දූෂනයේ කතා හෙවත් වෛද්‍ය වෘත්තියේ විශ්වසනීයත්වය බිද වැටීම
පුරවැසි සටහන්
අහවල් රෝහලේ ඔසුසළක් තියෙනවා. රෝගීන් මුදල් දී ඖෂධ ගත යුත්තේ එතැනින්. නමුත් ඔසුසළේ අක්ෂි කාච විකුනන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා (නමක් දිනූ අයෙක්) සිය ඥාතියකු හරහා ඒ ලඟම පාමාසියක් පවත්වා ගෙන යනවා. ඔහු සියළු රෝගීන්ට කාච ගැනීමට ලියන්නේ එතැනින්. එහි කාචයක මිල ඔසුසලට වඩා රුපියල් 3000ක් විතර වැඩි යි. සාමාන්‍යයෙන් දවසකට රෝගීන් 40 දෙනෛකගේ පමණ අක්ෂි ශල්‍ය කර්ම කෙරෙනවා එම රෝහලේ. සතියට දවස් හතරයි ශල්‍ය කර්ම කෙරෙන්නේ. එතකොට 160යි.
ඉන් 60 දෙනෙකුම ආණ්ඩුවේ හෝ වෙනත් ආයතනයක අය යැයි සිතමු. ඔවුන්ට ආයතනයෙන් කාච ලබා දෙනවා. ඉතිරි සියදෙනාගෙන් ශ=ද්ධ ලාබය 3000 X 100 = 300,000. ඒ කියන්නේ සතියකට ලක්ෂ 3යි.
ඔය කතා මට ඇහුනේ වාහනයක දී. දන්නා කියන දෙතුන් දෙනෙක් බර කතාවක වැටිල උන්නා. කතා ඇතිවුනේ නම් ගම් ඇතිව. ඒත් මේ කතා හරියටම හරිදැයි සෙවීමට අවස්ථාවක් නොලැබුණ නිසා මා ලියන්නේ නම් ගම් නැතිව යි. සාමාන්‍යයෙන් මේ කතා කොයි රෝහලෙත් අහන්න ලැඛෙනවා. සාමාන්‍යයෙන් ඒවා ඇත්ත. ඔවුන් මෙහෙමත් කිවිව: —දවසක් විශේෂඥ වෛද්‍යවරයෙක් අපේ ඥාතියකුට පිළිකා ඹෟෂධයක් නියම කරා. පාමසියට ගිහින් බැලූවාම මිල රුපියල් 1,300යි. පාමසි හිමියා අදුනන නිසා කිව්වා මේක ගන්න එපා, මහරගම පිළිකා රෝහලට ගන්න වර්ගයෙන් ගන්න මිල අඩුයි කියලා. දන්නවද එහි මිල රුපියල් 300 යි. හවසට වැනල් විශේෂඥයින් හමුවෙන්න එන ඹෟෂධ සමාගම් නියෝජිතයින් බලන්න ගියොත් මේ වැඩි මිල ඛෙහෙත් ලියන හේතුව දැන ගන්න පුළුවන්. අපි කලින් කියපු රොහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිවාස හදල දෙන්න වෙනම ඹෟෂධ සමාගමක් තියෙනවා. වැසිකිලි හදල දෙන වෙනම ඹෟෂධ සමාගමක් තියෙනවා. ඒ විතරක් නොවෙයි, දැන් ඛෙහෙත් ගන්න ගියාම අහනවා අතින්ද ගෙවන්නෙ රක්ෂණ සමාගමෙන්ද කියලා. දන්නවද ඇයි කියළා. ගෙවන්නේ රක්ෂන සමාගමෙන් නම් ගාණ වැඩිපුර
ලියනවා.
ඕස්ටේ්‍රලියාවට යෑමට වෛද්‍ය සහතිකයක් ගැනීමට ගිය සිය ඥතියකු රෝහලේ වරදින් මිය ගිය සැටිත්, හිටපු ජනමාධ්‍ය ඇමැති ධර්මසිරි සේනානායක මහතාගේ මරණය පවා රොහලේ නොසැලකිල්ල නිසා සිදුවු බවත් එවැනි සිදුවීමි ගණනාවක් සදහන් කරමින් කතාවෙනු අසා සිටියෙමි. ඉඩමක් විකුනා හෝ ශල්‍යකර්මය කර ගන්නට යැයි රෝගීන් දිරිමත් කළ ශල්‍ය වෛද්‍යවරයකු ගැන දැන සිටි සහ ඥති දියණියක රෝහලේ නොසැළකිල්ල නිසා මිය ගිය අත්දැකීමක් ඇති නිසා මේ කතා විශ්වාස නොකරන්නට මට හේතුවක් තිබුනේ නැත.
පුද්ගලීකරණය කරන ලද වෛද්‍ය වෘත්තිය බල්ලන් මරා හෝ ආදායමක් උපදවන තත්ත්වයට වැටෙමින් පවතින්නේ ද? අපි මෙඩ්කල් කොලෙAජ් එකේ දී ප්‍රයිවෙට් පැක්ටිස්වලට (පී.පී) බැණ බැණ හිටියේ. ඒත් දැන් අපි දෙන්නාම වැඩ ඇරිලා දුවන්නේ පී.පී එකට යැයි සතියකට පෙර මට කීයේ සමාජීය කැපවීමක් ඇති තරුණ වෛද්‍යවරියකි. නැත්න්ම ජීවත්වෙන්න බෑ යැයි ද ඇය කීය. පසුගිය සතියේ මා රාවයට ලියූ පරිදි සිසිල්චන්ද්‍ර බේරා ගැනීමට ඉඩ තිබූ එන්නත සොයා ගැනීමට බලපිටිය රෝහලට දෙපැයක් ගතවිය. මර්ජ් ව්‍යාපාරයේ ප්‍රධානියා සහ මෙරට මානව හිමිකම් ව්‍යාපාරයේ අද්ව්තීය වරිතයක් වූ වාල්ස් අබේසේකරට කෘතිම ශ්වසනය දීමට අවශ්‍ය යන්ත්‍රයක් මහ රෝහලේ බාහිර රෝගී අංශයට සොයා ගැනීමට නොහැකි විය. ඔහු අපේ ඇස් ඉදිරිපිට ම මිය ගියේ ය. අපේ දෙවැනි දියණිය ශළ්‍යකර්මයකින් ජනිත කළ පසු මව අධික රුධිර වහනයකට ගොදුරු වී මරණාසන්න විය. අනතුරුදායක දෙවැනි ශල්‍ය කර්මයට ඇය භාජනය කිරීමට තීරණය වූ නමුත් රුධිර වහනයට හේතුව මැහුම් දැමීමේ දුර්වලතාවයක් බව සොයා ගැනීමෙන් ඇගේ ජිවිතය බේරුනි. ඒ අප දන්නා හදුනන වෛද්‍යවරුන් මහා රුයේ අපට උදව් කල නිසා ය.
ඇය සමඟ රෝහල් ගත කළ රුධ්ර වහනයට ගොදුරුවූ පොල්පිතිගම මවක් එදිිනම මිය ගියා ය. (වෛද්‍යවරුන් විසින් බේරා ගන්නා ජීවිත පිලිබඳව ද එවැනිම විස්තර කතා අප නිරන්තරයෙන් අසන බව ද සදහන් කළ යුතු ය) වෛද්‍ය සේවය පිලිබඳ නිශේධනීය අත්දැකීම් ලියැන්නැයි අප ආරාධනය කලහොත් ඇති තරම් කතා ඇසෙන්නට ලැඛෙනවා නිසැක ය. ඒ කතා සියල්ල සත්‍ය නොවනු ඇත. නමුත් ඒ විසින් පෙන්නුම් කරන්නේ බරපතල විශ්වාසය බිඳ වැටීමකි. වාහනයේදී මා ඇසූ කතාද මේ
විශ්වාසය බිඳ වැටිමේ ලකුණු ය.
ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය කි්‍රයාකාරීන් වන අප අතර නිරන්තරයෙන් කතාබහ වන එක් ප්‍රශ්නයක් නම් විශ්වසනීයත්වය රැක ගැනීමයි. ජනමාධ්‍ය භාවිතය නිරීක්ෂනය සහ විවේචනය අද ජනමාධ්‍ය ප්‍රජාව විසින්ම දිරිමත් කැරෙන ක්‍රියා දාමයකි. පොයින්ටර් ආයතනය වැනි ප්‍රබල ආයතන සිය කාරිය ලෙස සළකන්නේ ආචාරධර්මීය ජනමාධ්‍ය භාවිතය පිළිබද අනවරතයෙන් ගැඹුරු සාකච්ජාවක් ඇති කිරිම යි.
විවිධාකාර ස්වයං පාලන යාන්ත්‍රණයන් ජනමාධ්‍ය විසින් ම පවත්වා ගනු ලැඛෙන්නේද එනිසා ය. මහාජනයාට ජනමාධ්‍ය පිළිබද පැමිණිලි කිරීමට මෙම ආයතන රටා නිසා හැකියාව ලැබේ. ඇත්තවශයෙන්ම නම් වෛද්‍ය සභාවක් විසින් ම ජනමාධ්‍ය වෙනුවෙන් සකස් කරන ලද වාර්තා කරණ මඟපෙන්වීමි රාමුවක් ද මෙරට තිබේ. වෛද්‍යවරුන් සඳහා ද එවැනි රාමුවක් නැතිවෙන්නට ඉඩක් නැත. නමුත් එවැනි සාකච්ජාවක් නම් අසන්නට ලැබුණු දවසක්වත් නැත. සමාජීය කැපවීමකින් යුතු යහපත් වෛද්‍යවරු සිටින
නමුත් ඔව්න්ගේ හඩ යටපත්ව ඇත්තේ මන්ද? සාධාරණය සහ අසාධාරණය අතර නිහඩතාවය යනු අසාධාරණයට ජයපැන් වැඩීමක්ම ය.
මුදල් ලැඛෙන්නේ නම් ආචාර ධර්මීය පැවැත්මක් මොකටදැයි අසන අයද සිටිති. පසුගිය සතියේ සාදයක දී හමුවූ ජනමාධ්‍යවේදියකු කිවේ අලෙවිය ඉහළ යන නිසා යහපත් ජනමාධ්‍යක් ගැන හෝ ආචාර ධර්මීය භාවිතයක් ගැන හෝ සිය පුවත්පතෙහි කතා කිරිමට
බැරි බව ය. අනෙක් වෘත්තීන්හිද එවැනි මතවාද නැතිවිය නොහැකි ය. සදාචාරවත් වෛද්‍ය වෘත්තියක් සහ ඖෂධ ප්‍රතිපත්තියක් උදෙසා පෙනී සිටි වෛද්‍ය සේනක බිබිලේ මරා දමන ලද්දේ ඖෂධ ජාවාරම්කරුවන් විසින්ය යන චෝදනාව සත්‍යයක් විය හැකි
යැයි සිතෙන්නේ අද මෙරට පවා වෛද්‍ය වෘත්තිය කෙරෙහි මහා පරිමාණ ඖෂධ ජාවාරම්කරුවන් සතු බලපෑම පෙනෙන විට ය.
පිරීහී ඇත්තේ දේශපාලනය පමණක් නොවේ. උඩ සිට පහළටම දූෂනය සහ පිරිහීම ඉවවහා ගොසිනි. අපේ වාහනයේ කතා වූ අනෙක් කතා පසු දවසක ලිවීමට සිතෙන තරමටම ජුගුප්සා ජනක ය.
සුනන්ද දේශප්‍රිය
Last 5 posts by Vikalpa Admin
- Interview with train bomb victim - May 27th, 2008
- Citizen reports of election violence and malpractices in the Eastern Province - May 5th, 2008
- Scheduled downtime for Vikalpa - April 9th, 2008
- Launch of Citizen Journalism Video Channel in Sri Lanka - Vikalpa YouTube Video - January 9th, 2008
- Video of slain UNP MP T. Maheswaran's funeral in Colombo - January 4th, 2008
groundviews » Another face of corruption - The breakdown of the medical profession said,
[…] I ask what can be done in this situation to address this growth of corrupt practices. Please read my article in full, in Sinhala, here or download it as a PDF here. […]
RSS feed for comments on this post · TrackBack URI


