් ලබා ගන්න හැකියාවක් නැහැ. මොකද කුරුණෑගල නගරයේ විශාල පරිමාණයේ එකදු අමතර ගණිත පංතියක්වත් දෙමළ මාධ්‍යයෙන් පවත්වන්නේ නැහැ. ඒ නිසා මිකාට සිදු වෙනවා අමතර ඉගෙනීමක් ලබා ගැනීමට අවශ්‍ය නම් පෞද්ගලිකව ගුරුවරයෙකු වෙත ගොස් වැඩිපුර මුදල් ගෙවා ඉගෙන ගැනීමට. ඔවුන්ගේ පවුලට ඒ හැකියාව නැහි. ඒ නිසා සම කණ්ඩායම් අතර පවතින අධ්‍යාපනික තරඟයට ඇතුල් වීමට ඇයට නොහැකි වෙනවා.
උදා මැණිකේ
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


